ක්‍රිෂ්ණමුර්ති පද්ධතියට අනුව අලුත් අවුරුද්ද ඔබට සුබද?

අප්‍රේල් 5, 2024

 

මේෂ ලග්නය

භාග්‍යයය ඉස්මතු වේ

මේෂ ලග්න හිමියන්ගේ සියලු කටයුතු හා අරමුණු සඵල වන වාසනාව ගෙනෙන වසරක් ලෙස නම් කළ හැකිය. ඔබේ සිතට හැඟෙන සිතිවිලි ක්‍රියාත්මක කිරීමට මේ වසරේදී පසුබට නොවන්න. ශුභවාදී වෙනස්කම් රාශියක් නව වසරේදී සිදු වනු ඇත.

රැකියාව –

රැකිරක්ෂා කටයුතුවල සතුටුදායක වෙනසක් පෙන්නුම් කරයි. මෙතෙක් රැකියාවක් නොමැතිව සිටි මේෂ ලග්න හිමියන්ට 2024 හි අවුරුදු සංක්‍රාන්තියෙන් පසුව රැකියා වාසනාව උදාවන අතර දේශපාලනයට හා මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන අයට යහපත් වසරකි. කල් පමාවෙමින් පැවති රැකියා උසස්වීම ඉටුවනු ඇත. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට අධික ලාභ ලබා ගත හැකි වසරකි.

ධනය –

ආර්ථිකය සුබදායකය. නව ආදායම් මාර්ග කිහිපයකට සැලසුම් කර ගන්නා අතර අන් සතු ධනයක් ගත් දෙපළක් ලැබීමේ භාග්‍යය පෙන්නුම් කරයි. ධනෝපායනය සඳහා කදිම වසරකි.

අධ්‍යාපනය –

අධ්‍යාපනයක් යෙදී සිටින දරු දැරියන්ට ඉන් උපරිම ප්‍රතිපල ලැබිය හැකි වසරකි. විදෙස් අධ්‍යාපනයේ යෙදී සිටින මේෂ ලග්න හිමියන්ට සුබදායකය. බුද්ධිමත් හා විනය ගරුකව කටයුතු කිරීම අත්‍යවශ්‍යයයි. තරග විභාගවලින් ජයගත හැකිය.

ගෘහ ජීවිතය –

ගෙදර දොර ජීවිතය සම්බන්ධයෙන් යහපත් කාලවකවානුවකි. යුගදිවිය සතුටින් හා සාමයෙන් ගත කිරීමට හැකිවන අතර, පුණ්‍ය කටයුතු සඳහා වැඩි නැඹුූරුවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍ය -

වෘෂභ ලග්නය

පපුව ආශි‍්‍රත සෙම් රෝගවලින් පීඩා ගෙන දේ.

ශුභ දවස් – අඟහරුවාදා , සිකුරාදා,

සෙනසුරාදා

ශුභ අංක – 5,6,8,5

ශුභ වර්ණ – නිල්,රතු

සිතට සහනයක්

වෘෂභ ලග්න හිමියන්ට මේ මාසය පලදායක එකක් වනු ඇත. මෙතෙක් පැවති අසහනකාරි ස්වභාවයන් තුනීවන අතර, තම අරමුණ ඉෂ්ට සිද්ධ වීමෙන් සිතට සහනයක් ගෙන දෙන බව දක්නට ලැබේ.

රැකියාව –

රැකියා කටයුතුවල ශුභදායක තත්ත්වයක් උදාවන බව පෙන්නුම් කරයි. වෘෂභ ලග්න හිමියන් රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් හා කැපවීමක් දක්වන අතර, නව වසර ඔබට ඔබේ අනාගත ප්‍රධානින්ගේ හොඳ හිත දිනා ගත හැකි වසරකි. රැකියා ස්ථානයේ උසස් බලයක් ගොඩනගා ගැනීමට හැකිවීමෙන් සිතට පී‍්‍රතිය ගෙන දේ. වෙළෙඳ ව්‍යාපාර පිළිබඳ නව පියවරක් තබන අතර වාසිදායක තත්ත්වයක් උදා කරයි. ආර්ථික වශයෙන් ශුභදායකය.

