ග්‍රහ යුද්ධ 5ක් ග්‍රහ මාරු රැසක්

සිකුරු අප්සරාවිය මේෂයට යද්දී සෙන්පති අඟහරු වියරු වැටෙයි ද?
මාර්තු 3, 2023

 

මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හංස යෝග බලය

වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝග බලය

ලග්න දොළොසටම ගජ කේෂරී යෝග බලය හා සත්කලත්‍ර යෝග බලය

 

වසරේ පළමු කෝණ මාසයේ ඇරැඹුමත් සමඟ මැදින් මස උදාවේ

 

අප්‍රේල් 06 වැනි ගුරු දින දහවල් දක්වා උත්තරායන වසන්ත සෘතුවෙහි කුªම්භ රවි 28 භාග මැදින් මහේ අව විසේනිය තිථිය ලත් මාර්තු 12 වෙනි රිවි දින මේෂ රාශිය මේෂ නවාංශකය අස්විද 01, 02, 03, 04 බෙරණ 01, 02, 03, 04 කැති 01 පාදය ඇතුළුව පාද නවයක් ගත වන තුරාවට විශ්ව තාරකා මන්දාකිණියෙහි සිකුරු අප්සරාවිය පෙරවරු 08.27 ට අඟහරු හිමි මේෂ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

මෙම ග්‍රහමාරුව සෙනසුරු කුම්භ රාශි උදාවෙහි අඟහරු 05 වැන්න වූ මිථුනයට සතුරුවද මේෂ විශ්වරාශි ග්‍රහ සටහනෙහි 03 වැන්නට සතුරුවද 11 වැන්න වූ අය ස්ථානගතව ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තුව නියෝජනය කෙරෙමින් සතුරුවද යෙදී අඟහරුගේ සංක්‍රමණය විශ්වය සහ ශ්‍රී ලාංකේය රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්ෂේත්‍රයෙහි පමණක් නොව සමස්ත පුරවැසි ජනතාවගේද ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි බවකින් යුතුව බලපානු ලබන බව පෙනේ.

ළා බාල දරු දැරියන් මෙන්ම වනිතාවන් රැකගත යුතු ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතු කාලයක් ඉදිරියට ඇති වන්නේ ය. මාධ්‍යයේ ශෘංගාරාත්මක දසුන් මැවෙන කාලයකි. පෙම්වතුන්ගේ සිහින සැබෑවෙන කාලයකි. මුහුදු ආශි‍්‍රත, ජලය ආශි‍්‍රත රැකියා කරන්න වුන් හා පදිංචිව සිටින්නන් සැලකිලිමත් විය යුතුය. ඒ දේශගුණික හා කාලගුණික විපර්යාස මඟින් අනතුරු ඇතිවිය හැකි බැවිනි. මාරාන්තික අනතුරු ඉහළ යා හැකි ය.

කලාකාමීන්ට සුබ දායක කාලයක් වෙයි. අධ්‍යාපනික, සෞඛ්‍ය අංශ මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයන්හි නවතාවයක් ඇති වන කාලසීමාවකි. අඩු ආදායම්ලාභී පවුල් නඟාසිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ. වසංගත රෝග ඇති වීමේ අවධානම වැඩිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

මෙම ග්‍රහ මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙලෙසයි.

 

මේෂ රාශිය -

විශේෂයෙන් සෞන්දර්යාත්මක පසුබිමක් ආශි‍්‍රතව දැඩි මුවහත්වීමෙහි ක්‍රියාදාමයක් හඹායන ගමනකි. නිර්ණාමික නාමික සතුරුබලවේග මෙන්ම ස්වකීය පිරිස් පිටුපාන කාල පරාසයක් ද වෙන්නේ ය.

වෘෂභ රාශිය -

පදිංචිය, රාජකාරී ආයතනය, රැකියා මාර්ග ගමන්මඟද ආකූල ව්‍යාකූල බවට නැඹුරු කෙරෙයි. තිරසර සිතැඟියාවන් සමඟ ක්‍රියාකාරකම් තෘප්තිමත් බවකට ද පාත්‍ර කෙරෙන හැඩතල ග්‍රහමාරු තුළින් පෙනී යයි.

මිථුන රාශිය -

උත්සහය උනන්දු හිත මිතුරු මිතුරියන් සහෝදර සහෝදරියන් ආශි‍්‍රතව මන්දගාමීබවක් ඉස්මතු කෙරෙයි. ජීවත්වෙන පරිසරය හිතකාමී නොවුවද ආකර්ෂණීය බව වඩාත් පි‍්‍රයමනාප කෙරෙයි.

 

කටක රාශිය -

රැකියා ආදායම් මාර්ගයන්හි මෙන්ම පදිංචියෙහිද ආදායම් මාර්ග ආකූල ව්‍යාකූල බවක් ද නිර්මාණය විය හැක. කළමනාකරණය සැළසුම්කරණය කෙරෙහි වඩාත් අවධානය ක්‍රමවත්වී යාම අතිශය වැදගත් වෙන්නෙකි.

සිංහ රාශිය -

සේවා ස්ථානය දෙදරන සමාරම්භක කරුණු කාරණා අවුල්කාරී බවකින් ද අපවාද චෝදනා මතුවෙන ඉතාම කටුක අවහිර බාධක ඉස්මතුවෙන බවක් මතු කෙරෙයි. උත්සාහය උනන්දුව මත සිතුම් පැතුම් වර්ධනය කෙරෙයි.

