අංකය ගළපා ආදරය ජයගන්න

නොවැම්බර් 3, 2023

සමහර විට ඔවුන් අධ්‍යාපන මට්ටම් දෙකකය.මෙවැනි විෂම වු දෙදනකු විවාහ වු පසු ගමන් කළ යුත්තේ එකම අරමුණකය. අරමුන දෙස බැලිය යුත්තේ එකම ඇසකිනි.එවිට ඉලක්කය ජයගත හැකිය.නමුත් වර්තමාන සමාජයේ මේ තත්වය ගැන වැඩිපුරම අසන්න ලැබෙන්නේ කනගාටුදායක කාරණාය.

විවාහය වූ කලී මනුෂ්‍යය ජීවිතයේ සන්ධිස්ථානමය අතින් ඉතා වැදගත් තැනක් හිමිකරගන්නකි. මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට අද දක්වාත් අනාගතයේදීත් ගැහැනියක පිරිමියකු එක්ව පවුල් ජීවිතයක් ගත කිරිම අත්‍යවශ්‍ය හැසිරීම් රටාවක් බවට පත්ව තිබේ. සමහරු ආදරය කර විවාහ වෙති. තවත් පිරිසක් සොයාබලා සහකරු හෝ සහකාරිය තෝරා ගනිති. විවාහ ජීවිතයට ඇතුළත් නොවී දිවි ගෙවන ඉතා සුළු පිරිසක් ද සමාජයේ ඉදහිට දක්නට ලැබේ. බොහෝවිට විවාහ කටයුතු සිදුවන්නේ තමන්ට ගැළපෙන සහකරුවකු හෝ සහකාරියක සමඟය.

සමහර තෝරා ගැනීමක් මුදල් හෝ රූපය මත වේ. තවත් අවස්ථාවක අධ්‍යාපනය හෝ රැකියාව මත වේ. වර්තමානයේ එතරම් නොසැලකුවත් සමහර පළාත්වල දක්නට ලැබෙන පරිදි තමන්ගේ කුලය සහ පරම්පරාවේ තත්ත්වයද සමහර විවාහ ගැළපීම් සඳහා මූලිකත්වය ගනී. නමුත් ආබාධ සහිත වූවන්ටත් සහ ආර්ථිකමය දුෂ්කරතාවල සිටින අයටත් සිකුරා ලබලා පින පෑදුණු අවස්ථා නැතුවාම නොවේ.

කරුණු එසේ වෙතත් විවාහ ජීවිතය නොයෙක් ආකාරයෙන් අර්ථකථනය කළත් එහිදි අප බලාපොරොත්තු වන පොදු කාරණාවක් තිබේ. ඒ සාර්ථක ප්‍රීතිමත් විවාහ ජිවිතයක් ගත කිරිමයි. එහෙත් ඒ සඳහා පාදක වන කරුණු කාරණා රැසක් තිබේ. ජීව විද්‍යාත්මකව සැලකුවත් මනෝවිද්‍යාත්මකව සැලකුවත් විවාහ ජීවිතයකට ඇතුළත් වන දෙදෙනා දෙදෙනකි. එකිනෙකාගේ සිතුවිලි, අරමුණු, ක්‍රියාශීලි බව, ලිංගිකත්වය අධ්‍යාත්මික ස්වභාවය, ආදරය බලාපොරොත්තු වන ආකාරය, ආදරය ලබා දෙන ආකාරය ආදි කරුණු එකිනෙකට වෙනස්ය. සමහර විට ඔහුන් අධ්‍යාපන මට්ටම් දෙකකය. මෙවැනි විෂම වු දෙදනකු විවාහ වු පසු ගමන් කළ යුත්තේ එකම අරමුණකය. අරමුණ දෙස බැලිය යුත්තේ එකම ඇසකිනි. එවිට ඉලක්කය ජයගත හැකිය. නමුත් වර්තමාන සමාජයේ මේ තත්වය ගැන වැඩිපුරම අසන්න ලැබෙන්නේ කනගාටුදායක කාරණාය.දික්කසාද නඩුවලින් උසාවි එන්න එන්නම ගොඩ ගැසීයයි. පොලිසිවල සමථ මණ්ඩලවලට පවුල් ආරවුල් විසදීම සඳහා වැඩි කාලයක් වෙන් කිරිමට සිදුව තිබේ. අනියම් සම්බන්ධතා නිසා ජීවිතයෙන් වන්දි ගෙවන අය දිනෙන් දින වැඩිවෙමින් පවතී. මෙවැනි පසු බිමක සමාජය සාර්ථක විවාහ ජීවිත ගතකරන බවට ඔබට එකඟ විය හැකිද? කරුණු එසේනම්, සමාජ මෙහෙවරක් ලෙස විවාහ ගැළපීම් සම්බන්ධව තව දුරටත් අප සිතිය යුතුය. දැනට අප රටේ වැඩි පිරිසක් පෙරදිග සංස්කෘතියට මුල් තැන දෙමින් ඡ්‍යොතිෂමය වශයෙන් විවාහ ගැළපීම් සිදුකර විවාහ ජීවිතයට ඇතුළත් වෙති. මෙහිදි දස පොරොන්දම්, විසි පොරොන්දම්, ආදිවූ විවිධ ක්‍රමවේදයන් තුළින් ද ක්‍රිෂ්ණ මූර්ති ඡ්‍යොතිෂයේදි පාලක ග්‍රහයින් යොදා ගෙන කරන විග්‍රහයන් සහ අනෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ ද විවාහ ගැළපීම් සිදු කරනු ලැබේ. එසේම එතරම් ප්‍රචලිත නොවුණත් හස්ත රේඛා ශාස්ත්‍රය සහ අංක විද්‍යාව යොදාගෙන කරන විවාහ ගැළපීම් මේ අතර සුවිශේෂි වු ක්‍රමවේදයක් ලෙස හැඳින්විය හැකිය.

