ඔබට ඕනෑ දුවක් ද පුතෙක් ද?

නොවැම්බර් 17, 2023

ලොව උතුම්ම සම්පත වන්නේ දරුවන්ය. විවාහයේ අග්‍රඵලයද දාරක සම්පතයි. ඉතා බලවත් පංච මහා සම්පත්තියෙන්ම අනූන වූ දරුවකු මෙලොවට බිහි කළ යුත්තේ අඹු සැමි දෙදෙනාගේ මානසික තත්ත්වයේ ඇති පාරිශුද්ධ භාවය ඔස්සේ ය. කාන්තාවකගේ ඔසප් චක්‍රයට අදාළව කුජ, සඳු ග්‍රහයන්, උභය ග්‍රහයින්ගේ බලය අවශ්‍ය වේ. චන්ද්‍ර රාශිය කෙරෙන් (1, 2, 4, 5, 7, 8, 9, 12) යන අනුපචය රාශියකට කුජ ගිය කල්හි ගැබ් ගැනීම සිදුවේ. ගැබක් පිහිටීමට මාතෘ ගර්භය සූදානම්ය. පුරුෂ කේන්ද්‍රයේ (3, 6, 10, 11) උපචය රාශියකට සඳු ගිය කල්හි ගුරු විසින් දැකීම නිසා පුරුෂයාට පිය පදවියට සුබ අවස්ථාවකි. එවන් අවස්ථාවක සමීපයෙන් දාරක බීජ ස්ථාපිත වේ.

මාස් ශුද්ධියෙන් 6, 8, 10, 12, 14, 16 දිනයන්හි පුතෙකු ද 5, 7, 9, 11, 13, 15 දිනවල දියණියකගේද පිළිසිඳීම් ඇතිවේ. ඡ්‍යොතිෂය ඉවහල් කරගෙන දුබලකම් සහිත දරුවන් පිළිසිඳ ගැනීම වළකාගත හැක.

නිවුන් දරු උපත් මෙසේය. කුජ බුධ ගුරු පුරුෂ රාශිවල සිටීම, සඳු සිකුරු ස්ත්‍රී රාශිවල සිටීම ලග්නය හා සඳු ස්ත්‍රී රාශිවල සිටින පුරුෂ ග්‍රහයෙකු දැකීම ස්ත්‍රී රාශිවල ප්‍රබලතම කුජ බුධ ගුරු ලග්නගතවීම ස්වක්ෂේත්‍ර රාශියකට වංශයකට පැමිණි බුධගේ දැකීම පළමු කී උභය රාශියක් ග්‍රහයින්ට පෙනීම සම අංශවල සිටි ග්‍රහයින් නිසා සමලිංගික දරුවෝද උපදී. දරුවෙකු මව්කුස පිළිසිඳ ගත් විට එකී දරුවන්ගේ පූර්ණ භාරකාරත්වය ග්‍රහයින් නව දෙනාට වෙත පැවරේ.

1. පළමු මාසය ශුක්‍ර සිකුරුට බාරකාරත්වය අයත් වේ.

2. දෙවැනි මාසය කුජටද 3 වැන්නේ ගුරුගේ පාලනයටද (මොළය වර්ධනය වේ.)

4. හතරවැනි මාසය භාරකරු රවිය. ඇට (අස්ථි) වලට බලපානු ඇත.

5. මාසයේ දී සඳුට සම වැඩීමට පටන් ගනී.

6. මාසයේ දී ශනිගේ පාලනය හිසකේ වැඩේ.

7. බුධගේ භාරකාරත්වය බුද්ධිය කුඩා මොළයත් වම් මස්තිකය, දකුණු මස්තිය වැඩේ.

8. යළි 8, 9 හා 10 යන මාස රවිගේ පූර්ණ පාලනයට නතු වේ.

උපත වූ තැන් සිට සඳු සිටි නැකතට අයත් ප්‍රමුඛ ග්‍රහයා (අතුරු දශා) ලෙස අනෙක් සියලුම ග්‍රහයින් වෙත පාලනයට නතු වේ.

සංවිධානයකින් තොරව අධික බීමතින් දුම් පානයෙන් අවිචාරයෙන් කෝපයෙන් විකෘති මානසිකයකින් මන්ද බුද්ධිකත්වයෙන් දෙදෙනාගේම එක්වීමෙන් එවැනි දරු උපත් සිදුවේ. මාපියන්ගේ වැරදි නිසා එවැනි දරු උපත් සිදුවන බැව් අත් දැක ඇත්තෙමු.

මේ අතර ගබ්සා වීම්ද ඇති වේ. මවගේ පියාගේ පුත්‍රස්ථානය 5 වැන්න පාප පීඩිත වීමත් මවගේ හය වැන්නේ කුජ රාහු, ශනි එක්වීම හරහා ද සිදුවේ. පියාගේ කේන්ද්‍රයේ 5 වැන්නේ කුජ රාහු වැනි ග්‍රහයින්ගෙන් හෝ 22 වැනි දෙර්කානාධිපති ග්‍රහයාගෙන් හෝ 8 අධිපතියාගෙන් පීඩාවීම නිසා දරුඵල වල කටුක අත්දැකීම්වලට ගොදුරු වේ. පුරුෂ ශුක්‍රාණු හා ගැහැනු ආර්තවානුවල සංයෝගයෙන් ලක්ෂ ගණනක ජනක අනුවලින් එක් බීජයක් දරා ගැනීමේ පූර්ණ ශක්තියද සැමියාට තිබීම අනිවාර්ය වේ. පුරුෂයෙකු කොතරම් මහලු වුවත් දාරක බීජ වියපත් නොවේ. වැඩි වශයෙන්ම දාරක සම්පත්වලදී සැමියාගේ දාරක සම්පත් බීජ පෝෂණාත්මක වීම අනිවාර්ය වන අතර බිරිඳගේ ගැබ් දරා ගැනීමේ ශක්තිය තිබීමද අනිවාර්ය වේ. මෙය ජීව විද්‍යාත්මක පැතිකඩක් වේ. පෙර භවයේ දී කරන ලද කුසලා කුසල කර්ම බලවේගයක් වීම මොලවා ගත් හස්තයකින් යුතුව මෙලොව ජනිත වන බැව් සත්‍යයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.