ප්‍රබල ගුරු මාරුවෙන් ලග්න රැසකට මූල්‍ය සම්පත්

ලග්න හතකට ධන වාසනාව
මාර්තු 24, 2023

 

ධනු හා මීන ලග්න හිමියන්ට මිල මුදල් ලොතරැයි ජයග්‍රහණ

 

ව්‍යාපාර දියුණුව සෞභාග්‍යය උදාවන කාලයක්

 

මීන රාශි ගතව සිටි ගුරු හෙවත් බ්‍රහස්පති 2023 අප්‍රේල් මස 22 වැනිදා පූ.භා. 5.13 ට මේෂ රාශියට සම්ප්‍රාප්ත වේ. අහස් සිතියමේ විශාල පරාසයක්ම වසා සිටින විශාලතම ග්‍රහයා වූ ගුරු සිය මිත්‍ර රාශියක් වූ කුජගේ රැසට පැමිණීමෙන් මේෂ, කටක, සිංහ, වෘශ්චික, ධනු, කුම්භ, මීන යන රාශි ලග්න 7ටම සම්පත් කාරක වේ. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා, මකර ලග්නවලට සම ඵල උදාකරනු ඇත. ධනු හා මීන ලග්න හිමියන්ට සිය දෛනික ආදායම් මාර්ග ධනාත්මක ලෙස වර්ධනය වන අතර මෙතෙක් පැවැති සියලුම බාධක ඉවත් වේ.

තවද උපතේ දී ගුරු සිටි භාවය අනුව ඵලාපල වෙනස් වීමක් ඇතිවන බවද දක්වමු. ධනු හා මීන ලග්න හිමියන්ට විශේෂයෙන් ම මිල මුදල් ලොතරැයි වාසනාව පෑදේ. මෙතෙක් ඔබ විශාල ලෙස ආර්ථිකමය අවහිරතාවයකට මුහුණ පා සිටියේ නම් ගුරුගේ මේෂ රාශියට පැමිණීමෙන් පසු සම්පත්වල ලැබීම් අධික වේ. ප්‍රමාද වෙමින් තිබුණ විවාහ කටයුතු සාර්ථකත්වයට පත්වේ. අපේක්ෂා කළ දාරක සම්පත් ලැබීම් ඇති වේ. විදේශගත වීම් හා විදේශීය සබඳතා හරහා කෙරෙන ව්‍යාපාරවල ඉහළම දියුණුවකට පත්වන බැව් දක්වමු. මේෂ, කටක, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට මූල්‍යමය සම්පත්වල වැඩි වීමක් ඇති වේ.

විකුණාගැනීමට නොහැකිව තිබුණ ඉඩකඩම් දේපළ හා නිවාස විකුණා ගැනීමට අවස්ථාව අප්‍රේල් මස 25 න් පසු උදාවේ. 2023 සැප්තැම්බර් මස 5 වැනි කුජදින වක්‍රවීමට පෙර ඔබේ සියලු වැඩකටයුතු අරඹන්න. ගුරු 2024 මැයි 02 වැනි දින වක්‍රයෙන් මිදේ.

ඉහත දක්වන ලද ලග්න හිමියන්ට සුබ ඵල වඩාත් උදාවන නිසා මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ගුරු බ්‍රහස්පතිගෙන් ලැබෙන ධන සම්පත් මිල මුදල් නාස්ති නොවේ. ස්ථාවර වේ. ශනි රාහුගෙන් සම්පත්වලට හානි කර තත්ත්වයක් ඇති වන බැව් ද පෙනේ.

 

ඡ්‍යෝතිෂවේදී දේශබන්ධු 

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.