හරියටම ඔබ කවුදැයි මහපටැඟිල්ලෙන් දැනගන්න

ජුනි 7, 2024

සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයකුගේ අත්ලේ ඇඟිලි පහක් පිහිටා ඇති අතර ඒ අතුරින් මහපට ඇඟිල්ල ක්‍රියාකාරිත්වය හමුවේ පවා සුවිශේෂ ස්ථානයක් ගනී. එනම් මහපට ඇඟිල්ල අනෙත් ඇඟිලි හතරෙන් වෙන්ව පිහිටා ඇති අතර එසේම එය බොහෝ අතකට නැවීමටද පුළුවන. යමක් අල්ලා ගැනීමට මෙන්ම ඒ සමාන කාර්යයක් කිරීමට නම් මහපට ඇඟිල්ල අත්‍යවශ්‍ය වන අතර ඇඟිලි පහ අතුරින් වැදගත් ඇඟිල්ල වශයෙන් මහපටැඟිල්ල හැඳින්වීම ද වරදක් ද නැත.

පරිනාමය ගැන සැලකීමේදි තිරිසන් සතුන්ගේ මහපට ඇඟිලි එතරම් ප්‍රබලව වැඩී නැත.

මිනිසාට ආසන්න වශයෙන් සමාන චිම්පන්සියාගේ සහ ගෝරිල්ලන්ගේ ද මහපට ඇඟිල්ල සම්පුර්ණයෙන්ම වර්ධනය වි නොමැත. එම සතුන්ගේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ලේ පාමුල දක්වාවත් වර්ධනය වී නොමැති අතර ඔවුන් බුද්ධි වර්ධනය අතින් දුර්වලය. එහෙත් මිනිසාගේ ප්‍රබලව වැඩුණු මහපට ඇඟිල්ලක් ඇති අතර අධිෂ්ඨාන ශක්තිය සහ බුද්ධිමය හැකියාව උපරිමයෙන් තිබේ. මිනිසාට යමක් ඉදිරි අනාගතය සඳහා සැලසුම් කළ හැකිය.මහපට ඇඟිල්ල නොදියුණු සත්ත්වයන්ට ඒ හැකියාව නොමැතිය.

විශාල මහපට ඇඟිල්ලක් සහිත පුද්ගලයා තමන්ගේ බුද්ධි මහිමයෙන් අදහස් සහ තීරණ ගනියි. මෙවැනි පිහිටිමක් සහිත පුද්ගලයන් සමාජයේ ප්‍රධානින් වන අතර අනෙත් අය විසින් තමාව පාලනය වීමට කිසිසේත් ඉඩ නොදේ. තමාගේ විත්ත ශක්තිය අනුව නිර්මාණය කරගත් මුලධර්ම ඔහු සතුය. ඒ නිසා ප්‍රබල සංවිධාන ශක්තියකින් යුක්තය.

බුද්ධිමත්බව සහ විශ්වාසවන්තබව පෙන්වයි. ඔවුන් ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට ඉතා දක්ෂ පුද්ගලයන් වේ.

කුඩා මහපට ඇඟිලි සහිත පුද්ගලයා හැගීම්වලට වහල්ව ජීවත්වන අය වේ. සරුව පිත්තල ලෝකයට ආශා කරන්නේ මොවුන්ය. පහන් දැල්ල සොයා පියඹන මෙරු මෙන් මොවුන් ද හැඟීම්වලට වහල් වී කටයුතු කරන්නට යාමෙන් අකාලයේ දිවිමඟ අසාර්ථක කරගනි.

