ලොව පුරා ඡ්‍යොතිෂයේ භාවිතය

මැයි 26, 2023

ඡ්‍යොතිෂයේ ආරම්භය පිළිබඳ ලියැවුණු පොතපත ආදිය පසුගිය ලිපියේ අපි කතා කළෙමු. මේ එහි ඉතිරි කොටසයි.

ජ්‍යොතිෂ් ශාස්ත්‍රය 

කෙසේ පැවතෙන්නක්ද? -11 කොටස

වේද ඡ්‍යොතිෂය කොටස් 6කට වර්ග කළ හැකිය.

ගෝල ග්‍රහ පිහිටීම

ගණිත – ග්‍රහ පිහිටීමේ නිරීක්ෂණ සහ එහි තොරතුරු අනාවරණය කර ගැනීමේ ක්‍රමවේද

ජාතක ග්‍රහ පිහිටීම

ගණිත ග්‍රහ පිහිටීමේ නිරීක්ෂණ සහ එහි තොරතුරු අනාවරණය කර ගැනීමේ ක්‍රමවේද

ජාතක ජන්ම පත්‍ර

ප්‍රශ්න වේලාව සහ ස්ථානය අනුව පිළිතුරු දීම – තත් කාලය

මුහුර්ත නැකැත්

නිමිති සුබ අශුභ පිළිබඳව සෙවීම

මීට අමතරව ඡ්‍යෝතිෂය හා බැඳුණු අනෙකුත් ශාස්ත්‍රය නමි නාඩි ශාස්ත්‍රයයි. 72 ක්වූ නාඩි අතරින් තන්ත්‍ර නාඩියට අනුව රාශි නවාංශක සහ අනෙකුත් විස්තර ඇතුළත්ව වසර 360ට වතාවක් ලියවී ඇති ජන්ම පත්‍ර 1,588320 ඇති බව කියැවේ. ශ්‍රී ලංකාවේද ඡ්‍යොතිෂය සඳහා ගුරුකොට ගනු ලබන්නේ ඉහත දැක්වූ ග්‍රන්ථ හා සංහිතාවන්ය. ජ්‍යෝතිෂය පිළිබඳව ඇති ඇතැම් ඓතිහාසික කරුණු අනාවරණය වන්නේ වාල්මිකි විසින් රචනා කරන ලද රාමායණය මඟිනි. ශ්‍රී ලංකාවේ ගණිතමය වශයෙන් සැකසූ ලිත් හා ග්‍රන්ථ ඇතත් ඒවායේ ගුරුකුල සම්ප්‍රදාය කුමක්දැයි පැහැදිලිව නැත. එහෙත් දෛවඥ කාමධේනුව ලංකාවේ රචිත එකම ජ්‍යෝතිෂ කෘතිය බව පැහැදිලිය. කෙසේ වුවත් අප වෙත ඍජුවම බලපෑ ඉන්දියානු ආභාසය නිසා ඡ්‍යොතිෂය පිළිබඳව ඇති දැනුම මෙහි මුල් බැසගත් බවට විශ්වාස කළ හැකිය. පසු කාලයේ මෙම ශාස්ත්‍රය ගණිතමය වශයෙන් ප්‍රගුණ කළ යතිවරයන් රාශියක් බිහිවීම ප්‍රබල සාක්ෂි ලෙස සැලකීමට පුළුවන.

ඉන්දු ආර්ය සමාජයේ ඡ්‍යොතිෂය පිළිබඳව දැනුම ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවස දක්වා විහිදෙයි. 17 වැනි සියවස දක්වා ඡ්‍යොතිෂය ගුරුකුල සඳහා වූ අරුමයක් ලෙස පැවති මුත් තාරකා විද්‍යාව දක්වා දියුණුවීමට එය ඉවහල් විය.

