දෛනික ජීවිතය සැලසුම් කරගත හැකි නාඩි ඡ්‍යොතිෂය

නොවැම්බර් 17, 2023

කේන්ද්‍ර විමසුමේ දී යොදා ගන්නා වූ න්‍යාය ධර්මයන් බොහොමයක නම් අප අසා ඇත්තෙමු. ඉන් එකක් නම් නාඩි ඡ්‍යොතිෂ න්‍යායයි. සත්‍ය වශයෙන්ම ‘නාඩි’ යනු සංහිතා ස්කන්ධයට අයිති තොරතුරු විමසීමේ දී අවධානය යොමුකළ යුතු විශේෂ අංගයකි. ජීවිත පලාපල පැවසීමේ දී හෝ ලෝකය පිළිබඳ තොරතුරු ප්‍රකාශනයේදී ෂොඩශ වර්ගය මුල්තැන දෙමින් කටයුතු කරන පිරිසකි. තවත් පිරිසක් කේන්ද්‍ර යෙදී ඇති යෝග පිළිබඳව අවධානය යොමු කරති. තවත් පිරිසක් අෂ්ටක වර්ග විමසා කටයුතු කරති. නාඩි ඡ්‍යොතිෂයද එසේ ය. මේ සියල්ල සමඟ දශා, දෘෂ්ටි, ශාන්ති කර්ම, රාහු කේතු තත්ත්ව යන අංග සතර එක්වූ කල්හි ඡ්‍යොතිෂයෙහි සංහිතා ස්ඛන්ධයෙහි අංග අට සම්පූර්ණ වේ.

මෙහි නාඩි ගැන විමසන විට හෝ සෙසු කවරම හෝ අංගයක් විමසන විට උමා ඡ්‍යොතිෂ න්‍යායන් ඔස්සේ විමසා බැලිය හැකි හෝ සාමාන්‍ය තත්ත්වයෙන් විමසා බැලිය හැකිය. නාඩි ඡ්‍යොතිෂය පිළිබඳ කතා කරන විට ඒ හා සබැඳි ප්‍රකට ග්‍රන්ථ 21ක් පවතී. ‘බුධ නාඩිය’ ඒ අතර වූවකි. එය දේව කේරලම් බුධ නාඩිය වශයෙන් ප්‍රචලිතය. එහිද ප්‍රභේද රාශියකි. ඔබේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා හෝ යම් ග්‍රහයෙකු යම් නවාංශකයක සිටී නම් එතැන සිට වරසක් වසරක් පාසා ඔහු එම නවාංශකයේ ගමන් කරයි.

යම් හඳහනක වෘෂභ රාශියේ තුන්වන නවාංශකයේ සිකුරු ග්‍රහයා සිටීයැයි උපකල්පනය කොට බුධ ග්‍රහයා මේෂයේ තුන්වැනි නවාංශකයේ සිටීයැයි ද සිතමු. මේ රාශියේ තුන්වැනි නවාංශකය සිට වෘෂභයේ තුන්වැනි නවාංශකයට දුර නැතහොත් නවාංශක අතර පරතරය නවාංශ රාශි 9 කි. ( 2 - 3), ( 1 - 3) = 1 - 0 කි. දසවැනි අවුරුද්දේදි මේෂයේ මිථුන රාශියේ සිටි බුධ වෘෂභයේ තුන්වැනි නවාංශකයේ සිටි සිකුරු සමඟ සංයෝගවෙයි. එකල දරුවාට හොඳ ආහාර පාන ලැබේ. ඇඳුම් පැළඳුම් ලැබේ. අධ්‍යාපනයෙහි සාර්ථකත්වය ඇති කර ගනී. මේ කාරකත්ව ප්‍රතිඵල මෙන්ම කේන්ද්‍ර භාව ප්‍රතිඵල ද ඒ ඒ ආකාරයෙන් ලැබෙනු ඇත. මෙසේ හැම ග්‍රහයෙකුටම ස්වකීය නවාංශකයේ සිට වර්ෂයක් වර්ෂයක් පාසා ඉදිරියට යනු ඇත. මෙය දේව කේරලම් බුධ නාඩිය වශයෙන් සැලකේ. සත්‍ය වශයෙන්ම වර්ෂයක් නොව ඊට ආසන්න කාලයක් එය සිදුවන නමුත් වර්ෂයක් ලෙස ගැනීම සම්මතය වේ. මෙසේ ඔබේ කේන්ද්‍රයේ නවවැන්නාධිපතියාට ඉදිරියට ගෙන යාමෙන් හමුවන ග්‍රහයන් අනුව ඒ ඒ වයසේ දී ඒ ඒ නයින් ප්‍රතිඵල ලබාදෙනු ඇත. මෙය විස්්මය ජනක සරල න්‍යායකි. ඕනෑම කෙනෙකුට රාශි නවාංශක කේන්ද්‍රයක් ඔස්සේ පහසුවෙන් ඉක්මනින් තොරතුරු ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති එකකි.

