ඇඳ මත හිඳගෙන සිටි අමනුෂ්‍යයා

අප්‍රේල් 12, 2024

 

මෙතෙක් කතාව...

දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. මුලින් බියක් දැනුණ ද පසුව එකඟ වූ මට ඔහු තනිව කාමරයේ නිදා ගැනීමට අකැමැති වූ හේතුව පවසන්නට විය. ඔහුට පැරැණි වළව්වක පදිංචියට ගිය ජෝන් බ්‍රොට්න් නම් තරුණ යුවළ මුණගැසුණු බවත් ඒ මන්දිරයේ සැරිසරන අවතාරයක් තමන්ගේ දුක් ගැනවිල්ල කීමට කෙනෙකු සොයන බවත් බ්‍රොට්න් යුවළ විශ්වාස කළ බව ඔහු මට පැවසීය. එංගලන්ත සංචාරයක් අවසානයේ වළව්වේ පැවැති උත්සවයකට සහභාගීව සිටියදී ඇති වූ විවිධ කතා බහ සහ උත්සවයට සහභාගී වූ පිරිස වළව්වෙන් පිට වී ගිය ආකාරය පිළිබඳ සැකයක් මතු වුවද මිතුරා වෙනුවෙන් රැඳී සිටි මට හොල්මන් ආදිය විශ්වාස කරන කාන්තාවක් සමඟ ද කතාබහක යෙදෙන්නට සිදු විය.

අද එතැන් සිට....

ඉන් අනතුරුව මා සමඟ කතා බහක යෙදුණු දේව තැති තැන බ්‍රෝට්න් යුවළ මෙහි පදිංචියට ඵ්ම ගැනත් , අසල්වැසියන් කැඳවා මෙවැනි භෝජන සංග්‍රහයක් පැවැත්වීම ගැනත් සිය ප්‍රසාදය පළ කරන්නට පැකිළුණේ නැහැ. තවදුරටත් ඵ් ගැන කතා කළ ඵතුමා පැවසුවේ බ්‍රෝට්න් මහතාගේ පැමිණීමත් සමඟ මන්දිරයේ ඇතැයි කියන හොල්මන් පිළිබඳ කතාවත් අසල්වැසියන්ගේ මතකය තුළින් දියවී යා හැකි බවයි.

අපට නොදැනුවත්ම මේ කතාබහට සවන්දී සිටි අසල්වැසි අමුත්තෙකුගේ මුවින් “ ආමෙන් “යයි මැතිරුමක් නිකුත් වූ අතර , සුදුමැළි වූ මුහුණින් යුතුව කුරුසය ඇඳගත් ආකාරය අද වගේම මගේ සිතත් ඇඳී තිබෙනවා.

එහෙත් ඵ් බව නොදුටු හෝ ඵය කිසිසේත්ම ගණන් ගන්නා බවක් නොහැඟ වූ දේවගැතිතුමන් තර්න්ලේ මන්දිරයේ හොල්මන් ඇති බවට ප්‍රචාරය කරන ලදැ‘යි කියවෙන මෙහි කලින් පදිංචිව සිටි ක්ලාර්ක් නැමැත්තාට මා සමඟ දෝෂාරෝපණය කරන්නටද අමතක කළේ නැහැ.

මේ අතර භෝජන ශාලාවේ අප සිටි තැනට අනෙක් අන්තයේ දැවැන්ත මේසයේ කෙළවර සිටි බ්‍රෝට්න් හා ඔහුගේ බිරිඳත් , තවත් කීපදෙනෙකුත් බරපතළ කතාබහක යෙදී සිටින ආකාරය මා දුටුවා. ඵ් ගැන මා තැකීමක් නොකළත් ඔවුන් කතාබහ කරන්නේ මා ගැනදැයි කියාත් නිකමට මෙන් මට සිතුණා. බ්‍රෝට්න් යුවල හා මා පමණක් මන්දිරයේ ඉතිරි වෙද්දී , රාත්‍රී ඵකොළහ පමණ වන විට සියලු අමුත්තන් පිටවී ගියා.

ඵ් අවස්ථාවේදී බ්‍රෝට්න් මහත්මිය පැමිණ සිටි අසල්වැසියන් කීපදෙනෙකු පිළිබඳව හාස්‍යෝත්පාදක යමක් සඳහන් කොට නින්දට යනු පිණිස අපෙන් සමුගත්තා.

