අපමණ ගුණ දෙන සත්‍ය බුද්ධ මන්ත්‍රය

අප්‍රේල් 19, 2024

 

ඕං අකික්කා මුප්පත්තු ඉතිපි සෝ භගවා අරහං නන්දිරික්කාල් උච්චං පදිනේට්ටු තරියානෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්සානං අසුර කට්ටු, සුර කට්ටු, විෂ්ණු කට්ටු, බුද්ධෝ භගවාති කන්දකුමාර කට්ටු, නේන් පලයං තෝස්වාහා......

සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද දින ඉදිරිපත් කරනු ලබන මේ උතුම් බුද්ධ මන්ත්‍රය පැරැණි මහා යතිවරයාණන් වහන්සේලා ඉතා විශ්වාසයෙන් ප්‍රයෝජනයට ගත් ඉතාමත් ආනුභාව සම්පන්න බුද්ධ මන්ත්‍රයකි. බුදුරජාණන්වහන්සේගේ අනන්ත බුදු ගුණයට එකතු කළ විශේෂ මන්ත්‍ර කාණ්ඩයක් සමඟ ඉතා බලසම්පන්න ලෙස යතිවරුන් විසින් නිර්මාණය කර ඇති මේ උතුම් බුද්ධ මන්ත්‍රය භාවිත කර ගනිමින් බොහෝ වැඩකටයුතු සිදුකර ගත හැකිය.

යම් යම් ශාන්ති කර්මයන් සිදුකරන විට එම ශාන්ති කටයුතුවලට මේ බුද්ධ මන්ත්‍රයෙන් ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය. සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරා අවසන් වූ විගස නැවත ජීවිතයේ සාමාන්‍ය කටයුතු ආරම්භ කරන ඔබට මේ බුද්ධ මන්ත්‍රයෙන් බොහෝ පීඩා දුරු කර ගත් ජීවිතයක් සකස් කරගත හැකිය. විවිධ සෙත්ශාන්තිවල යෙදීමෙන් විශාල වශයෙන් මිල මුදල් නාස්ති කර ගන්නා බොහෝ පිරිස් සදහා මේ බුද්ධ මන්ත්‍රය මඟින් මහත් ශාන්තියක් සැලසේ.

පස්පාට මල් සහිත මල් බුලත් තටුවක් සකස් කර පහනක් දල්වා, සුවඳ දුම් පතුරවා, නූල් නව පොටක් මල්තටුවේ තබා මේ බුද්ධ මන්ත්‍රයෙන් එකසිය අටවරක් මතුරා ඕනෑම අමනුෂ්‍ය බලවේගයකින් පීඩාවට පත් වූ අයට අතේ හෝ කරේ බදින්න දොස් දුරුවේ. සුව නොවන උණ රෝගයට පිරිසිදු පැන් මතුරා මුහුණ සෝදන්න. අපමණ ගුණ ලැබේ විෂගෝර සර්පයන්ගෙන් වන උවදුරු දුරුකර ගැනීමට මේ බුද්ධ මන්ත්‍රයෙන් ම වැලි මතුරා නිවෙස වටා සහා ඉඩමේ ඉසින්න. සැක සහිත තැනකින් ආහාර හෝ වෙනත් දෙයක් ගැනීමේ දී මේ බුද්ධ මන්ත්‍රය සිහිකරන්න විෂ දුරුවේ. වස විස කැවීම් නිසා රෝගී වූ අයට මේ බුද්ධ මන්ත්‍රයෙන් ජීවම් කරන ලද සුදු හඳුන්කුඩු තැඹිලි වතුරට මිශ්‍ර කර හිස් බඩට 03 න් දිනක් බීමට දෙන්න.

ඔබට අවශ්‍ය යැයි හැඟෙන ඕනෑම යහපත් කටයුත්තක් සඳහා මෙයින් අපමණ පිහිටක් ලබා ගත හැකිය.

තෙරුවන් සරණයි!

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.