එසේම ක්‍රමානුකූල ඡ්‍යෝතිෂ ක්‍රමයක් පිළිබඳව වාර්තා වන්නේ 2 වැනි සියවසේ බැබිලෝනියාවෙනි. තවත් මතයක් නම් 3 වැනි සියවසේ සුමේරියානු යුගයේ ආකාශමය වස්තුන් පිළිබඳව ඡ්‍යෝතිෂමය අනාවැකි පළවූ බවයි. නමුත් එම මතයන් හුදෙකලාව පළවීමේ හේතුවෙන් එය සනාථ කිරීමට තරම් සාක්ෂි හමු නොවේ. එනිසා ක්‍රි.පූ. 1800 අයත් පැරැණි බැබිලෝනියානු ග්‍රන්ථ සහ ක්‍රි.පූ. 1200 දක්වා වූ මධ්‍ය සුමේරියානු යුගය දක්වා ආකාශමය වස්තුන් පිළිබඳ දිව්‍යමය වාක්‍ය පැවසූ ගුරුකුල සම්ප්‍රදායක් පැවති බවට සාක්ෂි ඇත.

ඍඡ්ව්උඉ ඊඒඕඹ්ඡ්ඊ ර්‍ණජ් ඒර්ර්ධ්ඉඒච්උඒQඒ හෙවත් ඇමිසාඩුක්වාභි සිකුරු පුවරුව ක්‍රිස්තු පූර්ව 17 සියවසේ බැබිලෝනියාවේ සම්පාදනය කරනු ලද්දකි. මෙය මෙසපොටේමියාවේ අකාඩිහි සාගත් රජු විසින් ක්‍රි.පූ. 2334 -2279 අතර කාලයේ කරවන ලද්දක් යැයි පැවසෙයි. ඔහු සරු ඛාන් හෙවත් සත්‍යයේ රජු ලෙස ඒ කාලයේ රජ කළ තැනැත්තෙකි. ඔහු පර්සියානු අධිරාජයෙකි. ඇසිරියානු නගරයක්වූ ව්ධ්ව්ඡ්ඍඡ්ඩ් පුස්තකාලයකින් සොයාගත් අතර 1870 එය ප්‍රකාශයට පත් කෙරිණි. ඊට පෙර තේරීමේ ජ්‍යෝතිෂ විද්‍යාව ලෙස සුමේරියානු පාලකයකු වූ ලගාෂ්භි ගාඩියා විසින් ක්‍රි.පූ. 2144 - 2124 භාවිතා කොට ඇත.

කෙසේ වුවත් වඩාත් සංවිධානාත්මක ජාතියක් ලෙස ඉතා පැරැණි ඡ්‍යොතිෂ ක්‍රමයක් අපට හමුවන්නේ 2වැනි සියවසෙහි බැබිලෝනියාවෙනි. 3 වැනි සියවසේ සුමේරියානු යුගයේ ඡ්‍යොතිෂය පිළිබඳව පිබිදීමක් තිබූ බවට විවාදයක් පැවතියත් පුරාණ ආකාශමය නිමිති පිළිබඳව ඇති සාධකය වෙන් කොට බැලීමේදී එම කාරණය සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි හමු නොවේ.

කෙසේ වුවත් විද්‍යාර්ථියන්ට අනුව පැරණි බැබිලෝනියානු ග්‍රන්ථ ක්‍රිස්තු පූර්ව 1800 සිට මධ්‍ය බැබිලෝනියානු යුගය සහ ඇසිරියානු මධ්‍ය යුගය වන ක්‍රිස්තු පූර්ව 1200 දක්වාවූ බවට වාර්තාවක් ඇත.

16 සියවසේදී සම්පූර්ණ කළ කාර්යයක් ලෙස ඡ්ව්උර්ඒ ඒව්උජ්ව්ඹ්ධ්ඹ් නම් කීලාකාර අක්ෂර ඇති නිමිති වාක්‍යයන් 7000 පමණ අඩංගු මැටි පුවරු හෙවත් පලකයන් 70 පමණ නිබන්ධිතය. ඒවා මුඛ පරම්පරාගතව පැවතිණි.

නමුත් 1 වැනි සියවස වන විට ගණිතමය විධි ක්‍රමයන්ට අනුව ග්‍රහ පිහිටීම් සහ වෙනස්වීම් පිළිබඳව නිවැරැදි පංචාංගයක් ලෙස මතුවන්නට විය. මෙහි පුවරු 32 මඟින් ක්‍රිස්තු පූර්ව 1875 සිට පැවතෙන බැබිලෝනියානු දිව්‍ය වාක්‍ය පිළිබඳව සඳහන් වේ.