ධනය :–

නව වසරේදී අනපේක්ෂිත ධන ලාභයක් ඔබට හිමිවනු ඇත. තැන්පත් ධනය ඉහළ යන අතර, අන්සතු ධනයකට ද හිමිකම් පෙන්වන වසරකි.

අධ්‍යාපනය -

අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස සිදුවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු සිසුවියන්ට යහපත්ය. තරග විභාගවලින් පහසු ජය අත්කර ගැනීමේ වාසනා ගුණය ඔබ සතුව පවතී.

ගෘහ ජීවිතය –

පවුලේ සමගිය සමාදානය වර්ධනය වන වසරකි. ඥාති මිත්‍රාදීන් සමඟ වෙනදාට වඩා සමීප සම්බන්ධතා වර්ධනය වෙයි. විවාහාපේක්ෂකයන්ට මංගල යෝග උදාවන අතර තම දූ දරුවන් නිසා අසීමිත සතුටක් ලබන වසරක් බව පෙන්නුම් කරයි. ගෘහ ජීවිතය වාසනාවන්තය.

සෞඛ්‍යය -

මෙතෙක් පැවැති රෝගි තත්වයන් සමනය වන බවන පෙනී යයි.

ශුභ දවස් – සඳුදා, බදාදා, සිකුරාදා, ඉරිදා

ශුභ අංක – 5,6,8

ශුභ වර්ණ – කොළ, සුදු

මිථුන ලග්නය

නව රැකියා

2024 නව වසර මිථුන ලග්න හිමියන්ට මිශ්‍රඵල උදාකරනු ඇත. ඔබේ ආදායම් තත්ත්වය ඉහළ ගියද ඒ හා සමානව වියදම්ද වැඩිවන බව පෙනී යයි.

රැකියාව –

රැකියා කටයුතුවල සුවිශේෂි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, ඔබගේ දක්ෂතාවයට හැකියාවට ලැබිය යුතු තැන ලැබීමේ භාග්‍යය උදාවේ. තම රැකියාව වෙනුවෙන් බෙහෙවින් උනන්දුවක් හා ක්‍රියාශීලි භාවයෙන් යුතුව කටයුතු කිරීමෙන් ආයතන ප්‍රධානින්ගෙ හොඳ හිත දිනා ගත හැකි වසරකි. නව රැකියා අපේක්ෂාවෙන් පසුවන මිථුන ලග්න හිමියන්ට වසර මැද භාගයට ප්‍රථම සිය අපේක්ෂා ඉටු වනු ඇත. වෛද්‍ය, හෙද, තැපැල් හා වරාය යන ක්ෂේත්‍රයන්ට සම්බන්ධ රැකියා කටයුතුවල නිරත අයට නව වසර යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම අදහස් මුදුන් පමුණුවා ගැනීමට නොහැකි වනු ඇත.

ධනය –

ඔබේ ආර්ථික යහපත් මට්ටමක පවතින බව පෙනී යයි. ප්‍රමාණය ඉක්මවා වැය පස ඉහළ යන බව පෙන්නුම් කරන නිසා සෑම ගණුදෙනුවක්ම ඉතා කල්පනාවෙන් කළ යුතු වසරකි.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතු සාර්ථක අන්දමින් කරගෙන යාමට හැකි වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන ඔබේ උත්සාහයෙන් සාර්ථක වන වසරකි.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතය වාසනාවන්තය. දිගුකලක සිට හැඳින සිටි අයකු සමඟ විවාහ වීමේ අවස්ථාව උදා වන බව දක්නට ලැබේ. ගෘහ ජීවිතයේ සමඟිය සහ සාමය සුරෙකෙනු ඇත.

සෞඛ්‍ය –

ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුය.

ශුභ දවස් – සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක – 3,5, 12,14

ශුභ වර්ණ –කොළ, කහ

කටක ලග්නය

ශුභවාදී සිදුවීමක්

කටක ලග්න හිමියන්ට මේ වසර තුළදී ජීවිතයෙහි භාග්‍ය හා වාසනාව ඉස්මතුවන අතර, තම අභිමතයන් ඉෂ්ඨ සිද්ධ වී සැනසුමක් ලබනු ඇත. ජීවිතයේ අමත නොවන ශුභවාදී සිදුවීමකට මුහුණදීමට අවස්ථාව ලැබෙන බව පෙන්නුම් කරයි.

