අලුත් සමාජය

නොවැම්බර් 24, 2023

 

පෙර සිටි මිනිස්සුන් ගමේ වෙද මහතා, යකදුරු මහතා, ඡ්‍යොතිෂවේදියා හමුවීමට යෑමෙදී බුලත් අතක් රැගෙන යෑමට සිරිතක් චාරිත්‍රයක් සහ ගෞරව කිරීමක් ලෙස සැලකුවා. වෙද මහතාට, යකදුරු මහතාට, ඡ්‍යොතිෂවේදියාට බුලත් අගහිඟ කමකට නොවේ බුලත් රැගෙන ගියේ. බුලත් අතෙනුත් ආ කාරණය ගැන යම් විස්තරයක් පැවසීමට මිස වෙනත් කරුණක් නිසා බුලත් රැගෙන ගියේ නැත.

අවාසනාවට අද සිරිත් විරිත් සියල්ල වියකී ගොස් මුදල්වලට මුල් තැන ලබාදී තිබේ.

මේ ශාස්ත්‍රය පවා දැන් මුදල් වලටම භාවිතා කිරීමටද සිදුවී තිබේ. මේ වටිනා ශාස්ත්‍රය කරන කාලේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපයා ගැනීමට රැකියාවක් කිරීමට වෙලාවක්ද නොමැත. ඉතින් මුදලක් ගෙවා සේවාව ලබාදීමට සිදුවී තිබේ. එහිද වරදක් නොමැත. ආණ්ඩුවෙන් පඩියක් ලබා නොදෙන නිසා සේවාව ගැනීමට පැමිණෙන සේවා දායකයාගේ යුතුකම සාධාරණ මුදලක් ලබා දිමයි බුලත් අත සමඟ.

සියල්ල අලුතින් අප්ඩේට් වන එකේ අපිද ඒ වෙනසට වෙනස් විය යුතුයි නැතිනම් අපි පසුකර අනාගතය ඉදිරියට යයි අපි පමණක් අතර මඟ තනිවීමට ඉඩ සිදුවේ.

කුමක් අප්ඩේට් වුවත් සිරිත් විරිත් එසේ වෙනස් වීම එතරම් සුබදායි බවක් ලෙස නම් මා නොදකින අතර, සියලු දේ විපරීත වීමට ඉඩ තිබේ. සාංස්කෘතික අප්ඩේට් වීමේ ප්‍රතිඵලය ඔබට දෑසින් දැන් දැකීමට හැකිය. මෙය ඔබට නොතේරේ නම් ඔබ ඇස් පේන අන්ධයකු ලෙසය මා නම් දකින්නේ. තිබුණු හොඳම කිසිවක් නොමැති නම් ඉතින්?

 

ඡ්‍යොතිෂ විද්‍යා ප්‍රභාෂ්වර ශාස්ත්‍ර ශූරි

ගමගේ රොෂේන් දිලිප් කුමාර


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.