අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

අප්‍රේල් 12, 2024

 

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 13 වැනිදා සෙනසුරාදා අපරභාග 02.41 සිට 14 වැනිදා ඉරිදා

අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින්

අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින අපරභාග 02.41ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්

13 වැනි සෙනසුරාදා දින අපරභාග 09.05 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා කාලය තුළ මෙහි දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා

ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර ක්‍රම ඉටු කිරීම ද මැනවි.

 

 

අලුත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරදා දින අපර භාග (රාත්‍රී) 09.05ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

 

 

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා අපරභාග (රාතී‍්‍ර) 11.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා, තල, උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

 

 

 

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

 

අපේ‍්‍රල් මස 13 වැනිදා සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට හෙවත් අපේ‍්‍රල් 14 වැනි ඉරිදාට එළිවෙන පාන්දර ඔරලෝසු වේලාවෙන් 00.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

 

 

හිසතෙල් ගෑම

 

අපේ‍්‍රල් මස 15 වැනිදා සඳුදා දින පූර්වභාග (උදේ) 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණුූ දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.

 

රැකී රක්ෂා සඳහා පිටත්වීම

 

අපේ‍්‍රල් මස 17 වැනිදා බදාදා පූර්වභාග (උදේ) 06.52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල්, හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

 

 

පැළ සිටුවීම

අපේ‍්‍රල් මස 18 වැනිදා බ්‍රහස්පතින්දා දින පූර්වභාග (උදෑසන) 10.16ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැඟෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.