මේ සතියේ ලග්න පලාපල...සැප්. 08 සිට 14 දක්වා

සැප්තැම්බර් 8, 2023

මේෂ

අධ්‍යාපන ජයග්‍රහණ

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

සිතට සැනසිලිදායක බවක් අත්කරන දිනයකි. නිතර පවුලේ අය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. රාත්‍රී ගමන් බහුල කාලයක් වන අතර, නිතර සමාජ සේවා කටයුතුවලට සම්බන්ධ වන බවක් ද පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා අවිවේකී බවක් ඇති කරයි. නිතර ගතට සිතට විවේකය අඩු කරන බවක් පෙන්නුම් කරයි. අමතර ආදායම් මාර්ග කීපයක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. එමෙන්ම අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපනික ජයග්‍රහණවලට හිමිකම් ඇති කරයි. පවුලේ අයගේ ප්‍රශංසාවට ලක්වන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස වරින්වර ඇති කරයි. නිතර හට ගන්නා ඇඟේ පතේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණ කීපයකට ද භාජනය වීමට සිදු වෙයි.

 

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

 

වෘෂභ

අන්සතු වස්තු ලාභයක්

ගතට සිතට සැනසිල්ල උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කලකින් නොදුටු හිතවත් අයකු මුණගැසීමට කටයුතු උදා කරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට අවස්ථාව සැලසේ. නිතර වගකීම් බහුල කරන කාලයකි. අන්සතු වස්තුª ලාභයකට ද හිමිකම් ඇති කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. මවුපස ඥාතියකු පිළිබඳ සිත් සතුටු කරන පුවතක් අසන්න ලැබේ. නිතර ගේ දොර කටයුතුවලින් ඈත්ව සිටීමට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

අමතර ඉගෙනීමේ මාර්ග කීපයක් හිමි කරයි. නිතර පාඩම් වැඩ කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. නිතර ශාරීරික වෙහෙසීම් වැඩි කරන බවක් පෙනේ. වරින්වර හටගන්නා උෂ්ණගත රෝගාබාධයක් හේතුªවෙන් ප්‍රතිකාර ලබා ගනී.

 

අය 07 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මිථුන

අතමිට සරුවේ

අවිවේකී ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 1,2,3 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

නිතර පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. වරින් වර ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවන කාලයකි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි. වාහන ගනුදෙනුවකට හිමිකම් ඇති අතර ඒ සම්බන්ධව වෙහෙසීම් ද වැඩි කරයි.

රැකියාව

උසස් රැකියා ලාභ හිමිකම් ඇති සතියකි. ඒ සම්බන්ධ කටයුතු සඳහා වෙහෙසීම් ද ඇති කරයි. ස්වයං රැකියා කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. නිතර අතමිට සරු කරන ආදායම් මාර්ගවලට හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. මෙතෙක් උදාසීන බවකින් ආරම්භ කළ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව මෙන්ම උද්‍යෝගයක්ද ඇති කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට අවස්ථාව සැලසෙන සතියකි.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. ඒ සම්බන්ධ ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. ආහාර විෂවීමක් හෝ චර්මගත ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

 

කටක

රැකියාවේ වරප්‍රසාද

අවිවේකී වුවත් ලැබීම් අතින් යහපත් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 12,1,2 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකි වෙයි. මෙතෙක් ඇතිව තිබූ දේපළ සම්බන්ධ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වෙයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන කාලයකි. සහෝදර සහෝදරියන් සමඟ පී‍්‍රතිමත් ගමනකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවට අමතර ආදායම් මාර්ග හිමි කරයි. පවුලේ අයගෙන් දුරස්ව කරන රැකියා මාර්ගයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ වරප්‍රසාද කීපයක් හිමිවන ලකුණු පෙනේ.

අධ්‍යාපනය

විශේෂ තරග විභාගයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. කණ්ඩායම් වැඩසටහනක් සම්බන්ධ මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදුවේ. වැඩිහිටි ගුරුදෙගුරුන්ගේ ප්‍රශංසා හිමිවන කටයුතු කීපයක් සිදු කරයි. විදෙස් අධ්‍යාපනයකට සූදානමක් ඇති කර ගන්නා සතියකි.