අංක හා අක්ෂර මඟින් මිනිස් ජීවිත අධ්‍යයනය කිරිම ලොව පිළිගත් විද්‍යාවකි. එය හඳුන්වන්නේ අංක විද්‍යාව යනුවෙනි. එම විද්‍යාවට අනුව පුද්ගලයකුගේ උපන් දිනය සහ සම්පුර්ණ නම ප්‍රයෝජනයට ගෙන විවිධ ක්‍රම ගණනාවකින් ඔහුගේ ගතිගුණ, රැකියාව, ස්වරූපය සේම අනාගතයද නිවැරැදිව විග්‍රහ කළහැකිය. ඒ අනුව අප විවාහය සදහා සහකරුවෙකු හො සහකාරියක තහවුරු කරගන්නේ කෙසේද විමසා බලමු. පළමුව අපි ඔබේ පෞද්ගලික අංකය සොයා ගනිමු. ඔබ කුමන අවුරුද්දක කුමන මාසයක ඉපදුණත් ඔබ උපන්නේ 1 වැනිදා නම් ඔබේ පෞද්ගලික අංකය අංක 1 ය. දෙවැනිදා ඉපදුණානම් පෞද්ගලික අංකය අංක 2 ය. උපත සිදුවුයේ 13 නම් පෞද්ගලික අංකය 1+3 අංක 4 ය. 26 උපත නම් 2+6 පෞද්ගලික අංකය අංක 8 වේ. මේ ආකාරයට ඕනෑම පුද්ගලයකුගේ පෞද්ගලික අංකය සොයාගත හැකිය.

මෙහිදි විශේෂයෙන් උපන් මාසය අයිති තිවංකය ගැන සැලකිලිමත් විය යුතුය. ඒ අනුව ජනවාරි 21 සිට පෙබරවාරි 19 දක්වාද, මැයි 21 සිට ජුනි 21 දක්වා ද, සැප්තැම්බර් 21 සිට ඔක්තෝම්බර් 21 දක්වා ද උපන් අය වායු තිවංකයටද පෙබරවාරි 19 සිට මාර්තු 21 දක්වා ද ජුනි 21 සිට ජුලි 21 දක්වාද ඔක්තෝම්බර් 21 සිට නොවැ 21දක්වා උපන් අය ජල තිවංකයටද මාර්තු 21 සිට අප්‍රේල් 21 දක්වා ජුලි 21සිට අගොස්තු 21 දක්වා ද නොවැම්බර් 21 සිට දෙසැම්බර් 21 දක්වා උපන් අය ගිනි තිවංකයට ද එසේම අප්‍රේල් 21 සිට මැයි 21 දක්වා ද අගොස්තු 21 සිට සැප්තැම්බර් 21 දක්වාද දෙසැම්බර් 21 සිට ජනවාරි 21 දක්වා උපන් අය පඨවි තිවංකයට අයිති වේ. මේ වර්ගීකරණයේදි උපන් මාසය අනුව ජල සහ පඨවි, ගිනි සහ පඨවි යන තිවංකයන් අතර සාර්ථක විවාහයන්ද ගිනි සහ ජල, ගිනි සහ වායු යන තිවංකයන් අතර අසාර්ථක විවාහයන්ද ජල සහ වායු තිවංකයන් අතර උදාසීන විවාහයන් ඇතිවේ.එම නිසා මේ ගැළපීම් වලට යටත්ව පෞද්ගලික අංක ගැලපීම් සිදුකළ යුතුය.

