ඔබත් උපන්නේ මැයි මාසයේ 16 සිට 23 දක්වා දිනෙකද?

මැයි 17, 2024

මැයි 16 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ස්වභාවයෙන්ම ඔබ කරුණාවන්ත ත්‍යාගශීලි පුද්ගලයකු වේ. එසේම ඔබ අබිිරහස් දේවල් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර ගැඹුරින් ගුප්ත ශාස්ත්‍ර හැදෑරීමට උත්සාහ ගනු දක්නට ලැබේ. තවද අනාගතය කියවීමේ හැකියාවක් ඔබ සතු වේ. සාර්ථකව දේශනයන් කිරීමේ හැකියාවක් ඔබ සතුවන අතර එම හැකියාවන් දියුණු කර ගැනීමෙන් ඉදිරියට යා හැකිය. විවාහය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රමාදව විවාහ වීම සුදුසු වේ. ජීර්ණ පද්ධතියේ දුර්වලතාවයන් මූලිකව පවතින බැවින් ආහාර ගැනීමේදි තෝරා ආහාර ගැනීම යහපත් වේ.

 

මැයි 17 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. මෙදින උපන් ඔබ පූර්ණව වාසනාවන්තව හෝ අවාසනාවන්ත විය හැකිය. ඔබගේ හැඟීම් ඔබ පෙන්වන්නේ නැත. එම නිසාම ඔබ ආදරය නොහඳුනන අයෙකු ලෙස සලකා බාහිර පාර්ශ්වයන් කටයුතු කරන්නේය. සියලු කටයුතුවලින් දුක කඳුළ ඔබට උරුම වනු ඇත. සෑම විටම සුලබ දුෂ්කරතාවයන් සහ වගකීම් ඔබේ කරේ එල්වා ඇත. ආර්ථිකය යහපත් කර ගැනීමට දැඩි ලෙස උත්සහ ගත යුතුය, සෙම සම්බන්ධ රෝගාබාධයන් ආත්‍රයිටීස් අසනීපවලට ගොදුරු විය හැකිය. තෙත් සහිත පරිසරවලින් ඈත්වීම යහපත් වේ.

 

මැයි 18 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර, එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා කුජ ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට හොඳ සංවිධාන ශක්තියක් ඇත. එහෙත් ඔබ තුළ පවතින ක්ෂණික කෝපය එතරම් යහපත් නොවේ. ඔබට විරුද්ධ පාර්ශ්වයක් ගොඩනැඟෙන අතර පහර දීම් තුවාල සිදුවීම් ආයුධවලින් කැපීම ආදි ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන්ට ගොදුරු විය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. මත් පැන් පානයට යොමු වේ. විශාල ව්‍යාපෘති සඳහා නායකත්වය ගැනීමට ඔබට හැකියාව ඇත. සැලසුම්වල අඩුපාඩු වැටහෙන බැවින් සියලු කටයුතු සාර්ථක කරගත හැක. රිය අනතුරු පිලිස්සීම් පිපිරීම්වලින් හානි විය හැකිය. ඇපෙන්ඩිසයිටිස් ඉවත් කරන්නට සිදු වනු ඇත.

 

මැයි 19 වැනිදා

 

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ රවි, යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ඕනෑම දෙයක් සම්බන්ධව පුළුල් දැනුමක් ඇති අයෙකු වේ. නව නිර්මාණ බිහ කිරීමේ හැකියාවකින්ද ඔබ යුක්ත වේ. ජනතාව ඒකරාශි කරගෙන කරන කටයුතු සඳහා විශේෂ කැමැත්තක් ඔබ සතුවන අතර ඒවා සාර්ථක වේ. ස්වාධීන අදහස් ඔබ සතු වන අතර අවංකව කරන ක්‍රියාවන් විවේචනය කරනවාටත් ඔබ කැමති නැත. මුදල් කටයුතුවලින් සාර්ථක වන අතර සුඛෝපභෝගි භාවය සහ අධික වියදම් සහිතව කටයුතු කිරීම ඔබගෙන් දැකිය හැකිය. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි නමුත් වුවමනාවට වඩා මහන්සි වීම නිසා ශරීරය දුර්වල වේ. පෙනහලු රෝග ඇති විය හැකිය. එසේම ස්නායු ආතතිය සහ ස්නායු ආබාධ ඇතිවිය හැකිය.

