විදේශගත වීමෙන් පදිංචිය වෙනස් කිරීමෙන් අපල දුරු වෙනවාද?

මාර්තු 24, 2023

 

අපල කියන්නෙ අපි පෙර සංසාරයේ කරපු වගේම මේ භවය තුළ කරන අකුසල කර්ම පල දීමයි. එතකොට තමා ඔය කට්ටිය කියන්නෙ අපල කියලා, අපල ඇති කියනවා.

 

ගොඩක් අය සෙනසුරු අපල,එතකොට එරාෂ්ටක අපල, එතකොට රාහු අපල, එතකොට කේතු අපල, එතකොට විවාහ අපල, විවාහ ප්‍රමාද වීම් අපල, දරුපල නැති වීමේ අපල, ආදර සම්බන්ධතා බිද වැටීමේ අපල, රැකියා ගැටලු ,විවිධ වූ රැවටීම් වලට යොමු වීම් අපල, අමනුෂ්‍ය දෝස අපල එක එක අපල කියා කට්ටිය කියනවා, ඉතින් මේ තමන්ම කරපු අකුසල් කර්මයන් තමන්ටම විදවන්න වෙනවා දවසක ඒක තමා අපලයක් කියන්නෙ.

 

ඒ අපල අපි කොහොමද දැනගන්නේ?

 

ජෝතිර්වේදය වගේම වෙනත් නාඩි ශාස්ත්‍ර, එතකොට හස්ත රේඛා, එතකොට අදුන් බැලීම් ආදී ඔය සියලුම දෙවල් වලින් අපිට මේක බලන්න පුලුවන්. යම් කිසි ජන්මියෙක් මෙලොවෙ උපත ලබනකොට නැගෙනහිර ක්ෂිතිජයේ එම ජන්මියාගේ ග්‍රහ චක්‍රය නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අනුව අපි එම කෙනාගෙ හදහන තීරණය කරනවා. ඒ තුළ ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සියල්ල තීරණය වෙලා තියෙනවා. කරපු කුසල් අකුසල් ඒ ඒ කාලවලදී ඒවා පල දෙන ආකාරය, මේ ග්‍රහ සිත්තම තුළින් අපි නිගමනය කරනවා. ඒ ඒ කාලවලදී තමන් කරපු අකුසල් කර්ම විපාක දෙනවා.

එතකොට අර ගොනා පිටුපස එන කරත්ත රෝදය වගේ කර්මය අපි පිටුපසම එනවා. බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන ආකාරයට පටිච්ච සමුප්පාදය තුළ මෙය මනාව විග්‍රහ කරනවා. යම් ඵලයක් හටගන්නෙ යම් හේතුවක් නිසා ද,එතකොට ඵලය හොඳයි නම් හේතුව හොඳයි ,හැබැයි ඵලය නරක නම් ඒ කියන්නෙ අපලයක් නම් ඒ අපලයට මුලික වුණු හේතුව නරක අකුසල් දෙයක්මයි. එතකොට කර්මය තුළ බුද්ධ දේශනාව සඳහන් වෙනවා.

දිට්ටධම්ම වේදනීය, අපරාපරිය වගේම අහෝසි කර්ම යනුවෙන්.

අපි මේ භවය තුළ කරන අකුසල කුසල මේ භවය තුළම ලැබීම දිට්ටධම්ම වෙදනීය ලෙසත් අපි පෙර සංසාරයේ කරපු කුසල අකුසල මේ භවය තුළ හෝ මතු භවයන් තුළ පලදීම අපරාපරිය ලෙසත් පෙර භවයන්වල කළ කුසල අකුසලයන් මේ භවයන් තුළ අපි කරන කුසල අකුසලයන් මත අහෝසිවී යාම අහෝසි කර්ම වෙනවා.

දිනක් බුදුන් වහන්සේ ආනන්ද තෙරුන් සමඟ ධර්ම දේශනාවකට වඩින විට බුදුන්වහන්සේට වගේම ආනන්ද තෙරුන්ට යම් පිරිසක් ගල් ගසනවා. එවිට ආනන්ද තෙරුන් වහන්සේ කියනවා,අපි මෙතනින් පිටව යමු කියා. බුදුන් ආනන්ද තෙරුන්ට කියනවා,ආනන්ද මෙතනින් ගල් ගසනකොට අපි වෙන තැනකට යනවා. එතනින් ගල් ගැසුවොත් වෙන තැනකට යනවා. එතනිනුත් ගල් ගැසුවොත් තව තැනකට යනවා. එහෙම වුනොත් අපිට මේ මුලු දඹදිවෙන්ම යන්න වෙනවා කියා.

එ නිසා අපිට යම් අපලයක් තියෙනවා නම් ඒ අපලයට මුල් වන්නෙ ඒකෙනාමයි. මොකද ඔහු හෝ ඇය පෙර ඔහු හෝ ඇය විසින්ම වැපිරූ දෙයම තමා ලැබෙන්නෙ. එතකොට එයට වෙන කෙනකුට බැනලාවත් දොස් කියලාවත් ඉන්න තැන ඉන්න රටවත් වෙනස් කරලා අපලවලින් බේරෙන්න බෑ.‘ කියලා.

 

එහෙනම් කළ යුත්තේ කුමක්ද?

 

මම අර ඉහත සඳහන් කරපු ක්‍රමයන්ගෙන් අපිට බලා තීරණය කරන්න පුළුවන් මොකක්ද මේ අපලය සහ ඒ අපලයට මුලික වුණු හේතුව මොකක්ද කියලා.

උදාහරණයක් ගත්ත්තොත් යම් කෙනකුට දරුපල අහිමි වෙන්නෙ සහ ප්‍රමාද වෙන්නෙ එම කෙනා පෙර සංසාරයෙ කරපු අකුසල් කර්ම නිසා. ඒ කියන්නෙ දරුවන් සිටින අයට දරුපල අහිමි කරවීම. නැතිනම් ගබ්සා කරවීම. දරුවන්ට නිගා කිරිම්. ගැබිනි මව් වරුන්ට නිගා කිරීම් ආදිය නිසා මේ භවය තුළ දරුපල අහිමි වෙනවා. එතකොට අපි අර අහෝසි කර්ම යටතේ මේ භවය තුළ අකුසල් කර්ම අහෝසි කරන්න කුසල් කර්ම කරන්න ඕන. ඒ කියන්නේ ගැබිනි මාතාවන්ට වගේම කිරි දෙන මව්වරුන්ට ආහාර පාන ලබාදීම, ඖෂධ ලබා දීම, ඇප උපස්තාන කිරීම ආදිය සහ හදහනට අනුව අනිකුත් ප්‍රතිකර්ම බලා තීරණය කරන්න ඕන. එතකොට අර අකුසල් කර්මයන් අහෝසි වෙනවා. ඒ වගේ තමා අනිකුත් අකුසල් කර්ම නැතිනම් අනිකුත් අපලවලට අපි මුහුණ දිය යුතු වන්නේ.

නැතිනම් කිසිම විටක අපලයක් තියෙනවා කියලා තමන් ඉන්න තැනවත් ඉන්න රටවත් වෙනස් කරන එක එයට ප්‍රතිකර්මයක් නොවේ.

 

ජ්‍යෝතිෂ විද්‍යා විභූෂණ

සශේනක දිලාන් බණ්ඩාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.