මේ සති‍ෙය් ලග්න පලාපල... දෙසැ. 08 සිට 14 දක්වා

දෙසැම්බර් 8, 2023

 

මේෂ

විවාහ කටයුතු සාර්ථකයි

 

ගේ දොර කටයුතු කෙරෙහි පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8, 9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම්වලට හිමිකම් ඇති කරයි. නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් සිදු කරයි. විවාහ ගිවිස ගැනීමක් සාර්ථක කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඉදිරි වැඩ පිළිවළක් සාර්ථක කරයි. මුදල් පරිපාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විදෙස් රැකියා මාර්ගවලට සිත යොමුකරන කාලයකි. අමතර ලැබීම් ඇති රැකියා මාර්ග හිමිකරයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උනන්දුවෙන් උද්‍යෝගයකින් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. නිතර හට ගන්නා වාත වේදනාවක් හේතුªවෙන් පීඩා අත්කරයි. ආහාර පාන ගැනීම මෙන්ම ව්‍යායාම් කටයුතුවල නිරතවීමට වැදගත් කාලයකි.

 

 

අය 07 වැය 05

ජය අංකය 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘෂභ

පිනට දහමට යොමු වේ

 

 

පවුලේ කටයුතු පිළිබඳ සතුටට පත් විය හැකි දිනයකි. මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 5, 6, 7, 8 යන භාවයන් මතින් සිදු වන බවක් පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය

ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. පවුලේ අය අතර පි‍්‍රයතාවයට පත් වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු කරන සතියකි.

රැකියාව

වෙනදාට වඩා රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. අමතර වෙහෙසීම් ගෙනදෙන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් ලාභ හිමි කරයි.

අධ්‍යාපනය

අමතර වෙහෙසීම් ගෙන දෙන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදු වෙයි. එමෙන්ම කණ්ඩායම් වැඩසටහනකට සහභාගිවීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. ගණිත අංශයේ කටයුතුවලින් ජයග්‍රහණ හිමි කරන සතියකි.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වන බවක් පෙනේ. වරින් වර හදිසි සෞඛ්‍ය පරීක්ෂණවලටද සම්බන්ධවීමට සිදු වන සතියකි. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වන බවක් පෙනේ.

 

අය 07 වැය 03

ජය අංකය 09

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

මිථුන

 

ව්‍යාපාර ලාභ හිමි වේ

 

සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4, 5, 6, 7 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා සාමකාමී ලෙස කටයුතු සිදු කරන කාලයකි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් වන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇවිදිලි ඇති කරන සතියකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාරික කටයුතුවලින් වරින්වර ලාභ හිමිකරන බවක් පෙනේ. තනතුරු වෙනසකට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

හදිසි අධ්‍යාපන ජයග්‍රහණයකට හේතු ඇති කරයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි ඇල්මක් දක්වන සතියකි. උසස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. යටිබඩ ආශි‍්‍රත ඇති වන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

 

 

අය 07 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - දම්

සුබ දවස - සිකුරාදා

 

කටක

දක්ෂතා ඉස්මතු වන කාලයක්

 

වෙනදාට වඩා අතමිට සරුවන කාලයක් වන අතර, පැවැති බලාපොරොත්තු කීපයක් ඉටු කරමින් සතිය ආරම්භ කරන කටක ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 3, 4, 5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි ලැබීම් ඇතිකරන මාර්ග කීපයක් හිමි කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොකරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ. නොගැළපෙන ඇසුරකට සිත යොමු වීමට ඉඩ ඇත.

රැකියාව

අතමිට සරු කරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. එමෙන්ම ඇවිදිලි වැඩි කරන රැකියා කටයුතුවලට ද හේතු ඇති කරයි. රැකියා ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තු කල් දැමීමට සිදු වෙයි.

අධ්‍යාපනය

දරුවකුගේ දක්ෂතා මැනැවින් ඔප් නැංවෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. විභාග ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින් වර බාධා මතු කරයි. කොන්ද තුනටිය ආශි‍්‍රත ආබාධ මතු විය හැකි කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණපෑමට සිදුවන බැවින් කල්පනාකාරී වන්න.

 

අය 06 වැය 04,

ජය අංකය - 07,

ජය වර්ණය - දම්

සුබ දවස - සඳුදා

 

සිංහ

අලුත් ආදායම් මාර්ග

 

 

අලුත් බලාපොරොත්තු ඇති කරන කාලයක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරන බවක් පෙන්නුම් කරයි.

