ව්‍යාපාර භූමියක් වාස්තු අනුව බෙදීම

පෙබරවාරි 23, 2024

කොළඹ නගර මධ්‍යයේ පැරැණි ගොඩනැඟිල්ලක වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යෑමට තීරණය විය. එහි මායිම් වෙන්කොට නොමැත්තේ අයිතිකරුවනට ඊට යාබද තවත් දේපළ රැසක් හිමිව පවත්නා බැවිනි. එසේ වුවත් අපගේ සේවාවට අදාළ දේපළ පිළිබඳව වාස්තු විශ්ලේෂණයකට යෑමට නම් මායිම් නිශ්චිත කර ගත යුතු විය. ඒ සඳහා මායිම් තාප්ප යෙදීම අවම කරගනිමින් කොන්ක්‍රීට් වැටක් යෙදීමට එකඟතාවක් පළවීමෙන් අනතුරුව ගොඩනැඟිල්ලේ වාස්තුමය අධ්‍යයනය අරඹනු ලැබීමු.

උක්ත ගොඩනැඟිල්ලේ නිදන කාමර ලෙස භාවිතයට ගත හැකි ස්ථාන විස්සක් පමණ ඇත. පහළ මහලේ දකුණට වන්නට විවෘත අවකාශයක් හරහා ආලෝකය ගෙන ඇති බව පෙනිණි. ඉහළ මහලේ උතුරට වන්නට එවැනිම විවෘත අවකාශයක් භාවිතයට ගෙන තිබේ. වැඩිහිටියන්ගේ වාසය පහසු කරනු පිණිස ආරෝහකයක් ( විදුලි සෝපානයක්) හෙවත් ලිෆ්ට් එකක් අවශ්‍ය බැවින් එය නැඟෙනහිර – ගිනිකොන අතර පිහිටුවීමට තීන්දු වී තිබිණි. ගොඩනැඟිල්ලට අයත් කොටස් අතර ගිනිකොනට වන්නට අක්‍රමවත් කාමර පේලියක්ද වෙයි.

එසේම ගොඩනැඟිල්ලේ වයඹ දිශාවට වන්නට මේ වනවිටත් බදු දී ඇති ව්‍යාපාරයක් පහළ මහලේ කාමර තුනක පමණ ක්‍රියාත්මකව තිබේ. මේ ව්‍යාපාරය සරලව වෙන් කිරීමට අයිතිකරු වන්ගේ එකඟතාවද ලැබී තිබේ.

මෙවැනි සංකීර්ණ තත්ත්වයක් යටතේ ව්‍යාපාරයක් සඳහා වාස්තු විශ්ලේෂණයක් කිරීම පහසු නොවේ. එසේ වුවත් ගොඩනැඟිල්ලට පිවිසුම යෙදී ඇත්තේ උතුරෙන් වීමත් එහි ප්‍රධාන දිශාවනට වූ දිශාගත වී තිබීමත් අපට සුබදායක හැඟීමක් දනවනු ලැබීය. එසේම උතුර දිශාවෙන් සැලකිය යුතු ඉඩකඩක් තිබීමත් ප්‍රවේශ හරස් මාර්ගයක් උතුරු මායිම හරහා පැවතීමත් මේ දේපළ දීර්ඝ කාලීන බදු ගැනීමකට උචිත බවට නිගමනය කිරීමට රුකුලක් සැපයිණි.

ගොඩනැඟිල්ලේ ඊශාන දිශාවේ ඇති විදුලිජනනය දැවැන්ත එකකි. එය ආසන්නයේ උස් බිත්ති සහිත ගරා වැටුණු වහලයකින් යුතු බුදු කුටියකි. එයට පිවිසුව තබා ඇත්තේ උතුරෙන් වන අතර පිළිමය නැඟෙනහිර දිශාවට නෙත් යොමු කරන පරිදි පිහිටුවා තිබිණි. මේවායේ ඕනෑම භෞතික වෙනසක් මේ අදියරේදී කළ හැකි බව අපගේ සේවාලාභී බදුකරුගේ තීරණය දන්නා බැවින් කිසියම් නිදහසක් සහිතව අපගේ නිර්දේශයන් මෙහිදී කළ හැකි විය.

මේ වන විට ගොඩනැඟිලි යොදා ගනු ලබන මුළුතැන්ගෙය පිහිටා ඇත්තේ නිරිතට වන්නටය. එය කිසිදු අනුකම්පාවක් නොමැතිව හොඳින්ම නිදන කාමරයක් සඳහා වෙන් කොට තුබූ ගිනිකොන දිශාවේ පිහිටි කොටසකට ගෙන යෑමටත් එකී නිරිත කොටස ව්‍යාපාරයේ කළමනාකාරීත්වය සඳහා වෙන් කිරීමටත් තීරණය කෙරිණි.

