ජුනි 24 සිට ජුනි 30 දක්වා

ජුනි 24, 2022

මේෂ-විවාහයට බාධා

වෙනදාට වඩා ගත සිත වෙහෙසා කටයුතු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවස්ථානවල ගමන් කරයි. නිතර නිවසින් පිට වාසයට කරුණු සැලසෙන බවක් පෙන්වයි. මුදල් සම්බන්ධ කටයුතුවලින් ඈත් වී සිටීම අනාගත සැලසුමකට වාසිසහගත බවක් පෙන්වයි. විවාහය සම්බන්ධ විවිධ බාධාකාරි බවක් ගෙන දෙන කාලයකි. සතිය මැද කාලයේදී පවුලේ කෙනකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. හදිසි තීරණ ගැනීමෙන් වැළකී සිටින්න. සහෝදර මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත. සෙම් රෝග බහුල කාලයකි.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

සිංහ -පැරණි හිතවතුන්ගෙන් උපකාර

විශේෂ සැලසුමකට සූදානමක් ඇති කරගන්නා සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවස්ථානවල ගමන් කරයි. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමක් ඇතිකර ගත යුතු කාලයකි. වරින්වර යටපත් වූ අසනීපකාරි බවක් නැවත මතුවන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. පැරැණි හිතවතුන්ගෙන් උපකාර හිමිවන කාලයකි. මව හෝ මවුපස ඥාතියකුගේ අසනීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. දරුවන් පිළිබඳ තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. විදෙස් සැලසුමකට හෝ විදෙස් ගත ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි.

අය 08 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

ධනු -අසල්වැසි සිත් නොහොඳකමක්

පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවස්ථානවල ගමන් කරයි. අතමිට මුදල් ගැවසුනත් වැය පස අධික වන බවක් පෙන්වයි. තීන්දු තීරණ ගැනීමේදී වැඩිහිටි අවවාද පැතීම යහපත් කරයි. වෙනදාට වඩා දරුවකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. පවුලේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයකි. අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු යෙදෙන බවක් පෙන්වයි. සති අන්තයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ-ගනුදෙනුවකින් නිදහස්

යහපත් සිතිවිලි උදාකරන සතියක් වන අතර, පවුලේ සමගිය වෙනුවෙන් සැලසුම් කීපයක් ද ඇති කර ගන්නා කාලයකි. මේ සතියේ වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2 යන භාවස්ථානවලයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන කාලයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදුවේ. මෙතෙක් පැවැති ණය ගනුදෙනුවකින් නිදහස් වීමට මඟ සැලසේ. දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතු කීපයක් ආරම්භයට මඟ සැලසේ. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා

 

කන්‍යා -ගනුදෙනු වාසි

හදිසි ආදායම් මාර්ගවලට හිමිකම් ඇතිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ ඇප උපකාර හිමිවන සතියකි. වෙනදාට වඩා දුරගමන් බහුල වන බවක් පෙන්වයි. දරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක සතියකි. අඹුසැමි විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් වාසි කීපයක් සැලසේ. සතිය මැද කාලයේදි දණහිසේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නිතර නිවසට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න.

අය 07 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

මකර -විශ්වාසය බිඳවැටීමක්

මනසට පීඩාකාරි සිතිවිලි ඇතිකරමින් සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6 යන භාවස්ථානවල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. සහෝදර සිත් අමනාපකමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන කාලයකි. සතිය මැද කාලයේදී රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්කාරී බවක් ඇති කරයි. මවුපස ඥාතියකු සම්බන්ධ සිත්තැවුලක් අසන්න ලැබෙන කාලයකි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ විමසිලිවත් වන බවක් පෙන්නුම් කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - දම්

සුබ දවස - සඳුදා

 

මිථුන-විශේෂ උත්සවයක්

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනසකට ලක් කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි. මෙතෙක් ඇති කරගෙන තිබූ නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව සැලසේ. නිතර ගත සිත වෙහෙසා කටයුතු කරන කාලයකි. වැඩිමල් දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් යෙදේ. වෙනදාට වඩා ආගමික නායකයන්ගෙන් පිහිට පතන බවක් පෙන්වයි. සතිය මැද කාලයේදී පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. යටිබඩ ආශි‍්‍රත පීඩාකාරී බවක් ඇති කරන කාලයකි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - සිකුරාදා

 

තුලා -කොන්දේ වේදනාවක්

සුබදායක ලෙස ආරම්භ වන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9 යන භාවස්ථානවලයි. විවාහය සම්බන්ධ යෝජනා ස්ථිරවීමක් සාර්ථක කරන කාලයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමෙන් ගැටලු කීපයකින් නිදහස්වීමට මඟ සැලසේ. තැන්පත් මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. සතිය මැද කාලයේදී යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුවිය හැකියි. නිතර ආගමික නායකයන්ගෙන් පිහිට පතන අතර, වෙහෙස ඇති ගමනක් යෙදෙන කාලයක් බව ද පෙනේ. සති අන්තයේදී පවුලේ මතභේදකාරි බවක් දුරදිගයාමෙන් ගැටලු කීපයක් මතු කරයි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කුම්භ -වාහන අලුත්වැඩියාවක්

වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් කටයුතු ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසෙන සතියකි. වෙනදාට වඩා ගේදොර කටයුතු පිළිබඳ උනන්දුවක් දක්වන බවක් පෙන්වයි. ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්නට ලැබෙන සතියකි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනසකට ලක්කරන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සති අන්තයේදී වාහන අලුත්වැඩියාවක් සම්බන්ධ කටයුත්තකට අතගැසීමට සිදුවේ.

අය 07 - වැය 05

ජය අංකය - 04

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

කටක -පවුලේ දානමය පින්කමක්

අවිවේකී ලෙස සතිය උදා කරන කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි. විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. එමෙන්ම පවුලේ අය අතර ඇතිවන මතභේදකාරි බවක් දුරදිග යයි. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. දරුවකුගේ දුරස්වීමක් සිදුවීමෙන් සිත් නොසන්සුන්තාවයක් ඇති කරයි.

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා

 

වෘශ්චික-ගුප්ත කටයුතුවලින් පිහිට

යොදාගත් සැලසුමක ප්‍රමාදතාවයක් සිදුකරමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවස්ථානවල ගමන් කරයි. වරින්වර මතු කරන ශාරීරික අපහසුතා හේතුවෙන් පවුලේ ඉදිරි වැඩපිළිවෙළක් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස් ගමනක් පිළිබඳ බලාපොරොත්තුවක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. දරුවකුගේ උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණයක් හිමිවන කාලයකි. හදිසි වාහන ගනුදෙනුවක් සිදුවිය හැකි අතර, අතමිට මුදල් ගැවසෙන බවක් ද පෙන්නුම් කරයි.

අය 08 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - ලා නිල්

සුබ දවස - සිකුරාදා

 

මීන-දේපළ හිමිකමක්

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4 යන භාවස්ථානවලයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. දරුවකු පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

පරම්පරාගත දේපළක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. සතිය මැද කාලයේදී පාදයේ වළලුකර ආශි‍්‍රත ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. වෙනදාට වඩා වගකීම් බහුල කරන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 04

ජය වර්ූණය - ලා කොළ

සුබ දවස - බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.