ගෘහ ජීවිතය

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කිරීමෙන් පවුලේ ගැටලුකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරන කාලයකි. අසල්වැසි අමනාපයක් දුරදිග යන බවක් පෙන්නුම් කරයි.

රැකියාව

රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන රැකියා ස්ථානයේ කටයුතු කරන බවක් පෙනේ. අලුත් ආදායම් ලබන මාර්ගයකට අත ගැසීමට කටයුතු උදා කරන සතියකි.

අධ්‍යාපනය

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුත්තකට වෙහෙසෙන කාලයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන සතියකි. යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විය යුතු බවක් පෙනේ.

 

අය 07 වැය 03

ජය අංකය 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

කන්‍යා

 

රැකියා ස්ථිරවීමක්

 

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 1, 2, 3, 4 යන භාවයන් මතින් සිදු වේ.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළ යුතු කාලයකි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් නැවත ආරම්භයට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා ගතට සිතට පීඩා අත්කරන බවක් පෙනේ. සහෝදර උපකාරයක් හිමි වන සතියකි.

රැකියාව

මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති රැකියා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට නොසිතූ බාධා පැනනැඟීමට ඉඩ ඇත. වෙනදාට වඩා උදාසීන ගතිපැවැතුම් ඇති කරන කාලයකි. නව අධ්‍යාපන පාඨමාලා හදාරන අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි මාර්ග උදා කරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. රුධිරගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීමේ දී සැලකිලිමත් වන්න.

 

අය 06 වැය 04

ජය අංකය 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

තුලා

නායකත්වයට ඉඩ

 

පවුලේ සතුට සැනසීමට හේතු ඇති කරමින් සතිය ආරම්භ කරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කළයුතු සතියකි. අවිවේකී බව හේතුවෙන් යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. ළඟම හිතවතකු සමඟ ගනුදෙනුවක් සිදු කර ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිකරන නොසන්සුන්තාව හේතුවෙන් යොදා ගත් සැලසුමක් ප්‍රමාද කරයි. සිතේ චංචල බවකින් රැකියාවේ කටයුතු සිදු කරන කාලයකි.ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇතිකරයි.

අධ්‍යාපනය

නිතර උදාසීන ගතිපැවතුම් ඇතිකරමින් අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි. මෙතෙක් කරගෙන යන කණ්ඩායම් වැඩසටහනක නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් තරමක් දුරට යහපත් බවක් පෙන්නුම් කළත් වරින් වර යටපත් වූ අසනීපයක් මතු වීමට ඉඩ ඇත. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදු වන සතියකි.

 

 

අය 05 වැය 04

ජය අංකය 06

ජය වර්ණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

 

වෘශ්චික

පවුලේ අය අතර කැපී පෙනෙයි

 

හිතුමතයට කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා දුරදිග සිතා බැලිය යුතු සතියකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් විශේෂ වාසි කීපයක් සිදු කරයි. අමතර ලැබීම් හිමිකරන මාර්ග කීපයක් සැලසෙන සතියකි. රැකියා ස්ථිරවීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

හදිසි තරග විභාගයකට සම්බන්ධවීමට සිදු වන සතියකි. එමෙන්ම අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. ප්‍රාථමික අංශයෙන් අධ්‍යාපනය ලබන අයට විවිධ ජයග්‍රහණවලට හේතු ඇති කරයි.

සෞඛ්‍යය

සෙම් පීඩා උගුර ආශි‍්‍රත ආබාධ ඇති විය හැකි කාලයක් බැවින් නිතර එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 06 වැය 04

ජය අංකය 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

 

ධනු

ගේ දොර අලුත්වැඩියාවක්

 

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අමතර වියදම් වැඩිකරන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියා කටයුතු කීපයක් සිදු කරන කාලයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් රැකියා ස්ථානයෙන් බැහැර වීමට සිදු වෙයි. විදෙස් රැකියා මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන සතියකි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. තරග විභාගයකින් නොසිතූ ජය හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර අරුචිය ඇති කරන සතියකි.

 

 

වෙනදාට වඩා වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 10, 11, 12, 1 යන භාවස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අමතර වියදම් වැඩිකරන බවක් පෙනේ. ගේ දොර අලුත්වැඩියා කටයුතු කීපයක් සිදු කරන කාලයකි. යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් තීරණ කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර කටයුතු කීපයක් වෙනුවෙන් රැකියා ස්ථානයෙන් බැහැර වීමට සිදු වෙයි. විදෙස් රැකියා මාර්ග කෙරෙහි උනන්දුවක් දක්වන සතියකි.