මේ මොහොතේදී තමා සාමාන්‍ය පරිදි සිටින බව පෙන්වන්නට ඇය විසින් උත්සාහ ගනු ලැබූවත් ඇය කතාබහ කරන්නේ සිත තුළ යමක් සඟවා ගෙන බව පෙනී ගියා. ඒ සමඟම බ්‍රෝට්න් විසින් හදිසියේ මා මෙහි කැඳවනු ලැබුවේ කුමකටද? යන ප්‍රශ්නය යළිත් මගේ සිත තුළ පැන නැංගා. මා ලන්ඩනයේ සිට හදිසියේ ගෙන්වා ගත්තේ හුදු භෝජන සංග්‍රහයක් සඳහා පමණක් නම් නොවන බව මේ වන විට මා හට ඇතැඹුලක්සේ ප්‍රත්‍යක්ෂ වී තිබුණා. ඵ් වගේම මගෙන් සඟවනු ලබන කුමක් හෝ ව්‍යාපෘතියක් මා මුල් කර ගනිමින් ගොඩනැඟෙන බවද මට අවබෝධ වුණා.

බ්‍රෝට්න් මහත්මිය අප දෙදෙනාගෙන් සමුගෙන පිටත්ව යාමෙන් අනතුරුව බ්‍රෝට්න්, තර්න්ලේ මන්දිරය ගැන කතා කරන්නට පටන් ගත්තා. මෙය වටා ගෙතී ඇති අවතාර පිළිබඳ කතා ගැන විමසා බලන්නට මා මෙය අවස්ථාවක් කර ගත්තා. නමුත් විවිධ වැල් වටාරම් කියමින් ඊට නිසි පිළිතුරක් දීමෙන් වැළකී සිටින්නට බ්‍රෝට්න් උත්සහා ගත්තා. ඊළඟට මා ඔහුගෙන් සෘජුවම ප්‍රශ්න කළේ හදිසියේම මා මෙහි කැඳවුයේ ඇයි ද යන්නයි. පෙර පරිදිම ඔහු එයටද නිසි පිළිතුරක් දීමෙන් වැළකී සිටියා. නිශ්චිතව පිළිතුරක් දිය යුතු සහ එසේ දීමට පිළිතුරක් තිබෙන මේ පැනයට පිළිතුරු නොදීම නිසා මට ඔහුගේ හැසිරීම ගැන මහත් පුදුමයක් ඇති වුණා. එයට හේතුව කුමක්දැයි ඔහු පසුදින උදයේ පවසන බව කී අතර , තම බිරියත් සමඟ ගෙවන ආදරණිය දිවි පෙවෙත ගැන විස්තර කරමින් කතාව වෙනත් පීල්ලකට මාරු කළා. කතාබහෙන් අනතුරුව මා වෙනුවෙන් සූදානම් කර තිබු කාමරය තෙක් මා කැටුව ගිය හෙතෙම ඉතාමත්ම ආයාචනාත්මක හඬකින් මෙවැනි ඉල්ලීමක් කරනු ලැබුවා.

“ යම් විදියකින් ඔබට අවතාරයක් මුණ ගැසුණොත් එයට කතා කරන්න. අවතාරයක් පළවා හරින්නට ඇති එකම විදිය එහි දුක් ගැනවිල්ලට සවන් දීමයි. ඒ සඳහා අවශ්‍ය නිර්භීතකම ඔබට තියෙනවා”

මා හට සුබ රාත්‍රියක් පතා සමුගත් බ්‍රෝට්න් අසල වූ තමාගේ කාමරය පෙන්වා කියා සිටියේ යම් ඕනෑකමක් ඇති වුවහොත් තමාට කතා කරන ලෙසයි.

අතීරණාත්මක ව්‍යාකූල හැඟීමකින් යුතුව කාමරයට ඇතුළු වූ මම හිත සන්සුන් කර ගැනීමේ පියවරක් වශයෙන් ඇඳ අසල ටීපෝව මත වූ විදුලි පහන දල්වා “ජන්ගල් බුක් ” නවකතාව කියවන්න පටන් ගත්තා.

ඒ සමඟම මඳක් හිත සන්සුන් වෙන්නට පටන්ගත් බැවින් නින්දට වැටෙනු පිණිස පොත පසෙක තබා විදුලි පහන නිවා දැමුවා.

පැය තුනක් පමණ ගතවීමෙන් අනතුරුව කිසිදු හේතුවකින් තොරව මා හදිසියේම අවදි වුණේ ඇයිද කියා මා දන්නේ නැහැ. අමිහිරි ශබ්දයක් නඟමින් නිශාචර පක්ෂියෙකු පිස්තෝල වෙඩිල්ලක් මෙන් ජනේල් වීදුරුවේ ගැටී ඉවතට පියඹා ගියා.