පර්සියානුවන් විසින් ක්‍රි.පූ. 525 ඊජිප්තුව අල්ලාගත් පසු මෙසපොතේමියාවටද ඡ්‍යොතිෂය පිළිබඳව බලපෑම් ඇති විය. ඉතිහාසඥ ටැම්සන් බාටන් දක්වන්නේ ග්‍රහ මණ්ඩලයේ දැක්වූ තුලාව සහ ගෝනුස්සා ඊට සාක්ෂි බවයි.

ඉන්පසු ඇලක්සැන්ඩර් මහාධිරාජයා ක්‍රි.පූ. 525 දී ඊජිප්තුව අල්ලා ගැනීමෙන් පසු එය ගී‍්‍රක පාලනයට යටත් විය. එම යුගයේදී බැබිලෝනියානු ඡ්‍යෝතිෂය සහ ඊජිප්තු ජ්‍යෝතිෂය අතර මිශ්‍ර වීමෙන් ච්ඥජචදඪජ ඒඵබපධතධඨර බිහි විය. මෙය ඉන්දියාවේ දෙර්කාණ වශයෙන් දැක්වේ. මෙය ග්‍රහ මණ්ඩලයේ අංශක 10 තුළදී සිදුවන ඩෙකෑන් 36 වශයෙන් සඳහන්ය.

මේ යුගය වන විට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිටි තාරකා හා ඡ්‍යෝතිෂඥයෙකු වූයේ ටොලමිය. බටහිර ඡ්‍යෝතිෂයේ පදනමට මුල්වූ ඊඡ්ඊඅඒඕධ්ඕඹ්ර්‍ණඉ නම් ඔහුගේ නිබන්ධය අතිශයින් ප්‍රචලිත විය. මධ්‍ය කාලීන යුරෝපයේ අරාබි බසින් ලතින් බසට ර්‍ථතචබධ ධට ඊඪමධතඪ චදඤ ඊඪඡභපඪබචද ක්‍රි.ව. 1138 දී පරිවර්තනය කළේය. ඊජිප්තුවේ පාරාවන් වූ නෙවෙස්පෝ සහ ඔහුගේ පූජකයා වූ පෙටෝමිරල් හට සඳහනක් ලැබුණේ ඒ අනුවය.

 

රෝමය සහ ගී‍්‍රසිය

ඇලෙක්සැන්ඩස් රජු ආසියාව ආක්‍රමණය කිරීමෙන් පසු සිරියා, බැබිලෝනියා සහ පර්සියා යන මධ්‍යම ආසියාවේ ඇති විශ්වය පිළිබඳව තිබූ අදහස් කෙරෙහි ගී‍්‍රසිය නැඹුරු වන්නට විය. ඇතැම්විට ක්‍රිස්තු පූර්ව 280 දී බෙරාසස් නම් බැබිලෝනියානු පූජකයා ම්උඉ නම් ගී‍්‍රක දූපතට පැමිණ ගී‍්‍රකයන්ට එය ඉගැන්වූවා විය හැකිය. ඊඡ්ඕඅධ්උඉ ම්උඉ ඔහුගේ අනුප්‍රාප්තිකයා ඔගස්ටස් අධිරාජ්‍යයා නම් රාජකීය අයිතිවාසිකම් නිත්‍යානුකූල කිරීමේදී ඡ්‍යෝතිෂයේ පිහිට පැතීය. ගී‍්‍රක දාර්ශනිකයකු මෙන්ම ගණිතඥයකු වූ එරතොතින් අක්ෂාංශක හා දේශාංෂක සොයාගත් විද්‍යාඥයා ලෙස සැලකෙයි. එසේම පොළොවේ පරිදිය නිශ්චිතවම ගණනය කළ පුද්ගලයා වන්නේද ඔහුය. සෙර්න් නම් වූ වර්තමාන ලිබියාවේ ක්‍රි.පූ. 276දී උපත ලැබීය.

 

ඉස්ලාම් ලෝකයේ ඡ්‍යොතිෂය

ඡ්‍යොතිෂය පිළිබඳව ඉස්ලාමියන්ගේ උනන්දුව ඇති වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාව 7 වැනි සියවසේදී අරාබින් අතට පත්වීමත් සමඟය.