කන්‍යා රාශිය -

පවුල් ජීවිතයෙහි සාමය සමගිය නොසිතූ අයුරින් උදාවෙයි. පදිංචිස්ථානගත සමාරම්භක කාර්යයන් කෙරෙහි බාධක අවහිර දුෂ්කරතා මතු කෙරෙයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක වෙයි. නිර්ණාමික, නාමික සොර සතුරු බලවේග සමඟ හදිසි ආබාධ බලපායි.

තුලා රාශිය -

රැකියා ආදායම් මාර්ග ඇතුළුව දූදරු අධ්‍යාපනය ද ආරම්භක කටයුතු මෙන්ම ආරක්ෂාව දියුණු සහගත කටයුතුවලදී බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියාත්මක විය යුතු බවක් පෙනී යයි. දෙස් විදෙස් ගමන් බිමන් ද නවීකරණ ක්‍රියාකාරකම් ද සතුටුදායක වෙයි.

වෘශ්චික රාශිය -

තැන්පත් දේපළ වස්තු, රැකියා ආදායම් මාර්ග, සොර සතුරු බලවේග, රෝගාබාධ ක්ෂේත්‍රයන්හි දැඩි නොසන්සුන් බවක් නිර්මාණය වෙන සුළුවෙයි. බාධක, අවහිර දුෂ්කරතා මර්දනය කොටගෙන ඉදිරියට යාමේ ශක්තිය ධෛර්යය ඇතත් හදිසිකෝප ඉක්මන් තීරණ බාධකයි.

ධනු රාශිය -

බොහෝ දුරට සමාරම්භක කටයුතු කෙරෙහි ද බාධක අවහිර පැමිණිය හැකි බවක් පෙන්නුම් කෙරෙයි. පවුලේ අසමගිකම් උදාවෙයි. නිර්ණාමික නාමික සොරසතුරන් ඇතුළුව රෝගාබාධක මෙන්ම හදිසි ආපදා කෙරෙහි ප්‍රවේශම්විය යුතුව ඇත. පදිංචියෙහි නවතාවයක් ගෙන දෙයි.

මකර රාශිය - නිර්මාණශීලී කාර්යභාරයන් දියුණු වෙයි. කොන්ද තුනටිය සහ ඉල දෙපැත්තෙහි හදිසි ආපදා විපත්ති බල පෑ හැක. රැකියා ආදායම් මාර්ග කෙරෙහි අභිරහස් කුමන්ත්‍රණ නිර්මාණය කෙරෙයි. දැඩි උත්සාහය, උනන්දුව, දියුණුව කෙරෙහි බලපානු ඇත.

කුම්භ රාශිය - විවාහක කටයුතු සාර්ථක විය හැකි අතර යුග දිවිය ආශි‍්‍රතව දැඩි සොම්නස් සහගත බවක් ගෙනදෙයි. දූ දරු, සහකරු සහකාරියන් හිත මිතුරු මිතුරියන් ආශි‍්‍රතව ශෝකාකූල බවක් මතු කෙරෙයි. ශෝකාකූල ආර්ථිකයක් සමඟ කඩාකප්පල්වීම් උදාවිය හැක.

මීන රාශිය - ආගම දහමට නැඹුරු වෙන නිර්මාණශීලී ක්‍රියාකාරකම් දියුණුවෙන පින්වන්ත කාල පරාසයකි. අභිරහස් කුමන්ත්‍රණ සතුරු කරදර පදිංචි ස්ථානයට ද මතු කෙරෙයි. සමාරම්භක ක්‍රියාකාරකම් ප්‍රශංසාවට ද තුඩුදෙමින් සාර්ථ බවක් වර්තමාන කාල පරාසයෙහි උපදවයි.

 

ධනු රාශිය -

බොහෝ දුරට සමාරම්භක කටයුතු කෙරෙහි බාධක අවහිරතා පැමිණිය හැකි බවක් පෙන්නුම් කෙරෙයි. පවුලේ අසමගිකම් උදාවෙයි. නිර්ණාමික නාමික සොරසතුරන් ඇතුළුව රෝගාබාධක මෙන්ම හදිසි ආපදා කෙරෙහි ප්‍රවේශම්විය යුතුව ඇත. පදිංචියෙහි නවතාවයක් ගෙන දෙයි.

මකර රාශිය -

නිර්මාණශීලී කාර්යභාරයන් දියුණු වෙයි. කොන්ද තුනටිය සහ ඉල දෙපැත්තෙහි හදිසි ආපදා විපත්ති බල පෑ හැක. රැකියා ආදායම් මාර්ග කෙරෙහි අභිරහස් කුමන්ත්‍රණ නිර්මාණය කෙරෙයි. දැඩි උත්සාහය, උනන්දුව, දියුණුව කෙරෙහි බලපානු ඇත.

 

කුම්භ රාශිය -

විවාහක කටයුතු සාර්ථක විය හැකි අතර යුග දිවිය ආශි‍්‍රතව දැඩි සොම්නස් සහගත බවක් ගෙනදෙයි. දූ දරු, සහකරු සහකාරියන් හිත මිතුරු මිතුරියන් ආශි‍්‍රතව ශෝකාකූල බවක් මතු කෙරෙයි.

 

මීන රාශිය -

ආගම දහමට නැඹුරු වෙන නිර්මාණශීලී ක්‍රියාකාරකම් දියුණුවෙන පින්වන්ත කාල පරාසයකි. අභිරහස් කුමන්ත්‍රණ සතුරු කරදර පදිංචි ස්ථානයට ද මතු කෙරෙයි. සමාරම්භක ක්‍රියාකාරකම් ප්‍රශංසාවට ද තුඩුදෙමින් සාර්ථ බවක් වර්තමාන කාල පරාසයෙහි උපදවයි.

 

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.