 

මැයි 20 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයාගේ මෙන්ම සඳු, නෙප්චූන් ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ප්‍රබල ඉව ශක්තියක් ඇත. එම නිසාම ඔබ ගුප්ත විද්‍යා විෂයන්ට ප්‍රබල කැමැත්තක් දක්වයි. එසේම නිර්මාණශිලි බවක් ඔබ තුළින් දැකිය හැකිය. සංචාරයට ප්‍රිය කරන අතර පදිංචියේ වෙනස්කම්වලට ඔබට මුහුණ දීමට සිදුවේ. ආදායම් සම්බන්ධව ප්‍රබල දෝලනයක් බලාපොරොත්තු විය යුතුය. එම නිසා ආර්ථිකය කඩා වැටෙන රැකියාවලින් ඉවත් විය යුතුය. සෞඛ්‍යමය වශයෙන් සෙම් රෝග, පෙනහලු ආබාධ, ශ්වසන පද්ධතියේ විවිධාකාරයෙන් මතුවන සෙම පිළිබඳ ගැටලු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය. කන්වල දෝෂ ඇති වේ.

 

මැයි 21 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සියලු කටයුතු කලාත්මක මුහුණු වරක් ගන්නා අතර චිත්‍ර, සංගීතය, සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් ඔබ සතුවේ. අසාධාරණය පිළිබඳව හැඟීම් තදින් බලපැවෙත්වෙන අතර මව් බිමේ යහපත සඳහා වන කටයුතුවල නියළෙනු ඇත. ආදරය සම්බන්ධ කටයුතුවලදි වඩාත් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. ආර්ථික සම්බන්ධ කටයුතුවලදී ජීවිතයේ වරින් වර ඉහළ නැඟිය හැකි ඉතාම හොඳ අවස්ථා ලැබෙන අතර ඒවායින් ප්‍රයෝජනය ගත යුතුය. ජීවිතයේ මුල් කාලයේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදු වේ.

 

මැයි 22 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයාගේ මෙන්ම යුරේනස් රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ අදහස් අන් අය සමඟ කිසිවිටෙකත් නොගැළපෙන අතර එම නිසා විරුද්ධ පාර්ශ්වයක් ගොඩ නැඟේ. අලුත් අදහස් නව නිර්මාණ ඔබගේ අවධානය දිනා ගන්නා අතර ස්වභාවික නොවන සිද්ධින්ට ඔබ ප්‍රියවේ. ඔබ සෑම දෙයක්ම විවේචනය තරන අතර සමාජ තත්ත්වයට හැඩ ගැසීම ඔබට අපහසු කාර්යයක් වේ. අසාමාන්‍ය විවාහයක් ගත කිරීම ඔබගේ ක්‍රමය වේ. සෙම අසනීප සෑදීමට ඉඩ ඇත. ඔබට ගැළපෙන ආහාර තෝරා ආහාරයට ගැනීම සෞඛ්‍යට යහපත් වේ.

 

මැයි 23 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. තියුණු මනසක් ඔබට ඇති අතර විවේචනාත්මකව සහ විශ්ලේෂණාත්මකව කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. ජීවිතය තුළ විවිධත්වය බහුල අතර තම වෘත්තීන්වල වෙනස්වීම් ද ඔබ සිතාමතා සිදු කරනු ඇත. ඔබට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබ්ය හැකිය. විවාහය අඩු වයසින් සිදුවීමට ඉඩ ඇත. අසාමාන්‍ය ක්‍රමවලින් මුදල් ඉපයීමේදි ප්‍රවේසම් විය යුතුය. ලිංගික අවයවවල දුර්වලතා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය. ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග හට ගනී.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.