නින්ද ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් තර්න්ලේ මන්දිරය අරබයා මා තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තැන් විමසා බලන්නට පටන් ගත්තා. එහෙත් නිදිමතක් ඇති කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් වුණේ නැහැ. මෙවැනි අවස්ථාවල මා අනුගමනය කරන සුපුරුදු ප්‍රතිකර්මය වශයෙන් විදුලි පහන දල්වා පෙර කියවූ පොත යළිත් කියවන්නට පටන් ගත යුතු යයි මම කල්පනා කළා. නිදි යහන අසල ටීපෝව මත තිබූ විදුලි පහන මා විසින් දැල්වුවේ ඵ් අරමුණින්. එසැණින් ඇඳ පාමුලට නෙත් යොමු වූ මා දුටුවේ කෙතෙක් බියකරු දර්ශනයක්ද යත් තැතිගත් මම ඇඳෙහි කෙළවරටම වී ගුලි ගැසුණේ එයින් හැකිතාක් ඈත් වන්නට උත්සාහ ගනිමින්. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක බොහෝ දෙනෙකු සිදු කරන පරිදි විලාපයක් තබන්නට හෝ මා හට හැකියාවක් තිබුණේ නැහැ. මක්නිසාද කියන්නේ නම් එකම කෙළ බිඳුවක් හෝ නැති තරමට උගුර කට වියළී තිබූ නිසා. අධික භීතිය හේතුකොට ගෙන මගේ හදවත කොතරම් වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තාද කියනවා නම් එය මාත් සමඟ පුපුරා විනාශ වේ යයි මට සිතුණා. ආගමික භක්තියෙන් යුත්ක නොවූවකු නිසා මගේ හදවත තුළ යාඥාවක් පැන නැංගේ නැති වුවත් යහපත්ව ජීවිතය ගත කරන්නෙකුට අමනුෂ්‍ය උපද්‍රවයකට ලක් වන්නට දෙවියන් වහන්සේගෙන් ඉඩක් නොලැබෙන බවට වූ විශ්වාසයක් මා තුළ තිබුණා. එහෙත් මා ඉදිරියේ ඇස් පනාපිට ප්‍රාදුර්භූතව සිටින බියකරු අමනුෂ්‍ය බලවේගය ඉදිරියේ මගේ දෛවය කොයි ආකාරයකින් විසඳේදැයි මා දැන සිටියේ නැහැ”

අප ගමන් කළ “ ඔරිසිස් ” නෞකාවේ නෞකා තට්ටුව මත ඒ මොහොතේ අසුන්ගෙන සිටියේ අප දෙදෙනා පමණයි. මොහොතකට කතාව නතර කළ කොල්වින් ඈත ක්ෂිතිජයේ දෙසට නෙත් යොමු කරගෙන සිටියේ තමාගේ බියකරු අතීත අත්දැකීම් සිහිපත් වීමෙන් ඇතිවූ කම්පනය දුරු කර ගැනීමේ අදහසින් යයි මට සිතුණි. විනාඩි දෙක තුනක නිහඬතාවයකින් අනතුරුව කොල්වින් යළිත් කතාව පටන් ගත්තේ මේ ආකාරයටය.

"මගේ ඇඳ පාමුල හිඳගෙන සිටියේ බාගෙට දියවී යමින් පැවතුණු මළ මිනියක්. මළ මිනියක් ය පැවසුවාට ඉතා පැහැදිලිවම සිරුරෙන් අර්ධයක් පැවතුණේ ඇටසැකිල්ලක් ලෙසින්. මේ නිසා එය එක් පැත්තකින් මස් දියවෙමින් යන ඇටසැකිල්ලක් ලෙසත් ඔබට හඳුන්වා දිය හැකියි. මුහුණින් අඩක්ද හිස මුදුනේ වු සමද හිස් කබලටම ඇලී තිබුණ අතර , අවුල් වූ කෙස් වැටියක් මුහුණ මතට වැටී තිබුණා. ඒ හැරුණු කල මමියක වැනි හමක්ද ඇටසැකිල්ලේ තැන් තැන්වල පිහිටා තිබුණා. ඉතින් මේ කුමන ආකාරයකින් හඳුන්වා දුන්න ද ඇඳ පාමුල වාඩි වී සිටියේ නම් පස් දෙබෑ කරගෙන අමු සොහොනේ තරමක් පරණ මිනී වළකින් මතුවුණ මළ මිනියක්! පෙනුමෙන්ම මිනිසකු භීතියට පත්කොට මරා දැමිය හැකි ආකාරයේ අමනුෂ්‍ය ආත්මයක්! මේ නපුරු අමනුෂ්‍යයා එක එල්ලේ මා දෙස නෙත් යොමා ගෙන සිටින අතරේ මෙය ඇත්තක් ද , නැතිනම් මා දකින සිහිනයක්ද කියා දැන ගන්නටත් මම උවමනාවක් තිබුණා.

ඒ අනුව මෙය නම් මා දකින දුක් ස්වප්නයක්ම වේවායි යන බලාපොරොත්තුවෙන් මා තත්පර කීපයක් තදින් දෙනෙත් වසාගෙන සිට යළිත් විවෘත කළා. අනේ දෙවියනි මෙන්න ඵ් බියකරු අමනුෂ්‍ය රූපය තවදුරටත් මා දෙසම නෙත් දල්වාගෙන බලා සිටිනවා."

මතු සම්බන්ධයි.

තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.