රැකියාව –

රැකියා කටයුතු යහපත්ය. රැකීරක්ෂාවල වැඩි වගකීම් හිමිවන අතර, පමාවෙමින් පැවති තනතුරු උසස්වීම් ඉටුවනු ඇත. රැකියා කටයුතුවලදී නිවී සැනසිල්ලේ හා නිදහසේ ක්‍රියාකිරීමට හැකි වාතාවරණයක් සැකසේ. විදෙස්ගත රැකියා සඳහා කටක ලග්න හිමියන්ට මෙම නව වසර ඉතා යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. ආර්ථිකයේ සුවිශේෂි වර්ධනයක් දක්නට ලැබේ.

ධනය –

ආර්ථික වශයෙන් ශුභදායක වාතාවරණයක් උදාකර ගනී. ඉඩකඩම්වලින් බලාපොරොත්තු නොවූ ආදායමක් උපයාගත හැකි බව පෙන්නුම් කරයි.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට අවශ්‍ය පසුබිමක් සකස් වන අතර, තරග විභාගවලට සාර්ථක ලෙස මුහුණ දී ජයග්‍රහණයක් ලබාගත හැකි වේ. උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමටද අවකාශ සැලසෙනු ඇත.

ගෘහ ජීවිතය –

ගෘහ ජීවිතය පී‍්‍රතිමත්ය. අවිවාහක කටක ලග්න තරුණ, තරුණියන්ට මංගල යෝග උදාවේ. ගේ දොර වතුපිටි පිළිබඳ තිබූ ගැටලු නිරාකරණය වන අතර, පවුලේ සමගිය, සමාදානය වර්ධනය වන වසරකි.

සෞඛ්‍යය –

සෞඛ්‍ය තත්වය යහපත්ය

ශුභ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංක – 2,7,9

ශුභ වර්ණ – සුදු ක්‍රීම්

සිංහ ලග්නය

ආර්ථිකය යහපත්

සිංහ ලග්න හිමියන්ට නව වසර ශුභදායක වසරක් වනු ඇත. හදිසි ධනලාභයක් හෝ අන්සතු ධනයක් ලැබීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව පෙනීයයි. ආර්ථික වශයෙන් ඉමහත් සමෘද්ධියක් ගෙන දෙන වසරකි.

රැකියාව -

රැකිරක්ෂා කටයුතුවල නියුතු වූවනට සාර්ථක ලෙස තම රාජකාරි කටයුතු කරගෙන යා හැකි අතර, රැකියා ප්‍රධානින්ගේ ප්‍රසාදය හිමිවන බව පෙන්නුම් කරයි. තාවකාලික රැකියාවල නිරත අයගේ තත්ත්වය ස්ථිර වේ. තමා යටතේ සිටින සේවකයන්ගේ සහයෝගය සහ සුහදතාවය අනිවාර්යයෙන්ම හිමිවන වසරකි. සංගීතය, නැටුම් හා සමාජශාලා වැනි කලාත්මක භාවය මුසුවූ රැකියාවල නියුතු අයටද අවන්හල් රැකියාවල නියුතු අටද 2024 නව වසර ශුභදායකය. වෙළෙඳ ව්‍යපාරික කටයුතුවල නිරත අයටද අසීමිත ලාභ ලබා ගත හැකි බව පෙන්නුම් කරයි.

ධනය –

ලබන්නා වූ නව වසරේදී අනපේක්ෂිත ධන ලාභයන් ඔබට හිමිවනු ඇත. තැන්පත් ධනය ඉහළ යන අතර අන් සතු ධනයකටද හිමිකම් පෙන්වන වසරකි.