අධ්‍යාපනය

කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. දැනුම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු අධික කරයි. තරග විභාගයකින් නොසිතූ ජය හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින් වර හට ගන්නා දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ආහාර අරුචිය ඇති කරන සතියකි.

 

මකර

තරගකාරී කටයුතුවලට සම්බන්ධ වේ

 

මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

මවුපිය උරුම හිමිකමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වන සතියකි. රහසිගත ගමනකට සම්බන්ධ වීමට කටයුතු උදා කරයි. සහකරු හෝ සහකාරිය අතර ඇති වන මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. නිතර ප්‍රධානීන් සමඟ මතභේදකාරී බවක් ඇති කර ගනී. වගකීම් බහුල වීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකටම සම්බන්ධ වීමට සිදු වන සතියකි. නිතර සෞන්දර්යාත්මක කටයුතුවලට සම්බන්ධවීමට සිදු වන බවක් පෙනේ. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් හිමි විය හැකි සතියකි.

සෞඛ්‍යය

පැවැති සුළු සුළු අසනීප ගති මඟහැරී යයි. රුධිරගත සීනි මට්ටම අඩු වී යන බවක් පෙන්නුම් කරයි. එහෙත් වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයක් හේතුවෙන් ගැටලු කීපයක් මතු වීමට ඉඩ ඇත.

 

 

අය 06 වැය 02

ජය අංකය 06

ජය වර්ණය - ළා කොළ

සුබ දවස - බදාදා

 

 

කුම්භ

විභාග ජය

 

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ කරන කුම්භ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දියුණුව සම්බන්ධ කටයුතු කීපයක් අතරමඟ නවතා දැමීමට සිදු වන කාලයකි. නීතිමය ගැටලුවකට ද මුහුණපෑමට සිදු වෙයි. ප්‍රමාද වූ විවාහ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට සිදු වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ප්‍රධානීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කරුණු ඇති කරයි. අමතර ආදායම් මාර්ග හිමි වන රැකියා කටයුතුවලින් දුරස්වීමට සිදු වන සතියකි.

අධ්‍යාපනය

මෙතෙක් පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටු විය හැකි කාලයකි. ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් වෙහෙසට පත් වන කාලයකි.

සෞඛ්‍යය

නිතර වෙහෙස මහන්සි වීමට සිදු වන කාලයක් වන අතර, නියමිත වෙලාවට කෑම බීම නොගැනීමෙන් ගැටලු කීපයකට මුහුණපායි. වරින් වර ඇති කරන ක්ලාන්ත ගති හේතුවෙන් ප්‍රතිකාර පතන කාලයකි.

 

 

අය 06 වැය 04

ජය අංකය 04

ජය වර්ණය - නිල්

සුබ දවස - සඳුදා

 

 

මීන

 

සිතේ සතුට ඇති කරයි

 

මනසට පීඩාකාරී සිතිවිලි ගෙන දීම හේතුවෙන් ආතතියට පත්වන මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7, 8, 9,10 යන භාවයන් මතිනි.

ගෘහ ජීවිතය

බලාපොරොත්තුවක් ඉටු වීමෙන් සිතේ සතුට ඇති කරයි. නිතර පවුලේ අයගෙන් උදව් උපකාර පැතීමට සිදු වන කාලයකි. දියුණුව සම්බන්ධ විශේෂ බලාපොරොත්තු කීපයක් ඇති කරයි. අමුත්තකුගේ පැමිණීමක් සිදු වන සතියකි.

රැකියාව

රැකියාවේ තනතුරු වෙනසක් සිදු විය හැකි කාලයකි. නිතර නායකත්වය ගෙන කටයුතු කිරීමට සිදු වෙයි. ව්‍යාපාර කටයුතුවල නියැළී සිටින අයට සුබදායක සතියකි.

 

අධ්‍යාපනය

තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමෙන් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. පවුලේ අයගෙන් තමාට ප්‍රශංසා හිමි වන කාලයකි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමෙන් සතුටට පත් විය හැකි බවක් පෙනේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි කැපීම් කෙටීම් වැනි සුළු සුළු තුවාල සිදු විය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවබෝධයෙන් පසුවන්න. සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන කාලයකි.

 

 

අය 08 වැය 03

ජය අංකය 06

ජය වර්ණය - කොළ

සුබ දවස - බදාදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.