ඒ අනුව පෞද්ගලික අංකය අංක 1 වන ඔබට තම සහකරුවා හෝ සහකාරිය සඳහා අංක 4 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙළින් පෞද්ගලික අංක 2, 7, 5, හිමියන් සුදුසුය.

පෞද්ගලික අංකය අංක 2 වන ඔබට තම සහකරුවා හෝ සහකාරිය සඳහා අංක 7 පෞද්ගලික අංකය හිමි අය සදහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙලින් පෞද්ගලික අංක 1, 4, 5, හිමියන් සුදුසුය.

පෞද්ගලික අංකය අංක 3 වන ඔබට තම සහකරුවා හො සහකාරිය සඳහා අංක 9 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙලින් පෞද්ගලික අංක 6, 5, හිමියන් සුදුසුය. අංක 4, 8 කිසිසේත්ම සුදුසු නොවේ.

පෞද්ගලික අංකය අංක 4 වන ඔබට තම සහකරුවා හො සහකාරිය සඳහා අංක 1 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැතිනම් පිළිවෙළින් පෞද්ගලික අංක 2.7,5 හිමියන් සුදුසුය. අංක 3 6 9 කිසිසේත්ම විවාහයට සුදුසු නොවේ.

පෞද්ගලික අංකය අංක 5 වන ඔබට තම සහකරුවා හෝ සහකාරිය සඳහා අංක 2, 7, 3, 6, 9 පෞද්ගලික අංකය හිමි අය සුදුසුය.

පෞද්ගලික 6 වන ඔබට තම සහකරුවා හො සහකාරිය සඳහා අංක 3 6 9 5 පෞද්ගලික අංකය හිමි අය පමණක් තෝරාගත යුතුය. අංක 4, 8 කිසිසේත්ම සුදුසු නොවේ.

පෞද්ගලික අංකය අංක 7 වන ඔබට තම සහකරුවා හො සහකාරිය සඳහා අංක 2 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙළින් පෞද්ගලික අංක 1 2 4 5, හිමියන් සුදුසුය.

පෞද්ගලික අංකය අංක 8 වන ඔබට තම සහකරුවා හෝ සහකාරිය සඳහා අංක 2 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙළින් පෞද්ගලික අංක 1,2,7,5 හිමියන් සුදුසුය. අංක 3, 6, 9 කිසිසේත්ම විවාහයට සුදුසු නොවේ.

පෞද්ගලික අංකය අංක 9 වන ඔබට තම සහකරුවා හෝ සහකාරිය සඳහා අංක 3 පෞද්ගලික අංකය හිමි අය සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එසේත් නොමැති නම් පිළිවෙළින් පෞද්ගලික අංක 3 6 5 හිමියන් සුදුසුය. අංක 4, 8 අයවලුන් කිසිසේත්ම සුදුසු නොවේ.

අපගේ උපතේ සිට මරණය දක්වාම අංක හා අක්ෂර මූලික වන හෙයින් එය අමතකකර දමා අපට ජිවත් විය නොහැරිය. එම නිසා අපට හිමි අංක ප්‍රයෝජනයට ගෙන අපගේ ජීවිත සාර්ථක කර ගැනිමට භාවිත කළ යුතුය. මේ ආකාරයට ඔබට ඔබේ විවාහ සහකරුවා පමණක් නොව ඔබේ ව්‍යාපාර හවුල්කරුවන්, ව්‍යාපාර සේවකයින් වගේම හොඳ මිත්‍රයන්ද ඉතා නිවැරැදිව හඳුනාගත හැකිවනු ඇත.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.