සෞඛ්‍යය

නිතර හටගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. කෑම බීම පාලනයට ඉතා වැදගත් කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි විමසිලිමත් විය යුතු බවක් පෙනේ.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

 

සිංහ

වැඩිහිටියකු පිළිබඳ විමසිලිමත් වන්න

එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 11,12,1 යන භාවස්ථානවලයි.

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරෙන සතියකි. ළඟින් ඇසුරු කරන අය නිසා පවුලේ ගැටලු කීපයක් මතු කරයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ වැඩිහිටියකු පිළිබඳ විමසිලිමත් වන්න.

රැකියාව

අලුත් රැකියාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ලියකියවිලි ගැටලුවකට මුහුණපායි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියුතු වූවන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදුවෙයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවන කාලයකි. විවිධ කටයුතු හේතුවෙන් අධ්‍යාපනික කටයුතුවලට බාධා ඇති කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර මතු කරන නහරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ශාරීරික වෙහෙස ගෙන දෙන කාලයක් බැවින් විවේක සුවයෙන් මේ කාලය ගත කිරීම වැදගත් කරයි.

අය 08 වැය 07

ජය අංකය – 09

ජය වර්ණය – කහ

සුබ දවස – බදාදා

 

කන්‍යා

උසස් අයගේ ඇසුරක්

වෙනදාට වඩා වගකීම් බහුල කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා ගතට සිතට සුවදායක බවක් ඇති කරයි. පවුලේ පැවැති ගැටලුකාරි බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරන කාලයකි. අලුත් වාහන මිලදි ගැනීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස්වීමට අවස්ථාව උදාකරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර ලාභ හිමි කරන බවක් පෙනේ.

අධ්‍යාපනය

තරග විභාගයක් හේතුවෙන් මනසට පීඩාකාරි බවක් ඇති කරයි. මෙතෙක් අසහනකාරි බවක් ගෙන දුන් පාඩම් මාලාවක් කෙරෙහි උනන්දුවක් දක්වන කාලයකි. විදෙස් අධ්‍යාපනයක් සඳහා සැලසුමක් ඇති කර ගන්නා බවක්ද පෙන්නුම් කරයි. නිතර කණ්ඩායම් වැඩ සටහනක් වෙනුවෙන් මූලිකත්වයක් ගැනීමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් කාලයකි. හදිස්සියේ හටගන්නා චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආලේපන භාවිතයේදී සැලකිලිමත් වන්න.

අය 08 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – නිල්

සුබ දවස – සිකුරාදා

 

තුලා

පවුලේ ආගමික කටයුත්තක්

පවුලේ ගැටලුකාරි බවක් දුර දිග යාමට ඉඩ ඇති කාලයක් වන අතර මේ සතියේ තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කාලයකි. නිතර හමුවන කෙනකුගෙන් කරදරකාරි බවක් ඇති කරයි. පවුලේ ආගමික වැඩසටහනක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. නිතර ජලය සම්බන්ධ රැකියා කටයුතුවල නියුතු වූවන්ට සුබදායක සතියකි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට එතරම් සුබදායක කාලයක් නොවන බවක් පෙනේ. සෞන්දර්යාත්මක කටයුතුවලින් ප්‍රශංසා මෙන්ම තෑගි බෝග ද හිමි කරන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන හිසේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. එමෙන්ම හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට ද භාජනය වීමට සිදුවන සතියකි. නිතර කෑම බීම අපි‍්‍රය කරවන සතියක් වන අතර ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මකර

නව හිතවත්කම් ඇතිවේ

නිතර අවිවේකී ලෙස සතිය ආරම්භ කරන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. විවාහ ගිවිස ගැනීමක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ කටයුතුවලින් ඈත්වීමට සිදුවන සතියකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

රැකියාව

මෙතෙක් තමා බලාපොරොත්තුවෙන් සිටි රැකියාවක් පිළිබඳ අදහසක් අතහැර දැමීමට සිදුවේ. ස්වයං ව්‍යාපාර කටයුතු ඇරැඹීමට යහපත් කාලයකි. ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට අවස්ථාව සැලසේ. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. හෘද අමාරු, පෙණහැල්ල සම්බන්ධ ආබාධයකට තුඩුදෙන අන්දමේ කරුණු යෙදෙයි.

