කුජ-ශනි සිකුරු-නැප්චූන් යුද්ධවලින් කුජට සහ නැප්චූන්ට ජය

අප්‍රේල් 5, 2024

නව තාක්ෂණික දියුණුව

අපනයන වර්ධනය

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට වාසි

 

එළැඹෙන අපේ‍්‍රල් 03 සිකුරු සමඟ නැප්චූන් ද අප්‍රේල් 11 ගුරු දින කුජ සමඟ ශනි ද යුද වදින අතර ශනි සහ සිකුරු පරාජිත වෙයි. මේ අනුව අඟහරු සහ නැප්චූන් විජයග්‍රහණය කරනු ලබයි. කුජ, ශනි නෛසර්ගික පාප ග්‍රහයන් දෙදෙනා අතර ග්‍රහ යුද්ධය මකර රාශියෙහි 02 වැන්නවූ ධනස්ථානගතවද සිංහ ජනරජ රාශි සටහනෙහි 07 වැන්නද මේෂ විශ්ව කේන්දර රාශි සටහනෙහි 11 වැන්නද පීඩාවට පත් කරනු ඇත.

මේ අනුව සිංහල අවුරුදු කාලසීමාව ග්‍රහ යුද්ධවලින් පීඩිත කාලයක් බවට පත්වනු ඇත.

ගිනි, ජල, විෂ විපත් මෙන්ම ප්‍රචණ්ඩත්වය හිස ඔසවන තත්ත්වයක් ඇති වන අතර අවිනිශ්චිත බවෙන් මෙන්ම පරිසර දූෂණයෙන් කරදර ඇති වෙයි. දැඩි විෂමාචාර ක්‍රියාකාරකම් ලොව පුරා බහුල වී යාමද නියත වශයෙන් දක්නට ලැබෙනු ඇත.

පංචමහා භූත සංකලය විසම වීමෙන් කාලගුණික දේශගුණික විපර්යාස ඇති වුවද මානව හිතවාදී සත්ව කොට්ඨාස ප්‍රබෝධමත් කරන වසන්ත සැණකෙළියක් දක්නට හැකි වනු ඇත. දැඩි ඉවසීමෙන් ආගම දහමට නැඹුරුව ක්‍රියා කිරීම ඉතා ශුභවාදී වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.