අධ්‍යාපනය –

අනාගතය පිළිබඳ වටිනා තීරණයකට එළැඹිය හැකි කාලවකවානුවකි. ඔබේ අධ්‍යාපන කටයුතුවලට මෙම නව වසර ඉතා යහපත්ය. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත අයට ජය අත්වනු ඇත.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතය යහපත්ය. නව නිවසක් ගොඩනඟා ගැනීමේ අදහසක් ඇතිවෙයි. තම දරුවන් නිසා අසීමිත සතුටක් ලබනු ඇත. පවුලේ සමගිය , සමාදානය වර්ධනය වන වසරකි.

සෞඛ්‍ය –

සෙම් රෝගවලින් පීඩා ගෙන දෙයි.

ශුභ දවස් – අඟහරුවාදා, බදාදා, ඉරිදා

ශුභ අංක – 1,4,5,9

ශුභ වර්ණ – රතු, කොළ

කන්‍යා ලග්නය

වාසනාව උදා වේ

කන්‍යා ලග්න හිමියන්ට යහපත් කාල පරිච්ඡේදයක ආරම්භයක් උදාවනු ඇත. තම ජීවිතයෙහි අපේක්ෂා අරමුණූ වඩාත් වැඩි සාර්ථක භාවයකින් යුක්තව ඉෂ්ට සිද්ධවන බව දක්නට ලැබේ. සමාජයේ ගෞරවය, සැලකිල්ල උරුමවීම හා තම අභිමානය ඔප් නැංවෙන වසරකි.

රැකියාව – රැකිරක්ෂා කටයුතුවල සුවිශේෂී සාර්ථකත්වය ආයතන ප්‍රධානින්ගේ ගෞරවයට හා ප්‍රශංසාවට බඳුන්වන බවක් දක්නට ලැබේ. රැකිරක්ෂා අපේක්ෂාවෙන් සිටින කන්‍යා ලග්න හිමියන්ට නව වසර ආරම්භයේදී සම්මුඛ පරීක්ෂණවලට සහභාගිවීම සඳහා කැඳවීම් ලිපි බලාපොරොත්තු විය හැකි බව පෙනීයයි. මේ වසර තුළදි කන්‍යා ලග්න හිමියන්ට උසස්වීම්, නිලතල හා වැටුප් වැඩිවීම් හිමි වීමේ භාග්‍යය උදාවේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට ශුභදායකය. තම ආදායම් තත්වය සතුටුදායක මට්ටමක තබා ගැනීමට හැකි වන බව පෙන්නු කරයි.

ධනය -

ආර්ථිකය යහපත්ය. මිල මුදලින් පාඩු නොවන වසරකි. ඉඩකඩම් මිලදී ගැනීම, නිවාස ලාභ හා යාන වාහනාදියට භාග්‍ය උදාවන කාලවකවානුවකි.

අධ්‍යාපනය –

අධ්‍යාපනයේ යෙදී සිටින සිසු සිසුවියන්ට ඉතාමත් සතුටුදායක ප්‍රතිඵල ලැබීමේ අවකාශය මැනවින් පෙන්නුම් කරන කාලවකවානුවකි. විදේශයන්හි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ භාග්‍යය හිමිවනු ඇත. විදේශයන්හි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ භාග්‍ය හිමිවනු ඇත. විභාගාදියෙන් ඉහළම සාමාර්ථයක් ලබන බව පෙනීයයි.

ගෘහ ජීවිතය –

ගෘහ ජීවිතය සතුටුදායකයි. තම දූ දරුවන්ගේ කටයුතු සඳහා වැඩි කාලයක් වැය කිරීමට සිදුවන වසරකි. විවාහ අපේක්ෂකයන්ට දෙමව්පිය්නගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවන තම පවුලේ සමගිය සමාදානය වර්ධනය වන වසරකි.

සෞඛ්‍යය –

සමේ රෝග වැලදීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

ශුභ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

ශුභ අංක – 2,5,6,7

ශුභ වර්ණ – කොළ , සුදු, කහ

තුලා ලග්නය

දේශපාලනමය ජයග්‍රහණයක්

තුලා ලග්න හිමියන්ට සුබදායි වසරක් වනු ඇත. තුලා ලග්න දේශපාලනඥයන්ට යහපත් කාලවකවානුවකි. අලුත් ඵලදායක සංකල්පනාවන් ඉස්මතු වී මහජන සහාය ලබනු ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ නියැළී තුලා ලග්න හිමියන්ට පෙරට වඩා ශුභදායක වසරක් උදාකරන බව පෙනී යයි.

