වෘශ්චික ලග්නය හිමි කාන්තාව

අගෝස්තු 26, 2022
ලග්නය හා කාන්තාව 

ලග්න කේන්දරයේ 8 වැන්න වූ වෘශ්චික රාශිය කුජ ග්‍රහයාට අයත් ස්වක්ෂේත්‍ර රාශියක් වනු ඇත. කුජ බලවත් වීම නිසා උසස් ගුණධර්ම මෙන්ම විලාසිතාවන්ද ශරීර සෞඛ්‍ය ද මනාව පවතිනු ඇත.

අනෙක් ලග්නවලදී මෙන්ම සඳු, කුජ, ගුරු හා සිකුරු බලවත් වීම මෙම අයට යහපත් පල උදා කරයි. වෘශ්චික ලග්නයේ පළමු කොටස වශයෙන් කටක, සිංහ, කන්‍යා නවාංශකයකින් උපන් අය හැඳීන්විය හැකිය. එම නවාංශකයකින් උපන් අයට පස් වැන්න අධිපති ගුරු මෙන්ම නව වැන්න අධිපති සඳු විශේෂයෙන් සුබ පල උදා කරයි. එම ග්‍රහයන් 6,8,12 හැර අනෙක් ස්ථානවල සිටීම යහපත්ය. ගුරු හා සඳු එක භාවයක සිටීම වඩාත් යහපත්ය.

මෙම අය උසස් ගතිගුණ හා සිතිවිලි වලින් යුක්තය. සමාජ ආශ්‍රයට ප්‍රිය කරයි. ආ ගිය තැන ප්‍රධානත්වයක් ගෙන කටයුතු කිරීමට ද පුළුවන. බුධ ග්‍රහයා අසුබ පල දෙන ග්‍රහයා වන්නේ 22 වන දෙර්කාණාධිපති විම නිසා වන අතර බුධ ග්‍රහයා 10 වැන්නේ හෝ 11 වැන්නේ සිට වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටි ලබයි නම් උසස් තත්වයකට පත් වීමට හේතුවේ. වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලැබ එසේ සිටීම එතරම් යහපත් නොවේ.

මෙම අයගේ දුර්වලතාවක් වන්නේ ඕපාදූප කථාවලට වැඩියෙන් කැමැති වීමත්, අන් අයගේ අඩුපාඩු ඇද කුද වැඩියෙන් සෙවීමත්ය. නිතර දොඩමලු වීම නිසා අන් අයගේ අප්‍රසාදයට ලක් වනු ඇත.

බුධ හා ගුරු බලවත් ව පිහිටා ඇත්නම් උසස් අධ්‍යාපනයක් ලද හැකිය. එහෙත් ක්‍රියා තුළින් එතරම් බුද්ධිමත් බවක් නොපෙනේ. පොත ප‌තේ දැනීම පමණක් ඇත. බුධ 5 වැන්නේ නම් අධ්‍යාපනයට බාධා පැමිණීමත් එම බාධා මැඬගෙන උත්සාහයෙන් ඉදිරියට යෑමටත් සිදුවනු ඇත. හත් වැන්නේ බුධ සිටීම විවාහයට බාධා පමුණුවයි. ප්‍රේම සබඳතා කඩ වීම නිසා මානසික අසහනය ඇති වීමට ද හේතුයි. විවාහය පමා වීම සිදුවන අතර විවාහයට ඥාති විරෝධය ඇති වීමට ද හේතු ඇති කරයි. ඥාතීන්ගෙන් පල ප්‍රයෝජන අඩුය. බුධ මහ දශා අතුරු දශා විශේෂයෙන් අයහපත් වන අතර බදාදා දිනය සුබ කටයුතුවලට නොගත යුතුයි.

තුලා, වාශ්චික හෝ ධනු නවාංශකයකින් ඉපිද ඇති අය දෙවන දෙර්කායණයට අයත් වන අතර 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා සිකුරු වේ. මෙම අයට බුධ යහපත් පල උදා කර දෙන අතර රවි බුධ යෝගය සුබ පල උදා කර දෙයි.

සිකුරු 7 වැන්නේ සිටීම විවාහයට බාධාවක් වන අතර සෙම් බහුල අසනීපද සෑදෙනු ඇත. එමෙන්ම මූත්‍ර අමාරු ලිංගාබාධ ද සෑදීමට ඉඩ ඇත. ලෞකික ආශාවන් කෙරෙහි ඇල්මක් නොදක්වන අතර කායික වින්දනයට වඩා මානසික වින්දනයට ආශා කරයි. සිකුරු මහ දශා අතුරු දශා මෙන්ම සිකුරාදා දිනය අයහපත් වන අතර එම මහ දශා අතුරු දශා කාලයන්හිදී ප්‍රේම සබඳතා පවා කැඩී බිඳී යා හැකිය. විවාහ ගැටලු වුවත් පැන නැඟිය හැකිය. විවාහ කටයුතුවලට සිකුරාදා දිනය සුබ නැත. වෘශ්චික ලග්නයේ තෙවන කොටසට අයත් වන්නේ මකර, කුම්භ, මීන යන නවාංශකයකින් උපන් අය වන අතර දෙර්කාණාධිපති 9 වැන්න අධිපති වේ. එම නිසා 22 වැනි දෙර්කාණාධිපති සෙනසුරු වනු ඇත. මෙම අය නිතර කනස්සලු ස්වභාවකින් පසු වන අතර

සෙනසුරු සිව් වැන්නේ නම් දේපල ලැබීමට යහපත් නොවන අතර, ඒවා පිළිබඳ ගැටලු ඇති වීමට ද ඉඩ ඇත. ඇතැම් විට කුලී නිවසක වාසය කිරිමට ද සිදු වනු ඇත. සෙනසුරු පස් වැන්නේ නම් ඉගෙනීමට බාධා ‌ ගෙන දෙන අතර දරුවන්ටද යහපත් නොවේ. දරු පල අඩුය. හත් වැන්නේ සෙනසුරු සිටීම විවාහය පමා කරන අතර ජාතියෙන් කුලයෙන් හෝ ආගමෙන් වෙනස් වූ අයෙක් විවාහයට ලැබීමට ද ඉඩ ඇත. 10 වැන්නේ සෙනසුරු සිටීමෙන් රැකියා බාධා පහසුවෙන් පැන නැගෙන අතර සුදුසුකම් පැවතියත් රැකියා පමා වේ. 10 වැන්නේ සෙනසුරු සිටීමත් 10 වැන්නට සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය වැටීමත් රැකියා කරන ස්ථානයේ සතුරු බලවේග පවා ක්‍රියාත්මක වනු ඇත.

ජ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

සටහන

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.