බුද්ධිමත් බව තර්කන ශක්තිය සහ අධිෂ්ඨනය අඩුම අය කුඩා මහපට ඇඟිල්ලක් සහිත අයවේ. එහෙත් තමා ඇසුරු කරන අය අනුව හැඩ ගැසිමේ හැකියාව සහ දරා ගැනීමේ ශක්තිය ඔවුන්ට ඇත. සතුරන්ට විරුද්ධව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොමැත. එසේම විනෝදයෙන් ප්‍රීතියෙන් කාලය ගත කිරිමට කැමැත්තක් දක්වයි. අනාගතය ගැන පැහැදිලි සැලසුමක් නැත.ඉතාම කුඩා මහපට ඇඟිලි සහිත පුද්ගලයන් අපරාධ කිරීමට පෙලඹීමේ සම්භාවිතාවය වැඩිය. එමෙන්ම විශාල මහපට ඇඟිල්ල හිමි පුද්ගලයන් සහ කුඩා මහපට ඇඟිල්ලක් සහිත පුද්ගලයන් අතර සම්බන්ධතාවයන් තබා ගැනීම අසීරුය.

මහපට ඇඟිල්ල ආකාර තුනකට පිහිටයි. මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලට ආසන්නව පිහිටා ඇත්නම් ඔවුන්ගේ මානසික තත්ත්වය ඉතාම නොදියුණු මට්ටමක පවති. ඔවුඩ් පාදඩ ලෝකයේ ඇති නොදියුණු පහත් අදහස්වලින් යුක්තය. හැමවිටම තමාගේ තෘප්තිය ගැන පමණත් සිතා කටයුතු කරයි. අනෙත් අය ගැන කාරුණිකව සිතීමේ හැකියාව ඔවුන්ට නොමැත. අදහස් සහ හැසිරීම කපටි ස්වභාවයක් ගනි. මොවුන් අත උසස් මානුෂික ගුණාංග ඇත්තේම නැත. මෙවැනි පිහිටිමක් ඇති කාන්තාවක් පවුල් ජීවිතයේදී ගෙදර ප්‍රධානියා තමාම යැයි සිතා තමාට අවශ්‍ය විදියට සියල්ලන්ම පාලනය කිරීමට පෙලඹේ.

ස්වමියා පිළිබඳව අනුකම්පා සහගතව සිතීමේ හැකියාව අඩුය. එහෙත් මහපට ඇඟිල්ල ප්‍රමාණයෙන් විශාලව පිහිටා ඇතිවිට මේ තත්ත්වය අඩුකරයි.

මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල අතර විශාල පරතරයක් සහිතව පිහිටා ඇත්නම් අනුකම්පා සහගත කාරුණික ආදරණීය සිතුවිලිවලින් යුත් මනසක් පිහිටයි. සිකුරු මණ්ඩලයේ ඇති උණුසුම් කාරුණික හදවතක ඇති ලක්ෂණ මෙයින් පෙන්වයි. අනෙකා කෙරෙහි විශ්වාසවන්තබව අනෙකා තේරුම් ගැනීමේ හැකියාවෙන්ද යුක්තය. මේ පුද්ගලයන් වඩාත් ප්‍රායෝගික වන අතර සාමාන්‍ය දැනුමෙන් ප්‍රයෝජනය ගනි. ත්‍යාගශීලි පුද්ගලයන්ය. මහජන සම්බන්ධතා සඳහා වඩාත් උචිතය. මෙහිදි මහපට ඇඟිල්ල වඩාත් විශාලනම් වඩා යහපත්ය. නමුත් මහපට ඇඟිල්ල කුඩා වන විට යහපත් ලක්ෂණ අඩුවේ.

මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ල වඩාත් ඈත්ව හෝ ළංව පිහිටා නැතිව මධ්‍යස්ථව පිහිටා ඇත්නම් වඩාත් ප්‍රායෝගිකය. තමාගේ ජීවිතයේදි සෑම කාර්යයක්ම එක් අනන්තයකටවත් නොගොස් සාමාන්‍ය ආකාරයට කරයි. සමතුලිත මනසක් ද ප්‍රායෝගික ජිවිතය දෙස බැලීමේ හැකියාවකින්ද යුක්තය. ධනවත් වීමේ හැකියාවෙන්ද යුක්තය.