ඒඡඡධඵඪඤ ඛ්චතඪට චත ර්චඵභප 2 සියවසේදී 754 -775 බැග්ඩෑග් නගරය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළේය. එය නගරයේ පුස්තකාල පරිවර්තන මධ්‍යස්ථානයක් ලෙස ඡචරබ චණ ඩඪඬථච හෙවත් ඥාන ගබඩාවක් ලෙස ඉඊර්‍ණඅඡ් ර්‍ණජ් එධ්ඉච්ර්‍ණර් ලෙස හෙලස්තියානු ඡ්‍යොතිෂයේ අරාබි පර්සියානු ග්‍රන්ථ බවට පත් කළේය. යුරෝපයේ පුනරුදය සඳහා 13 සියවසේ පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථ මහත් බලපෑමක් ඇති කළේය. විශේෂයෙන් අරාබි ඡ්‍යෝතිෂවේදියකු වන ශඒඹ්ඕඋර්ඒඉඋඅ විසින් රචිත ධ්ව්ඊඅර්‍ණච්ඛ්ඊධ්ර්‍ණව් ධ්ව් ඒඉඊඅර්‍ණව්ර්‍ණර්ධ්ව්උර් මධ්‍යකාලීන යුරෝපයේ ජනපි‍්‍රය කෘතියක් විය. අනෙක් අරාබි ජාතිකයා නම් ඒඹ් ම්ඩ්එඒඉධ්ඛර්ධ්ඛ් ය. ඔහු විසින් තෙලස්තියානු ඡ්‍යෝතිෂය නමින් කෘතියක් ලිවීය.

 

චීනය

චීනයේ ඡ්‍යෝතිෂය බිහිවන්නට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේදීය. ඔවුන්ගේ දින දර්ශනයට පදනම් වී ඇත්තේ තාරකා විද්‍යාවයි. චීන ඡ්‍යෝතිෂය හා දර්ශනවාදය අතර සමීප සම්බන්ධයක් ඇත. විශේෂයෙන් හැන්ස් රාජවංශය පැවති ක්‍රිස්තු පූර්ව 2 සිට ක්‍රි.ව. 2 දක්වා කාලය තුළදී තාරකා විද්‍යාව ලෙස විශාල පිබිදීමක් ඇති විය. බටහිර ඡ්‍යොතිෂයේ දක්නට නොමැති දිව්‍ය ලෝකය, ජලය සහ පොළව යන ත්‍රිත්වයේ සුසංයෝගයක් ලෙස චීන දර්ශනවාදයට සමීප සබඳතාවක් චීන ඡ්‍යෝතිෂයේ දක්නට ඇත. චීනයේ මහා දාර්ශනික කොන්ෆියුසියස් පවා ඡ්‍යෝතිෂයට ඉතාමත් ගරුත්වයක් දැක්වූ බව ඔහුගේ ඇතැම් ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වේ. ක්‍රි.පූ. 1766 -1050 දක්වා පැවැති රාජ වංශය විසින් වසර 60 කාල චක්‍රය හා පංච මහා භූතයන් එක්කොට සතුන් 12 ලකුණු ඇති ග්‍රහ මණ්ඩලයක් ලේඛනගත කර ඇත.

අවසාන වශයෙන් මෙසොඇමරිකාව ද ක්‍රි.පූ. 6 වැනි සියවසේදී ඔවුන්ටම ආවේණිකවූ ක්‍රමයක් නිර්මාණය කළේය. මායා මික්ස්ටෙක්, ඇස්ටෙක් වැනි සමාජ කණ්ඩායම් මුල්කාලීනව දින දර්ශන භාවිත කළ ද මෙසොඇම්රිකන් දින දර්ශනය නිර්මාණය වූයේ මායාවරුන්ගෙන් නොවේ. නමුත් එම දින දර්ශනයේ පසුකාලීන සංශෝධන මඟින් ඉති නිවැරැදි ලෙස පිළියෙල කිරීම මායාවරු විසින් සිදු කළහ. එම දින දර්ශනයේ ගණිත විද්‍යාවට අනුව මායා ඡ්‍යෝතිෂඥයකු හට යමෙකුගේ උපන්වේලාව අනුව ජන්ම පත්‍රයක් සැකසීම පහසුවේ. දින 584 ක් සිකුරු චක්‍රය මේ සඳහා උපයෝගී කරගත් බව එම දින දර්ශනය අනුව පෙනී යයි.

 

කථිකාචාර්ය

නන්දලාල් මාලගොඩ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.