රැකියාව

ඔබේ රැකියා කටයුතුවල සාර්ථකත්වයක් දක්නට ලැබේ. රැකියා උසස්වීම් නව බලතල මෙන්ම ආයතන ප්‍රධානීන්ගේ ප්‍රසාදයට ලක්වන වසරකි. මේ නව වසර තුළදී රැකියාවේ කාර්යබහුලත්වය අධික වන අතර විවේකී බව අඩුවන බව පෙනී යයි. සුවඳ විලවුන්, රසායනික දේවල් හා ඖෂධ වර්ග අලෙවි කරන ව්‍යාපාරිකයන්ට ශුභදායකය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට යහපත් ව්‍යාපාර පිළිබඳ නව පියවරක් තබන අතර, තම වගකීම් හා යුතුකම් නිසි අයුරින් ඉටු කිරීම නිසා වෙළෙඳ ව්‍යාපාරිකයන්ට හොඳ නමක් දිනා ගැනීමට හැකිවේ. අනාගත අභිවෘද්ධිය සඳහා නව ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැඩි ලාභ දක්වන බව පෙන්වාදිය යුතුව ඇත.

ධනය

ඔබේ ආර්ථික තත්තත්වය සම්බන්ධයෙන් ශුභදායක බවක් පෙන්නුම් කරයි. අනපේක්ෂිත ධන ලාභයක් ඔබට හිමිවනු ඇත.

අධ්‍යාපනය -

අධ්‍යාපනයේ නියැළී සිසු සිසුවියන්ට විශිෂ්ට ප්‍රතිඵල ලද හැකි වසරකි. ශිෂ්‍යත්ව ලාභ මෙන්ම තම දක්ෂතාවන්ට සුදුසු අවස්ථාවක් හිමිවන බව පෙනී යයි.

ගෘහ ජීවිතය -

ගෘහ ජීවිතය පී‍්‍රතිමත්වන අතර, අඹු සැමි සුහදතාවය වර්ධනය වන වසරකි. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා කරයි.

සෞඛ්‍යය - ශරීර සෞඛ්‍යය යහපත්ය.

ශුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක - 3, 4, 7, 9

ශුභ වර්ණ - කහ, රතු, තැඹිලි

වෘශ්චික ලග්නය

රැකියා දියුණුව

නව වසර වෘශ්චික ලග්න හිමියන්ට සමපලදායකය. රැකිරක්ෂා කටයුතුවල නව ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, රැකිරක්ෂා කටයුතුවලදී සැමගේ සහයෝගය ලබා ගැනීමට හැකිවන කාලවකාවානුවකි.

රැකියාව –

රැකියා කටයුතුවල විශේෂ දියුණුවක් ගෙන දේ. රැකියාවල වැඩි වගකීම් හිමිවන අතර, උසස්වීමක් ලැබීමට භාග්‍යය හිමිවන බව පෙනීයයි. රැකියා ස්ථානයේ සුපරි වරප්‍රසාද හිමිවන බව පෙන්නුම් කරයි. රැකියා නොලද වෘශ්චික ලග්න හිමියන්ගේ ප්‍රාර්ථනා මේ ජුනි මාසයෙන් පසු ඉටුවනු ඇත. පරිපාලන කටයුතු, ලිපිකරු රැකියාවල නියුතු ඔබට යහපත් කාලවකවානුවක් බව පෙනී යයි. වැඩ තහනම්ව සිටින වෘශ්චික ලග්න හිමියන්ට පවා නැවත රැකියා හිමිවන වසරකි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට වරින්වර බාධාගෙන දෙන අතර, උදාසීන තත්ත්වයක්ද මතුවීමෙන් ව්‍යෘපාරිකයන්ට වෙළෙහෙළදාම් ආදියෙන් පාඩු ලබයි.