මහපට ඇඟිල්ල උඩ පුරුක්වලින් පසුපසට නැවීමට හැකි පුද්ගලයා සමාජශීලිය. බුද්ධිමත්ය. ඕනෑම සමාජයකට අනුවර්තනය වීමට හැකියාවක් ඔවුන්ට ඇත. එසේම ඔවුන් මහත්මා ගතිගුණ අනුකම්පාව සමඟ සංවේදී සිතුවිලි සහිත පුද්ගලයන්ය. මහපට ඇඟිල්ල පසුපසට නැවිය නොහැකි සෘජු ආකාරයෙන් සිටින පුද්ගලයා ඉහත ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්නුම් කරයි. මහපට ඇඟිල්ල දිග හැරිය විට එම ඇඟිල්ලත් දබර ඇඟිල්ලත් අතර කෝණය අංශක 45 ට අඩුනම් පටු අදහස් සහ පටු මනසකින් යුක්තය.

එසේම අලසය එහෙත් අධිෂ්ඨාන ශක්තිය වැඩිය. අංශක 45ත් 90 අතර කෝණයක සහිත

නම් හොඳ ආත්ම ශක්තියක් ඇත. විවේක බුද්ධියෙන් සහ විවෘත මනසකින් යුක්තය. අන්‍යයන් සහ හොඳ මිතුරු සබඳතා පවත්වයි. පරිපාලන කටයුතු සහා සුදුසුය. ඇඟිලි දෙක අතර පරතරය අංශක 90 ට වඩා වැඩිනම් ඔවුන්ගේ ජය පරාජය පිළිබදව ශෝකවීමක් දක්නට නැත. අනෙකා ගැන ඕනෑවට වඩා සිතයි. මේ අය සංවේදි මනසකින් පුද්ගලයා යුක්තය.

මහපට ඇඟිල්ල මුගුරක් සේ නොනැමෙන ලෙස පිහිටා ඇත්නම් සහ නියපොතු පටි ස්වභාවයේ නම් එවැනි පුදු්ගලයන් බොහෝ විට දාමරිකයින් හො මිනිමරුවන් වේ. මෙවැන්නන් සමාජ වට පිටාවේ පෙලඹවීම මත අයහපත් අදහස් ක්‍රියාත්මක කිරීමට යොමුවිය හැකිය. මහපට ඇඟිල්ල සමඟ අමතර ඇඟිල්ලක් පිහිටිමේ ප්‍රථිපල මුගුරු ඇඟිල්ලක් පිහිටිමේ ප්‍රතිපලවලට සමානය. මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුක මහතින් අඩුවි නිය පුරුක මහතට පිහිටා ඇතිනම් ඔවුන් සහජ දක්ෂතාවලින් පිරිපුන් සිරිත් විරිත් ගරු කරන හොඳ හැදියාවක් සහිත චර්යාවකින් යුත්ත අයෙකි. මොවුන්ට සමාජ සම්බන්ධතා පිළිබඳ හොඳ අවබෝධයක් ඇත. තවද ඔවුන්ට තමන්ගේ වාග් විලාශය සහ දක්ෂතාවය නිසා අන්‍යයන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් බුද්ධිමත් උසස් අදහස් ඇති ධනවත් පුද්ගලයන්වේ. මොවුනට අන්‍යයන් වැඩි අපහසුතාවයකට පත් නොකර තම අදහස් ඉෂ්ඨ කර ගත හැකිය. අන්‍යයන්ද මෙවැනි මහපට ඇඟිලි සහිත පුද්ගලයන් ඇසුරු කිරීමට කැමැතිය.

සාමාන්‍යයෙන් මහපට ඇඟිල්ල දබර ඇඟිල්ලේ දිගෙන් භාගයක් එනම් දබර ඇඟිල්ලේ දෙවැනි පුරුක දක්වා දිගනම් එය වසනා වන්ත ලක්ෂණයකි. එහෙත් මහපට ඇඟිලි පිහිටිම

ඉතා පහත නම් මෙය වෙනස් විය හැකිය. දිග මහපට ඇති පුද්ගලයා දියුණු මනසකින් සහ බුද්ධියකින් යුක්ත නිසා ධනවතෙකු වේ. කොට මහපට ඇඟිලි සහිත පුද්ගලයා සෑම අංශයකින්ම දුර්වලයෙකි. නිතරම සතුරන්ගෙන් පළි ගැනීමට මාන බලමින් කල් ගෙවන අයකු වේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.