කේන්දරෙන් සල්ලි ලැබෙන හැටි

අප්‍රේල් 19, 2024

 

මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක් පාසාම වඩාත් උනන්දුවක් දක්වයි. ජන්ම කේන්ද්‍රයේ මුදල් පිළිබඳව දෙක සහ එකොළොස් වැන්න මුල් තැනක් ගනී.

එදිනෙදා රැකියාවකින් හෝ ව්‍යාපාරික කටයුතුවලින් මුදල් අතට එන්නේ නම් එය ද වැදගත් ය. මාසිකව වැටුපක් ගන්නා කෙනෙකුට වඩා එදිනෙදා මුදල් ලබන්නෝ ඒ ගැන වැඩි උනන්දුවක් දක්වති. රැකියාවකින් අතට ලැබෙන මුදල්වලට වඩා වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවලින්ද ලැබෙන ධන සම්පත්වල වටිනාකම්ද වැඩිය.

කේන්ද්‍රයේ දෙවැන්න හෙවත් ධනස්ථානය ගැන බැලීමේ දී ධනය මෙන්ම වාග් ධනය අදහස් අලෙවි කරන ධනය, කටහඬ වචන හැසිරවීම දේශනය කතිකාචාර්ය පදවිය උපදේශනය, නියෝජනය වන්නේ ය. දෙවැන්නේ අධිකතර පාපීන් සිටීමද අසුබයි. බුධ, ගුරු, රවි, සඳු, ශුක්‍ර වැනි ග්‍රහ හැසිරීම සුබයි. රවි දෙවැන්නේ පාප පීඩිත වීම අසුබයි. කුජ සිටීමෙන් වචන හරඹයක් ද විය හැකිය. රාහු හා ශනිද සුබ නොවේ.

ලග්නාධිපතියා ලග්නයෙන් දෙවැන්නාධිපතියා දෙවැන්නෙන් එකොළොස් වැන්නාධිපතියා එකොළොස් වැන්නෙන් 2, 11 පරිවර්තන යෝගවීමත් සුබ කාල දශා පරාසය තුළ විශාල ලෙස ධනය ලැබේ. පාපීන්ගේ එක්වීම හෝ පෙනීම ඉතාම අසුබයි. මුදල් වහා වැයවේ. විශාල මුදල් කරදරවලට නතුවේ. දෙවැන්නේ සුබ තත්ත්වයේ ග්‍රහයින් වැඩිපුර සිටීමත් ධනකාරකීය යෝග සහිත වීම මඟින් විශාල ලෙස ධනය අතට ලැබේ. 2 සහ 4 අධිපති ලග්නයේ සුබව ඇත්නම් ධනසම්පත් හිමි වේ. ලග්නාධිපතිත් දෙවැන්නාධිපතියත් ඉතාම බලවත්ව සිටීමෙන් ඉබේම මුදල් අතට ලැබේ.

සමහර විට ලොතරැයි වාසනාවක්ද විය හැතිය. සඳු ශුක්‍ර යෝගය මඟින්ද ධන සම්පත් හිමි වේ. 2 අධිපති 12 හෝ 6 යේ ද 12 අධිපති 2 ද 11 අධිපතියා 8, 6, 12 සිටීමෙන් ධනය හානි වේ. වැය පස ඉහළයයි. ගුරු 12 සිට 2 වැන්න දුබල නම් ධනය අහිමි වේ. ලග්නාධිපති 2 අධිපති 11 වැන්නාධිපති 9 වැන්නාධිපති ලග්නයේ හෝ නවාංශකයේ සිටි ජන්මියා කෝටිපතියෙකි. රවි සහ ශනි යහපත් නැත.

දෙවැන්නා මාරක රැසක් ද වනුයේ 2 වැන්න 8 න් අට වූ 3 වැන්නේත් 12 වැන්න වූ නිසාය. එහෙයින් 2 වැන්නේ දශාව නොවන ජන්මියා සඳුගෙන් අට වැන්න වී සිටීමෙන් සමහරවිට 22 වෙනි දෙර්කාණාධිපති දශාවක් හසුවීමෙන්ද ඒරාෂ්ඨක අපල වෙතොත් එය මාරකයක් විය හැකිය.

මේ අනුව බලන විට කේන්ද්‍රයක 2 වැන්න ධන ශක්තියෙන් මනා පෞරුෂයත්, මුහුණේ හැඩයත්, වාග් චාතූර්යත්, ධනයත්, සුව පහසු දිවියත්, උසස් ඉගෙනීමත් ආදි යහපත් ප්‍රතිඵල ගෙනදේ. කන්‍යා ලග්නය වී 2 වැන්න ගැන පරීක්ෂා කර බලන්න. එවිට ඡ්‍යොතිෂය අධ්‍යයනය කරන ඔබට මේ පිළිබඳ වඩාත් පැහැදිලි වනු ඇත.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.