අය 06 වැය 03

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘශ්චික

අලුත් ස්ථානයක පදිංචියට

විශ්වාසය බිඳවැටෙන අන්දමේ පුවතක් අසන්න ලැබෙන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. නිතර පදිංචි ස්ථානය පිළිබඳ ගැටලු මතු කරයි. එමෙන්ම අලුත් පදිංචියකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේදි දුර දිග සිතා බලන්න. රැකියාවේ කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධ තීරණයකට එළැඹෙන සතියකි.

අධ්‍යාපනය

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතුවලින් වෙහෙසීම් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි කාලයකි. තාක්ෂණික අංශයෙන් ඉගෙනීමේ කටයුතුවල නියුතු වූවන්ට සුබදායක කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ඇති කරන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා ගතියක් හේතුවෙන් අන් අය සමඟ ඇසුරු කිරීමේදී පරිස්සම් වන්න.

අය 07 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

 

කුම්භ

උදාසීන ගති මඟ හැරේ

විශ්වාසය බිඳ වැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු කෙරෙහි මෙතෙක් පැවැති උදාසීන බව මඟහැරී යන ලකුණු පෙන්නුම් කරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. පැරණි හිතවත්කමක් අලුත් වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් ප්‍රමාදතා සිදු කරන සතියකි. මෙතෙක් උනන්දුවෙන් සිදු කරගෙන ගිය රැකියාවේ කටයුතු කෙරෙහි උදාසීන බවක් ඇති කරයි. එහෙත් හදිසි ලාභ හිමි කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති සතියකි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපනික කටයුත්තක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි. වෙනදාට වඩා පොත්පත් වැඩ කටයුතු කෙරෙහි වෙහෙසෙන කාලයකි. මෙතෙක් දුර්වලතා පෙන්නුම් කළ විෂයයන් කීපයක් වෙනුවෙන් අමතර ඉගෙනීමේ කාලයක් ගෙන දෙන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. හදිසි වැටීම් තැළීම වැනි අනතුරුදායක තත්ත්වයකට මුහුණපෑමට සිදුවන කාලයකි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත්වීම වැදගත් සතියකි.

අය 06 වැය 05

ජය අංකය – 06

ජය වර්ණය – නිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

ධනු

දේපළ ගැටලුවක් විසඳේ

වෙනදාට වඩා නිදහසේ කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 7,8,9 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ මතභේදකාරි බවක් සමථයකට පත්වන බවක් පෙනේ. නිතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් දක්වන බවක් පෙන්නුම් කරයි. රාත්‍රි ගමන් බහුල කාලයක් වන අතර, අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක්ද පෙන්නුම් කරයි. දේපළ ගැටලුවක් විසඳා ගත හැකි සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවහිරතා කීපයක් මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. එමෙන්ම නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි වැඩි කරන කාලයකි.

අධ්‍යාපනය

නිතර ගතට සිතට සැනසිලිදායක ලෙස පාඩම් වැඩ කටයුතු කරගෙන යන සතියකි. වරින්වර අධ්‍යාපනික ජයග්‍රහණවලට ද හේතු ඇති කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව උදාකරන සතියක් වන අතර අමතර මුදලක් වැය කිරීමට ද සිදුවේ.

සෞඛ්‍යය

යටපත් වූ උරහිස ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි. එමෙන්ම ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩාවට පත් වේ.

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

 

 

මීන

අවිවාහකයන්ට සුබදායකයි

අවිවේකී වුවත් සැලසුම් සහගත ලෙස සතිය උදා කරයි. මේ සතියේ සඳුගේ ගමන 4,5,6 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පරම්පරාගත දේපළක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. නිතර මවට හෝ මවුපස ඥාතියකු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවක් පෙන්නුම් කරන කාලයකි. අවිවාහකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි.

රැකියාව

අලුත් රැකියා ලාභවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. නිතර මුදල් හා ගැවසෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම නිවෙසින් දුර පළාතක යෙදෙන රැකියාවකට ද හිමිකම් ඇති කරයි.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය කටයුතු කීපයක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. විශේෂ අධ්‍යාපනික චාරිකාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. දහම් අධ්‍යාපනය කෙරෙහි වෙනදාට වඩා නැඹුරුතාවක් දක්වන සතියකි.

සෞඛ්‍යය

වරින්වර ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්වන්න. අමතර කෑම බීම ගැනීමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ. එමෙන්ම සෙම් අමාරු, උගුර ආශි‍්‍රත ආබාධවලට වැලදිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වීම වැදගත් වේ.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

ධම්මිකා රාජපක්ෂ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.