සතියේ පඤ්චාංගය

නොවැම්බර් 17, 2023

 

ශක වර්ෂ 1945 ක් වූ වෘශ්චික රවි 01 භාග ඉල් පුර ජලවක තිථිය ලත් කිවිදින සිට එම රවි 07 භාග ඉල් පුර එකොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - වෘශ්චික

කුජ - වෘශ්චික

බුධ - වෘශ්චික

ගුරු - මේෂ

ශුක්‍ර - කන්‍යා

ශනි - කුම්භ (නිවෘත)

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන (වක්‍ර)

ග්‍රහයෝ සහ නැකැත්

රවි - විසා ( 20 දා උදේ 08.39 අනුර)

කුජ - විසා - ( 21 දා අලුයම 03.58 අනුර)

බුධ - අනුර (17 දා සවස 06.49 දෙට)

ගුරු - බෙරණ

ශුක්‍ර - හත

ශනි - දෙනට

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති ( 18 දා රාත්‍රී 10.49 බෙරණ)

නැප්චූන් - පුවපුටුප

පෝය

නොවැම්බර් 20 සඳුදා අලුයම 05.23න් පුර අමාවක ලබා 21 අඟහරුවාදා අලුයම 03.18න් ගෙවේ. 20 සඳුදා සිල්.

 

චන්ද්‍ර චාරය

18 දා උදේ 07.01 මකර

20 දා උදේ 10.09 කුම්භ

22 දා දහවල් 01.00 මීන

 

දිනූ තත්ත්ූවය

 

නොවැම්බර් 17 සිකුරාදා

වෘශ්චික රවි 01 භාග ඉල් පුර ජලවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.01. ඉර බැසීම 05.49. මුල නැකත අලුයම 02.17න් ගෙවී පුවසල නැකත ලබයි. ඉල් පුර ජලවක තිථිය දහවල්11.04න් ගෙවී පුර විසේනිය තිථිය ලබයි. ධෘති යෝගය උදේ 07.36න් ගෙවී ශුල යෝගය ලබයි. විෂ්ටිකරණය දහවල් 11.04න් ගෙවී බව කරණය ලබා එය රාත්‍රී 10.12න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - ගිනිකොන

යෝගිනි - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

 

නොවැම්බර් 18 සෙනසුරාදා

වෘශ්චික රවි 02 භාග ඉල් පුර විසේනිය ලත් ශනිදින. ඉර උදාව 06.02. ඉර බැසීම 05.49 පුවසල නැකත අලුයම 01.17න් ගෙවී උත්‍රසල නැකත ලබයි. ඉල් පුර විසේනිය තිථිය උදේ 09.19න් ගෙවී පුර සැටවක තිථිය ලබයි. ශුල යෝගය අලුයම 05.02න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය උදේ 09.19න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.22න් ගෙවී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නැඟෙනහිර

යෝගිනි - නිරිත

සුබ දිශාව - දකුණ

නොවැම්බර් 19 ඉරිදා

වෘශ්චික රවි 03 භාග ඉල් පුර සැටවක ලත් රවි දින. ඉර උදාව 06.02. ඉර බැසීම 05.50. උත්‍රසල නැකත අලුයම 12.07න් ගෙවී සුවණ නැකත ලබා එය රාත්‍රී 10.49න් ගෙවී දෙනට නැකත ලබයි. ඉල්පුර සැටවක තිථිය උදේ 07.25න් ගෙවී පුර සතවක තිථිය ලබයි. ගණ්ඩ යෝගය අලුයම 02.18න් ගෙවී වෘධි යෝගය ලබා එය රාත්‍රී 11.28න් ගෙවී ධෘම යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.25න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.24න් ගෙවී වණිජකරණය උදා වෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - පෙකණිය

මරු - උතුර

යෝගිනි - බටහිර

සුබ දිශාව - දකුණ

නොවැම්බර් 20 සඳුදා

වෘශ්චික රවි 03 භාග ඉල් පුර සැටවක ලත් රවිදින. ඉර උදාව 06.02. ඉර බැසීම 05.50 දෙනට නැකත රාත්‍රී 09.27න් ගෙවී සියාවස නැකත ලබයි. ඉල් පුර සතවක තිථිය අලුයම 05.23න් ගෙවී පුර අටවක ලබා පවතී. ධෘම යෝගය රාත්‍රී 08.36න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.23න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.21න් ගෙවී බවකරණය උදා වෙයි.

විෂ කලාව - බැම/ නළල

අමෘත කලාව - ළැම / තනය

මරු - වයඹ

යෝගිනි - වයඹ/ ඊසාන

සුබ දිශාව - දකුණ

 

නොවැම්බර් 21 අඟහරුවාදා

වෘශ්චික රවි 05 භාග ඉල් පුර නවවක ලත් කුජදින. ඉර උදාව 06.03. ඉර බැසීම 05.50. සියාවස නැකත රාත්‍රී 08.03න් ගෙවී පුවපුටුප නැකත ලබයි. ඉල් පුර අටවක තිථිය අලුයම 03.18න් ගෙවී පුර නවවක තිථිය ලබා පවතී. ව්‍යාඝාත යෝගය සවස 05.41න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. බවකරණය අලුයම 03.18න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 02.15න් ගෙවී කෞලවකරණය උදා වෙයි.

විෂ කලාව - හිස් මුදුන

අමෘත කලාව - ගෙල

මරු - බටහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

නොවැම්බර් 22 බදාදා

වෘශ්චික රවි 06 භාග ඉල් පුර දසවක ලත් බුධ දින. ඉර උදාව 06.03. ඉර බැසීම 05.50. පුවපුටුප නැකත සවස 06.39න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. ඉල් පුර නවවක තිථිය අලුයම 01.11න් ගෙවී පුර දසවක තිථිය ලබා එය රාත්‍රී 11.06න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය සවස 02.47න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 01.11න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 12.09න් ගෙවී ගරජකරණය උදා වී එදින රාත්‍රී 11.06න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස

අමෘත කලාව - නාසය

මරු - නිරිත

යෝගිනි - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

නොවැම්බර් 23 බ්‍රහස්පතින්දා

වෘශ්චික රවි 07 භාග ඉල් පුර එකොළොස්වක ලත් ගුරු දින. ඉර උදාව 06.03. ඉර බැසීම 05.50. උත්‍රපුටුප නැකත සවස 05.18න් ගෙවී රේවතී නැකත ලබයි. ඉල් පුර එකොළොස්වක තිථිය රාත්‍රී 09.05න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. වජ්‍ර යෝගය දහවල් 11.55න් ගෙවී සිද්ධි යෝගය ලබයි. වණිජකරණය උදේ 10.05න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 09.05න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - දකුණ

යෝගිනි - ගිනිකොන

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.