ධනය -

ආදායම් තත්ත්වය යහපත් වුවද තැන්පත් ධනය ස්ථාවරව තබා ගැනීමට අපොහොසත් වන බව පෙනීයයි.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවස්ථාව උදා වෙයි.

ගෘහජීවිතය –

පවුලේ සමඟිය, සමාදානය හා වාසනාව ගෙන දෙන අතර කාන්තා පක්ෂයෙන් බොහෝ උදව් උපකාර ලැබේ. තම දූ දරුවන් ඉහළ මට්ටමෙන් විභාග සමත්වන බව පෙන්නුම් කරයි.

සෞඛ්‍යය -

වැටීම්, තැළීම්, තුවාල, අනතුරු යනාදියෙන් ප්‍රවේශම් විය යුතුයි.

ශුභ දවස් – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක – 2,3,4,7,9

ශුභ වර්ණ – ළා රතු, තැඹිලි

ධනු ලග්නය

කීර්තිමත් වසරකි

ධනු ලග්න හිමියන්ට ඉතා වාසනාවන්ත වසරක් ලෙස නම් කළ හැකිය. ඔබගේ අරමුණු අපේක්ෂා ලෙහෙසියෙන් පහසුවෙන් ඉටුකර ගනි. තම උත්සහයන් පල දරන අතර සැඟවුණු දක්ෂතාවන් අවදි වෙමින් අන්‍යයන්ගේ යහපත් ප්‍රතිචාරයන්ට ලක්වේ. සිතටත්, ගතටත්, සහනයක් දැනෙන වසරකි.

රැකි රක්ෂා –

රැකිරක්ෂා කටයුතු සම්බන්ධයෙන් ශුභවාදී වෙනස්කම් රාශියක් නව වසරේදී සිදුවනු ඇත. රැකියාව ප්‍රබෝධයකින් යුතුව කටයුතු කළ හැකි කාලවකවානුවක් බව පෙනී යයි. ආයතනයේ ප්‍රධානින්ගේ අවධානයට ලක්වන අතර ප්‍රශංසාවටද බඳුන්වන බව දක්නට ලැබේ. ආර්ථිකය යහපත්ය. මෙතෙක් අතපසු වු රාජකාරි වැඩකටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව මේ කාලසීමාව තුළදී ඉටුකර ගත හැකිය. රාජ්‍ය සේවයේ නියුතු ධනු ලග්න හිමියන්ගේ විදේශීය රටක බලවත් තනතුරක් ලබාගන්නා බව පෙන්නුම් කරයි. රැකියා අපේක්ෂිත ධනු ලග්න හිමියන්ට රජයේ රැකියාවක් හෝ රජයට සම්බන්ධ රැකියාවක් වීමට බොහෝ දුරට ඉඩ ඇත. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට වාසිදායක තත්ත්වයක් උදාවන බව පෙන්වයි.

ධනය –

නව වසර තුළදි නොසිතු විරූ ලෙස මිල මුදල් ලැබීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ආර්ථිකය ශක්තිමත් වන අතර මිල මුදල්වලින් අඟහිඟකමින් නොදැනෙන වාසනාවන්ත වසරකි.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතු සාර්ථක අතර විදේශ අධ්‍යාපනය ලැබීම සඳහා අදහස් කරන්නේ නම් මේ සැප්තැම්බර් මාසයෙන් පසුව සාර්ථකත්වයක් ගෙන දේ.

ගෘහ ජීවිතය –

ගෘහ ජීවිතය සතුටුදායකය. පෙම් සබඳතාවනක්ට වැඩිහිටි ආශිර්වාදය ලබා ගත හැකි වසරකි.

සෞඛ්‍ය - ශරීර සෞඛ්‍යය යහපත්ය

සුබ දවස් – බදාදා, සිකුරාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා

ශුභ අංක – 3,5,6,8

ශුභ වර්ණ – සුදු, කහ, ළානිල්

මකර ලග්නය

අසහන ඉවත් වේ

මකර ලග්න හිමියන්ට නව වසර ශුභදායකය. මෙතෙක් ඇති කළ අසහන ගැටලු හා බාධා මුළුමනින් අහෝසි වී උද්‍යෝගයෙන් යුතුව කටයුතු කරනු ඇත. මකර ලග්න හිමියන්ගේ අනාගත සැලසුම් මල්පල ගන්වන අවකාශයක් 2024 අගෝස්තු මස සිට ඇති කරන්නේය.

