විවාහය රසවත් කරන ලලනාවෝ

මැයි 19, 2023

 

විවාහ ජීවිත රුවන් මාලිගයේ පිවිසුම් රන් යතුර ඇත්තේ බිරිය අතේ ය.

වසො දුස්සරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං (දුස්සරිය සූත්‍රය)

(ලොව ඇති ජීවී හා සජීවි භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී නැමැති භාණ්ඩය උතුම් වේ.) සෑම කාන්තාවකටම සිය යුග දිවිය වාසනාවන්ත කරලීමට හැකියාව, දක්ෂතාව හිමි වී ඇත්තේ අල්ප වශයෙනි. සාර්ථකම යුග දිවියක් ගත කිරීමට බලපෑම් ඇත්තේ ඇගේ බාහිර රූපයම නොවේ. ඊට එහා ගිය ආදරය, ප්‍රේමය, ළෙන්ගතුකම, සංවේදීත්වය හා සියුම් කායික හා මානසිකමය සෞන්දර්යාත්මක රිද්ම රටාව වියමන හරහා ය.

ප්‍රත්‍ය ශතකයේ දක්වා ඇති පරිදි, ස්ත්‍රී ශයනෙ වෛශ්‍යානම්, සයනයේදී වෛශ්‍යාවක් බඳුව හැසිරීමෙන් සිය සැමියා උපරිම තෘප්තිය ලබයි. යුග දිවිය රස මංජුසාවකි. ඡ්‍යොතිෂ විද්‍යාත්මක බලන විට ව්‍යාත්සානයන්ගේ කාම සූත්‍රයේ සඳහන් අයුරින් දේහ ලක්ෂණයන්ද (සිරුරේ භාෂාව බොඩි ලැන්ග්වේජ්) එය නිතැතින්ම අනුගත වේ.

ග්‍රහ හැසිරීම් රටාව අනුව 2.7 සහ ලග්නය සඳු හා ශුක්‍ර බලය අත්‍යවශ්‍ය වේ. 2,7 ට පාපී පෙනීම වඩාත් අහිතකර වේ. ලග්නයට සෘජුවම 7 වැන්න පෙනීම මඟින් විවාහය පවත්වාගෙන යාමට අවශ්‍ය ග්‍රහ පෝෂණ පදාර්ථ ගොනු කෙරේ.

තවද පුර නවවක දසවක පසළොස්වක තිථියෙන් බුධ ශුක්‍ර යෝගවී උපත ලත් කාන්තාව සිය සැමියාට කායිකව හා මානසිකව උපරිම රසතාව තිලිණ කරන්නීය.

බුධ සඳු සංයෝග වී ශුක්‍රට පෙනීමත් 7 වැන්නට සුබ ග්‍රහ දෘෂ්ටිගත වීමත් මඟින් ග්‍රහ හැසිරීම ප්‍රබල වූ විට සිය සැමියාගේ ආදරය නිතැතින්ම දිනා ගන්නීය. එක් රැයක්වත් ඔහුට ඇය නොමැතිව පහන් කළ නොහැකිය.

සුබයින් ලග්නගත වී ශනි, කුජ, රාහු පාපීන් නොදැක සුබ පෙනීම් සහිතව ඇත්නම් යුග දිවිය රස ආකාරයකි. බුධ, චන්ද්‍ර, ගුරු, ශුක්‍ර 1 හෝ 7 බලවත්ව ඇත්නම් යුගදිවිය රසවත් වීමට කොවුලෙකුට අඹ දලුවක් වැනිය.

5 වැන්නේ ගුරු ශුක්‍ර යෝගය පින්වත් දාරක සම්පත් වේ. සඳු 11 සිට 7 වැන්නේ බුධ, ශුක්‍ර යෝගයෙන් ආකර්ෂණය ඇතිවේ. ඇය සීදේවියකි. ලග්නගතව සුබ ග්‍රහයින් සිටීමද 7 වැන්න දැකීම හරහා අති සාර්ථක යුගදිවියක් ගෙවනු ඇත. සැමියාට මරකත මිණකි.

ලග්නාධිපති 7 අධිපතියා සමඟ 7 සිට ගුරු පෙනීම හෝ සඳුගේ පෙනීමක් ඇත්නම් ඇයද විවාහයේ රසගුලාවකි. ඇයගේ දැක්ම සැමියාට අමෘතයකි. යුගදිවිය සාර්ථක වේ. බුධ ශුක්‍ර දෙදෙනා ලග්නගත වීමෙන් රාගනිශ්ශි‍්‍රත වේ. පින් ඇත්තියකි.

බුධ, ගුරු, කිවි ත්‍රි යෝගය සැප සම්පත් විඳින යුගදිවියේ උපරිම රස පහස ලබන කතක් වේ. 7 සුබයින්ගේ සුබ පෙනීම් 2,8 බලවත් වේ නම් බිරිය සැමියාගේ ආදරය දිනාගෙන රසවත් යුගදිවියක් ගෙවන්නේ ය.

සම්භෝග රස බවත් රති භාවයේ කෙළවර දක්වාම විද්‍යාත්මකවීමත් 7 වැන්නේ ශුභ බලවත් ග්‍රහයින් ප්‍රදානය කරයි. කටුක ග්‍රහයින් සැපය විනාශ කරයි. විවාහය යනු මෙලොව රස ආකාරයකි. දෙදෙනාගේම කායික මානසික සතුට සඳහා මෙන්ම උත්තරීතර ලෞකිකමය රස වින්දනයක් ලැබීමේ කලා කෙතකි. විවාහයක් රසවත් කිරීමට ප්‍රථමයෙන්ම දායක වන්නේ ආයු, වර්ණ, සැප, බල ප්‍රඥා යන පංචමහා සම්පත්තියම හිමි බිරියයි.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

ටී. හෙන්රි බෙම්මුල්ල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.