එදිනෙදා භාවිතයට කෙම් මන්ත්‍ර

අප්‍රේල් 19, 2024

 

ඇස්වහ කටවහ දුරලන කෙම් මන්ත්‍රයක්

ජීව මන්ත්‍රය - ඕං කීකරු නොකීකරු, දුටුකරු, නොදුටු කරු, ඇස්වහ කටවහ අදහිටන්.... නම.... ට..... නෑ.

ළිං ජල බඳුනකට පුරවා ගත යුත්තේ සෙනසුරාදා සවස 6න් පසුවයි. කපුඇට, වී, අබ, ගම්මිරිස් ඇට, කහ කෑල්ලක්, අඟුරු කැබැල්ලක්, ලුණු කැටයක් ජල බඳුනට දමා දෙහි අත්තක් ද දමා ඉරිදා අලුයම කපුටා හැඬීමට පෙර (108) වරක් මතුරාගෙන ඉරිදා උදේ කට සෝදන්න. මුළු ශරීරයේ දෙහි අත්තෙන් වතුර ගාන්න. වරු 3 යන විට දෙහි අත්ත මැළවී යයි. සියලු දෝෂ වහා දුරු වේ.

ගෙඩි සුවවීමට

ශරීරයේ ගෙඩියක් උගුරේ, බෙල්ලේ, කිහිල්ලේ, තුනටියේ, ශරීරයේ කොතනක හෝ සෑදිගෙන එනවිටම කනහුණු ටිකක් ඇඟිල්ලට ගෙන උස් තැනක මේ මන්ත්‍රය ජප කරමින් ඉරි 09ක් අඳින්න. වරු 3ක්ම ඉරි අඳින්න. ගෙඩිය ගැට වී සුව වේ.

ජීව මන්ත්‍රය

ඕං නමෝ පාපා කරුසියාගේ ආඥාවෙන් ආනුභාවෙන් නම සහ පැත්ත කිවි කිවි ඒහි ඒස්වාහඞ

රුව වඩවන බේත්

ජීව මන්ත්‍රය -

ඕං ශ්‍රීයා දේවිනමෝනමඞ

පිරිසුදු පැන් බඳුනකට 21 වරක් මතුරා වතුර පානය කරන්න. මුහුණ සෝදන්න. මුහුණ දිනෙන් දිනම ලස්සන වේ.

අමුක්කරා, සියඹලා ඇට, හුලංකීරි අල සමවගෙන අඹරා කෝලිකුට්ටු ගෙඩියක් සමඟ අණා බෙල්ලේ යට පැත්තේ ආලේප කර සම්භාහනය කරන්න. දින 15ක් දිගටම ආලේප කර සම්භාහනයෙන් බෙල්ලේ මාංශපේශි වැඩී රැලි තුනක් වැටී ලස්සන වේ. මේ ඖෂධය පපු පෙදෙස වැඩී ලස්සන වීමටත් ඉතාම යහපත් වේ.

සියලු දෝෂ දුරුවීමට

ඕං නමෝ බුද්ධාය ධම්මාය සංඝාය පංචාක්ෂර වශී ආකර්ෂණය ත්‍රිවිධ රත්නානුභාවේන ජීවශක්ති විශ්ව ශක්ති අර්ථ සිද්ධාය ජය ජය ඒහි ඒහි ඒස්වාහඞ

මෙම ආකර්ෂණ දැහැන 21 වරක් කියවා ඔබ යන ගමන පිටත් වන්න. සාර්ථකත්වයට පත්වේ. සියලු දෝෂ වහා දුරු වේ. ඇස්වහ කටවහ හෝවහ දෝෂ වහා දුරුවේ.

කාර්ය සිද්ධියට

නමෝ සර්වකාර්යානේ සිද්ධි සිද්ධතී නමෝනමඞ

සම්මුඛ පරීක්ෂණ, විභාග, නඩුහබ, වැනි වැදගත් අවශ්‍යතාවලට යන විට මේ මන්ත්‍රය 16 වක් සිතෙන් ජප කර ගමන පිටත් වන්න. සාර්ථක වේ. ඔබට ජය අත්වේ. කරදර බාධක ගැටලු ඇති නොවේ.

නිරෝගී භාවය ලැබීමට

බුද්ධානු භාවේන, ධම්මානු භාවේන, සංඝානු භාවේන, ත්‍රිවිධ රත්නානු භාවේන, සර්ව දේවානු භාවේන විශ්වශක්තියානු භාවේන නවග්‍රහ දෝෂ හරණං අර්ථ සිද්ධි නමඞ

මෙම දැහැන උදේ 9 දහවල් 9 රාත්‍රී 9 වරක් බැගින් නිතිපතා කියන්න. සියලු දෝෂ වහා භංග වේ. නිරෝගී වේ. සුවපත් වේ. මානසික ශක්තිය ලැබී ජීවිතය සෞභාග්‍යමත් වේ.

නිදහස් තැනක පහසු අන්දමට ඉඳගෙන දකුණු නාස් පුඩුව ඇඟිල්ලෙන් තදකරගෙන වම් නාස් පුඩුවෙන් හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කරන්න 5 වාරයක්. ඊට පසු වම් නාස් පුඩුව තද කරගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන්න. 5 වාරයක් ඊට පසු නාස් පුඩු 2 දෙකෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස කරන්න 10 වතාවක්. මේ අන්දමට 20 වාරයක් ආශ්වාස කරන්න. මිනිත්තු 15ක් දින 09ක් කරනවිට ඔබේ මනස ප්‍රබෝධමත් වේ. සිරුර සැහැල්ලුවේ. සිරුරට නව පණක් ලැබේ. සුවසේ නින්දයාවි. නිරෝගී වේ. ඖෂධ අවශ්‍ය නොවේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.