 

රැකියාව –

රැකිරක්ෂා කටයුතුවල සුවිශේෂ දියුණුවක් දක්නට ලැබෙන අතර, රැකියා උසස්වීමක් ලැබීමේ භාග්‍යය හිමිවන බව පෙනී යයි. දේශපාලනයට හා මාධ්‍ය අංශවලට සම්බන්ධ රැකියාවන්හි නිරත මකර ලග්න හිමියන්ට ශුභදායක වසරකි. ඔබට රැකියා ප්‍රධානින්ගේ හොඳ හිත දිනා ගත හැකි අතර වැටුප් වැඩිකර ගැනීමටත් මේ වසරේදී ඔබට හැකිවනු ඇත. තාවකාලික සේවයේ යෙදී සිටින අයට රැකියාවල සුරක්ෂිත භාවය තහවුරු වන බව දක්නට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින් ඉහළ ආදායමක් ලබාගත හැකිය.

ධනය –

ආර්ථිකයේ යහපත් බවක් පෙන්නුම් කරයි. විටෙක වියදම අධික බවක් දක්නට ලැබුණද ස්වයං උත්සාහය තුළ සාර්ථක ආදායම් මාර්ග කිහිපයක් උදාකරගන්නා බව පෙනේ.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතුවල පැහැදිලි ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, තරඟ විභාග ආදියෙන් ජය අත්කර ගන්නා බව පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය –

නිවාස මිලයට ගැනීම, ගේදොර ඉදිකිරීම් වැනි දෑ සඳහා අවස්ථාවක් යෙදෙන අතර ගෘහ ජීවිතයේ සැනසිලිදායක තත්ත්වයක් උදාවේ. පවුලේ සාමජිකයන් අතර පී‍්‍රතියෙන් ගත කළ හැකි වසරකි.

සෞඛ්‍යය –

ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය හැකිය.

ශුභ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා

ශුභ අංක – 6,8,9

ශුභ වර්ණ – සුදු,රතු, නිල්

කුම්භ ලග්නය

අන්‍යයන්ගේ සහයෝගය

මේ නව වසර කුම්භ ලග්න හිමියන්ට ශුභඵල වැඩි වශයෙන් ගෙන දෙනු ඇත. රැකියා ස්ථානයන්හි ආයතන ප්‍රධානින්ගේ ප්‍රසාදය ලබාගන්නා කුම්භ ලග්න හිමියන්ට තමාගේ කටයුතුවලට අන් අයගේ සහයෝගය නොඅඩුව ලැබෙන වසරක් බව පෙන්නුම් කරයි.

රැකියාව –

රැකිරක්ෂා කටයුතු සම්බන්ධයෙන් ශුභදායක වර්ධනයක් පෙන්නුම් කරන අතර, උසස් අයගේ ආධාරය, උපකාරය, ලැබීම තුළින් තමාගේ කටයුතුවලට සාර්ථක ප්‍රතිපල ලබා දෙන බව පෙනී යයි. රැකියා කටයුතු සඳහා දැඩි උනන්දුවක් දක්වන බව විශේෂ වරප්‍රසාද හා තනතුරු හිමිකර ගැනීම්, මේ වසෙර්දි ඔබට හැකිවනු ඇත. රැකියා ස්ථානයේ ප්‍රබෝධයකින් යුතුව කටයුතු කළ හැකි වාතාවරණයක් ගොඩනැඟෙන බව දක්නට ලැබේ. දේශපාලනයේ නිරත වූ කුම්භ ලග්න හිමියන්ට ජයග්‍රහණ රාශියක් මේ වසරේදි හිමිකර ගත හැකි අතර ජනතා විශ්වාසයද දිනා ගන්නා බව දක්නට ලැබේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වාසි සහගත තත්ත්වයක් උදාවන බව පෙන්නුම් කරයි.