දේව කේරලම් බුධ නාඩිය පිළිබඳ බොහෝ තොරතුරු ර්‍ථ.ඉ ර්‍ථචබඥත නම් කතුවරයා විසින් ලියන ලද ව්චමචථඵ ඪද ව්චඤඪ ඒඵබපධතධඨර පොතෙහි ද දැක්වේ. බුධ නාඩියෙහිදී බුධගේ ගෝචරය ප්‍රධාන වෙයි. නමුත් සෙසු සියලු ග්‍රහයන්ද එසේ විමසිය හැකිය. කිසියම් ආකාරයකින් අඟහරු ග්‍රහයා සෙනසුරුව යම් වසරක මුණ ගැසෙන්නේද එය අනතුරු කායික මානසික පීඩා අධික වසරක් වනු ඇත. සඳු ගුරු හමුවන වර්ෂය සෞභාග්‍ය ගෙන දෙන අතර සඳු සෙනසුරු හමුවන වර්ෂයද කලකිරීම් බහුලය. මෙසේ ස්වකීය ඡ්‍යොතිෂ ඥානය සමඟ විස්්මයජනක පලාඵල කථනයකට මෙකී බුධ නාඩිය ඵලදායක වනු ඇත.

ඡ්‍යොතිෂයෙහි නොයෙකුත් අංගෝපාංග සහිතවූයේ නමුත් සුදර්ශනය සහ ශ්‍රීපති යන න්‍යාය ධර්ම දෙක මත සමස්ත විෂය නිර්මාණය වී ඇති බව පෙනේ. සුදර්ශනයෙහි ත්‍රිවෘත්තය න්‍යාය නමින් න්‍යායක් වේ. සූර්ය කේන්ද්‍රය චන්ද්‍ර කේන්ද්‍රය සහ ලග්න කේන්ද්‍රය පිළිබඳ න්‍යාය එහි හෙළිදරව් කෙරේ. ශ්‍රීපති න්‍යායෙහි වෙන් වෙන්ව කතා කරන කර්ම කේන්ද්‍රය සහ නිර්යාන කේන්ද්‍රය (අෂ්ටම භාව කේන්ද්‍රය) සුදර්ශනයෙහි ත්‍රිවෘත්ත න්‍යායෙහි වෙනම සාකච්ඡා කෙරේ. මෙසේ ශ්‍රීපති න්‍යාය තුළ සුදර්ශනයද සුදර්ශන න්‍යාය තුළ ශ්‍රීපති න්‍යාය ද සැඟව පවතී. මෙකී සුදර්ශන න්‍යායෙහි එක් න්‍යායක් වශයෙන් පෙර සඳහන් කරන ලද බුධ නාඩිය ඉදිරිපත් කර ඇති බව සුදර්ශය අධ්‍යයනය කරන්නවුනට අවබෝධ වේ.

උමා ඡ්‍යොතිෂයෙන් මෙකී න්‍යායෙහි සවස අප සවස බව නැතහොත් ඉදිරි කේන්ද්‍රයක් ද පසුපස කේන්ද්‍රයක් ද යන්න විමසා බැලෙනු ඇත. පෙර කියන ලද බුධ මේෂ රාශියේ මිථුනයේ සිටින විට වෘෂභයේ මීන නවාංශකයේ සිටින සිකුරුව මුණ ගැසෙනුයේ වසර දහයකිනි. එය සම්මත අනුක්‍රමයෙන් ගණින කේන්ද්‍රයක් නම් පමණි. විශේෂ න්‍යාය ධර්ම පංචකයක් අනුව එය කිසියම් හෙයකින් අප සවස වී නම් බුධ සහ සිකුරු මුණ ගැසෙන්නේ වර්ෂ 98 දී ය. ඔහුගේ වයස 98 ක් දක්වා ජන්මියා ජීවත් නොවේ නම් ඒ හමුවීමේ ඵලය ඔහුට නොලැබෙනු ඇත. එහෙත් පෙර සුබසෙතක ලියූ සුදර්ශන දශාව ඔබට මතක නම් එම කේන්ද්‍රයේ එක් එක් රාශිවලට හිමි අංක එකට එකතුකොට ජන්මියාගේ ආයුෂ ගැන එම ආයුෂ තෛ‍්‍රරාශික ක්‍රමයෙන් විමසා අදාළ ග්‍රහ හමුවීම් විමසා බැලීමට ඡ්‍යොතිර්වේදියා දක්ෂ විය යුතු ය.

මෙසේ ඡ්‍යොතිෂයෙහි කතා කරන අසිරිමත් ග්‍රහ ගමන් විමසා බලා ඔබේ වාර්ෂික දෛනික ජීවිතය සැලසුම් කරගත හැකි බව ඔබ දන්නවා නම් ඔබ මේ විෂය ආදරයෙන් වැලඳ ගන්නා බව ඉතා පැහැදිලිය.

 

 

මනෝවිද්‍යා උපදේශක, පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.