සතියේ පඤ්චාංගය

මැයි 17, 2024

 

ශකවර්ෂ 1946ක් වූ වෘෂභ රවි 04 භාග වෙසක් පුර දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 10 භාග වෙසක් පුර පසළොස්වක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – වෘෂභ

කුජ – මීන

බුධ – මේෂ

ගුරු – වෘෂභ

ශුක්‍ර – මේෂ (19 දා උදේ 08.43 වෘෂභ)

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි – කැති

කුජ – රේවතී

බුධ – අස්විද ( 21 දා දහවල් 11.47 බෙරණ)

ගුරු – කැති

ශුක්‍ර – කැති

ශනි – පුවපුටුප

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් – උත්‍රපුටුප

 

 

පෝය

මැයි 22 බදාදා සවස 06.46න් පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා සවස 07.20න් ගෙවේ. 23 බදාදා සිල්.

 

චන්ද්‍ර චාරය

18 දා අලුයම 04.06 කන්‍යා

20 දා සවස 04.33 තුලා

23 දා අලුයම 02.55 වෘශ්චික

 

 

දිනූ තත්ත්ූවය

 

මැයි 17 සිකුරාදා

වෘෂභ රවි 04 භාග වෙසක්පුර දසවක තිථිය ලත් කිවි දින ඉර උදාව 05.54 ඉර බැසීම 06.20 පුවපල් නැකත රාත්‍රි 09.19න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. වෙසක් පුර නවවක තිථිය උදේ 8.51න් ගෙවී පුර දසවක තිථිය ලබයි. ව්‍යාඝාත යෝගය උදේ 09.22න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. කෞලවකරණය උදේ 08.51න් ගෙවී තෛතිල කරණය ලබා එය රාත්‍රි 10.08න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව – හිස

අමෘත කලාව – නාසය

මරු – ගිනිකොන

යෝගිනී –උතුර

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 18 සෙනසුරාදා

වෘෂභ රවි 05 භාග වෙසක්පුර එකළොස්වක තිථිය ලත් ශනි දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.20 උත්‍රපල් නැකත දවස පුරාම යෙදී පවතී. වෙසක්පුර දසවක තිථිය ද උදේ 11.24න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. හර්ෂණ යෝගය උදේ 10.25න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. ගරජ කරණය උදේ 11.24න් ගෙවී වණිජ කරණය ලබා පවතී.

විෂ කලාව – නළල

අමෘත කලාව –ඇස

මරු – නැඟෙනහිර

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – දකුණ

මැයි 19 ඉරිදා

වෘෂභ රවි 06 භාග වෙසක් පුර දොළොස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 උත්‍රපල් නැකත රාත්‍රි 12.24න් ගෙවී හත නැකත ලබයි. වෙසක් පුර එකොළොස්වක තිථිය දහවල් 01.50න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය උදේ 11.24න් ගෙවී සිද්ධි යෝගය ලබා පවතී. වණිජකරණය අලුයම 12.39න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.50න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – බැම

අමෘත කලාව – කන

මරු – උතුර යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

මැයි 20 සඳුදා

වෘෂභ රවි 07 භාග වෙසක් පුර තෙළෙස්වක තිථිය ලත් සඳු දින ඉර උදාව 5.53 ඉර බැසීම 06.21 හත නැකත අලුයම 03.17න් ගෙවී සිත නැකත ලබයි. වෙසක් පුර දොළොස්වක තිථිය සවස 03.57න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. සිද්ධි යෝගය දහවල් 12.09න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. බවකරණය අලුයම 02.58න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.57න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – කන

අමෘත කලාව – බැම

මරු – වයඹ

යෝගිනී – දකුණ

සුබ දිසාව – උතුර

මැයි 21 අඟහරුවාදා

වෘෂභ රවි 08 භාග වෙසක් පුර තෙළෙස්වක හා තුදුස්වක තිථිය ලත් කුජ දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 සිත නැකත අලුයම 05.47න් ගෙවී සා නැකත ලබයි. වෙසක් පුර තෙළෙස්වක තිථිය සවස 05.38ක් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය දහවල් 12.34න් ගෙවී වාරියන් යෝගය ලබයි. කෞලවකරනය අලුයම 04.54න් ගෙවී තෛතිල කරණය ලබා එය සවස 05.38න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව – කන / ඇස

අමෘත කලාව - බැම / නළල

මරු – බටහිර

යෝගිනී – දකුණ / බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 22 බදාදා

වෘෂභ රවි 09 භාග වෙසක් පුර තුදුස්වක තිථිය ලත් බුධ දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 සා නැකත උදේ 07.47න් ගෙවී විසා නැකත ලබයි. වෙසක් පුර තුදුස්වක තිථිය සවස 06.46න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබා පවතී. වාරියන් යෝගය දහවල් 12.35න් ගෙවී පරිඝ යෝගය ලබයි. ගරජකරණය උදේ 06.19න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.46න් ගෙවී විෂ්ටි කරණය උදාව පවතී.

විෂ කලාව –ඇස

අමෘත කලාව – නළල

මරු – නිරිත

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 23 බ්‍රහස්පතින්දා

වෘෂභ රවි 10 භාග වෙසක් පුර පසළොස්වක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.21 විසා නැකත උදේ 09.14න් ගෙවී අනුර නැකත ලබයි. වෙසක් පුර පසළොස්වක තිථිය රාත්‍රි 7.20න් ගෙවී පුර පෑළවිය තිථිය ලබා පවතී. පරිඝ යෝගය දහවල් 12.10න් ගෙවී ශිව යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 7.10න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 07.20න් ගෙවී බාලවකරණය උදාව පවතියි.

විෂ කලාව – නාසය

අමෘත කලාව – හිස්මුදුන

මරු – දකුණ

යෝගිනි – වයඹ

සුබ දිසාව – වයඹ, උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.