පෙරද දක්වන ලද ගරාවැටුණු නිරිතට දික්වු කාමර පේලිය ඇතුළකට ගොස් පිරික්සීමේදී බිත්ති කීපයක් අතර දැවැන්ත ළිඳක් භාවිතයට ගන්නා බව පෙනිණි. මේ ගොඩනැඟිල්ලේ හැඩය බරපතළ ලෙස අක්‍රමවත්ව ගිනිකොනෙන් දිගු කෙරෙන මේ කොටස ව්‍යාපාරය බිඳ වැටෙන මට්ටමේ පරස්පර අදහස් හා කළමනාකරණ වියවුල් ඇති කරන හා ළිඳේ පිහිටීම අනුව බරපතළ ආර්ථික වියවුල් ඇති කරනු ලබන බැවින් ව්‍යාපාර භාවිතයෙන් ඉවත් කළ යුතු විය. එසේ වුවත් රෙදි සේදීම ආදි වෙනත් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා හෝ ඒ කොටස භාවිතයට ගත හැකි නම් ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් බව අප කාටත් වැටහිණි. මෙවැනි අවස්ථාවකදී නිරිත කොටසේ ඇති මෙකි දිගු කාමර පේලිය පෙර මුළුතැන්ගෙය පැවති හා අපගේ නිර්දේශය අනුව

කළමනාකාරිත්වයට වෙන් කෙරූ කාමරයේ මායිමෙන් ශක්තිමය ලෙස (VERTUALY) වෙන් කිරීම සඳහා ගුණන පිරමිඩ නම් මෙවලම් පෙළක් ස්ථානගත කිරීමට අපි එකඟ වීමු.

එවිට පෙර කීපවර සටහන් කළ නිරිතයෙහි පිහිටි ළිඳ ද ඉබේම ප්‍රධාන ගොඩනැඟිල්ලෙන් ශක්තිමය ලෙස ඉවත්වීම අපට මහත් සහනයක් විය. දැනට මේ ගොඩනැඟිල්ලටම ඇතුළත්ව ඇති ව්‍යාපාරය වයඹෙහි පිහිටා තිබීම අපට බාධාවක් නොවන ලෙස සරලව වෙන් කරනු ලැබූවත් වාස්තුමය ලෙස වෙන් නොකිරීමට තීරණය කරනු ලැබුවේ එය වයඹේ ශක්තිමත්වීම ඉතා කෙටිකාලයකින් ගොඩනැඟිල්ලෙන් සිය කැමැත්තෙන්ම ඉවත්ව යෑමට කරුණු යෙදෙන බවත් ඒ අනුව ඒ කොටස ද අපගේ සේවාලාභියාට වඩාත් විධිමත්ව ව්‍යාපාරය පවත්වාගෙන යෑමට රුකුලක්ද වන බව අත්දැකීමෙන්ම දන්නා බැවිනි. වැසිකිළි දහසයකින් (16) පමණ ඉවත් කෙරෙන අසූචි පොදු අපහරණ ක්‍රියාවලියකින් ඉවත් කෙරෙන බැවින් අන් බොහෝ නිවාසවල මෙන් වැසිකිළි වළ ඇත්තේ කවර තැනෙකදැයි විමසීම් වත් අපට අවශ්‍ය නොවීය. එසේ වුවත් බොහෝ වැසිකිළි පිහිටා ඇති උතුර – නැඟෙනහිර – ඊශාන, නිරිත යන දිශාවනට ඇතුළත් වැසිකිළි සඳහා පටි පිරමිඩ තුන බැගින් හා තැබුන නම් එක් මෙවලමක් බැගින් යොදා ශක්තිමය ප්‍රතිකර්මයක් මෙහිදී අත්‍යවශ්‍ය බව පෙනිණි.

සමස්ත ගොඩනැඟිල්ලේ දකුණූ මායිමට පවතින්නේ විශාල හිස් ඉඩමකි. කලෙකට පෙර පේලි ගෙවල් සංකීර්ණයක් සහිතව පැවති මුඩුක්කුමය ස්වභාවයක්ව පැවති මේ ඉඩම අද කෝටි ගණනක් වටිනා හිස් භූමියකි. එය දකුණු මායිමට වන්නට පිහිටීම අපගේ ගොඩනැඟිල්ලට ලැබෙන අන්තරීක්ෂ (ඛ්ධඵථඪජ) ශක්තියෙන් විශාල ප්‍රමාණයක් ඉවතට කාන්දුවීමේ බලපෑමක් ඇති බවත් දකුණෙන් පහළ මහලේ පිහිටි විවෘත අවකාශයන් (ර්‍ණනඥද ඒපඥච) වඩාත් රුකුලක් සැපයෙන බවත් පෙනිණි. මේ තත්ත්වය යන්තමින් හෝ වැළකී ඇත්තේ හිස් ඉඩමේ අතු පතර විහිදා ගිය දෙල් ගසෙනි. එය අපගේ ගොඩනැඟිල්ලේ දකුණෙන් පිහිටි හිස් අවකාශයට එකඑල්ලේ අලංකාර දර්ශනයක්ද මවමින් පැවතිම භෞතික වෙන් කිරීමක් වෙනුවට සතුන් ඇතුළුවීම වළකන දැලකින් වෙන් කිරීමේ නිර්දේශයක් වෙත අපව යොමු කරනු ලැබිණි.

එසේම මේ වන විට වැඩිහිටියන් පිරිසක් බඳවා ගෙන ඇති බැවින් ඒ අයගේ පෞද්ගලික චර්යාවන් කළමනාකාරීත්වයට බාධා නොවන පරිදි පිහිටුවා ගැනීමට අවශ්‍ය සියුම් විශ්ලේෂණයකින් යුතුව කාමර වෙන් කිරීම සිදු කරනු ලැබිණි. ගොඩනැඟිල්ලේ දැනට පවත්නා යම් අප්‍රසන්නතාවන් සඳහා සරල අලංකරණ ක්‍රම ගණනාවක් යෝජනා කරනු ලැබුණු අතර, ඒවා මූලික වාස්තුමය ස්වභාවයන් වියවුල් නොකරන ඒවා ද යන්න මූලිකවම සලකා බලනු ලැබිණි.

 

සිවිල් ඉංජිනේරු
විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක
ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.