ධනය –

ඔබේ තැන්පත් ධනය වර්ධනය වන බව පෙන්නුම් කරන අතර, නව ආදායම් මාර්ගයකට ඉඩ සැලසේ.

අධ්‍යාපනය –

කුම්භ ලග්න හිමියන්ගේ අවබෝධ ඥානය හා කුසලතාව මැනවින් කැපී පෙනෙන වසරක් බැවින් අධ්‍යාපනික කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවේ. පාසල් අධ්‍යාපනයේ නියුතු සිසු සිසුවියන්ට ශුභදායකය.

ගෘහ ජීවිතය –

ඔබේ ගෘහ ජීවිතය සතුටින් ගත වන අතර දරුවන් සමඟ විනෝද ගමනක් යෙදීමට හැකිවේ. යුගදිවිය ප්‍රීතිමත්ය.

සෞඛ්‍යය –

සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවනු ඇත. රුධිර පීඩනය හා ඇදුම රෝගයෙන් පීඩා විදින කුම්භ ලග්න හිමියන් ප්‍රවේශම් විය යුතුය.

ශුභ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ශුභ අංක – 2,3,7,9

ශුභ වර්ණ – රතු, කහ, සදුදා

මීන ලග්නය

අභිමානවත් වසරක්

මීන ලග්න හිමියන්ට මේ නව වසර ශුභපල ගෙන දෙනු ඇත. තම අපේක්ෂා ඉටුවන ක්‍රියාශීලි බවක් ගෙන දෙන කාලයක් ආරම්භයක් බව පෙන්වා දිය යුතුව ඇත. නොසිතු ආකාරයේ ධන වාසනා මේ වසර තුළදී උදා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පෙන්නුම් කරයි.

රැකියාව –

රැකියාවල විශේෂ ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, රැකියාව සම්බන්ධයෙන් වෙනදාට වඩා වගකීම් හිමිවන බව පෙනී යයි. තනතුරුවල විශේෂ වරප්‍රසාද හා උසස්වීම් හිමිවන තත්ත්වයක් දක්නට ලැබේ. ආයතන ප්‍රධානින්ගේ ආදරය හා ගෞරවය දිනාගන්නා අතර, සිතේ පී‍්‍රතියෙන් හා සතුටින් තම රැකියා කටයුතුවල නිරත විය හැකි වසරකි. තාවකාලික රැකියාවල නිරත මීන ලග්න හිමියන් ස්ථීර වේ. මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයට මේ නව වසර එතරම් යහපත් නොවේ. දැඩි සීමා, බන්ධනයන්ට යටත්ව කටයුතු කිරීමට සිදුවන අතර, සිතුවිලි එලෙසින්ම ක්‍රියාත්මක කිරීම අපහසුය. නීතිඥයන්ට, ඡ්‍යොතිෂය හා ගුප්ත විද්‍යාවන්හි නිරත මීන ලග්න හිමියන්ට ඉතා ශුභදායකය. වෙළෙඳ ව්‍යාපාරිකයන්ට තම අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට හැකිවන වසරකි.

ධනය –

ආදායම් තත්ත්වයේ උසස් ප්‍රගතියක් දක්නට ලැබෙන අතර, අමතර ආදායම්වලට හිමිකම් කියයි. නොසිතූ මොහොතක විශාල මුදලක් හිමිවීමේ භාග්‍ය පෙන්නුම් කරයි.

අධ්‍යාපනය –

අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් ඉතා ශුභදායක වසරක්, තරග විභාග යනාදියෙන් උසස් ලෙස ජය ගැනීමට හැකිවෙයි.

ගෘහ ජීවිතය –

ගෘහ ජීවිතයේ සමඟිය හා සාමය සුරැකෙනු ඇත.

සෞඛ්‍ය –

ශරීර සෞයය යහපත්ය

ශුභ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා

ශුභ අංක – 1,3,4,9

ශුභ වර්ණ – රතු, කහ

ඡ්‍යොතිෂ විශාරද – ක්‍රිෂ්ණමූර්ති (ඉන්දියාව)

ඡ්‍යොතිෂ ප්‍රභාෂ්වර

සී. ගිහාන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.