ලග්න හතරකට සර්වජන වශී දේවාකර්ෂණය දෙමින් මැයි 31 වැනිදා බුධ වෘෂභයට

මැයි 24, 2024

 

සිකුරු හිමි වෘෂභ රාශියට ඥානකාරක බුධගේ සංක්‍රමණය මැයි 31වැනිදා සිකුරාදා මධ්‍යාහ්න 12.13ට සිදු වෙයි.

සිංහ රාශි උදාවෙහි 10 වැන්නවූ කර්මස්ථානගත මිත්‍රශීලි ඥානකාරක බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍ර සිකුරු සමඟ සුසංයෝගය අතිශය වැදගත් ග්‍රහ පිහිටීමෙකි.

මිථුන, කන්‍යා, ධනු, මීන රාශි හිමියනට සර්වජන වශිය, දේව ආකර්ෂණය උදාව පවතිනු ඇත. ආරම්භ කරන ලද සියලු ආකාර ක්‍රියාකාරම්හි උසස් ප්‍රගතියක් උදාවෙනු පෙනෙයි.

වාණිජ ක්ෂේත්‍රය, අධ්‍යාපනය, විද්‍යා, ජන සන්නිවේදන ආයතන කෙරෙහි ගෞරව ලැබෙන කාලසීමාවකි.

ගණිත මිණිත ඥානය, කාව්‍යකරණය, ලේඛන කලාව, කථිකත්වය, රූපලාවණ්‍යය, ප්‍රසිද්ධිය, කීර්තිය, බුධ ශුක්‍ර යෝගය මත වඩාත්ම යෙදෙයි. සහජ කලා කුසලතා ඉස්මතු වන බවක් විද්‍යමාන වෙයි. රාජ්‍යය සම්මාන ගරුබුහුමන් පූජා සත්කාර සම්මාන උපාධි, ලාභ ප්‍රසාද ලැබීම්, ගෞරවණීයත්වය, ජවබලසම්පන්න බුද්ධිමත් සමාජ වරප්‍රසාද, ආර්ථික සංවර්ධන රටාවක් බුධ ග්‍රහයාගෙන් සුබවාදිව අපේක්ෂා කළ හැකිය.

නිදන්, මැණික් ආදි භූමිගත වස්තුලාභ, දෙස්විදෙස් රැකියා ආදායම් මාර්ග බහුලවීම කොටස් වෙළෙඳපළ සාර්ථකත්වය, කාර්මික නිෂ්පාදන, පෞද්ගලික ව්‍යාපාර, බැංකු, ඉදිකිරීම්, හස්ත කර්මාන්ත දියුණුව, සාමාන්‍ය පොදුජනතාව අතර දෛනික ජීවනගමන් මගෙහි දැනුම අවබෝධය වර්ධනය කර ගැනීම ආදිය දියුණු වේ.

ධර්ම කර්මාධිපති, සස, මාලවි යෝග සහිත ලග්නවලට සුබදායකය.

එහෙත් කෘෂිකර්මික, ගොඩමඩ ඉඩකඩම්, වන මෘගයන්, මහා ගණ වනාන්තර ආශ්‍රිත සුළිසුළං, ලැව්ගිනි ආදියද නාවික, ගුවන්, දුම්රිය, මහාමාර්ග ආශි‍්‍රත අනතුරුද බහුල වන කාලයකි.

 

මේෂ රාශිය

02 වැන්න වූ ධනස්ථානගතව බුධ ශුක්‍ර ආශ්වාදනීය ආකර්ෂණීය යෝගබලය යෙදී ඇත. පදිංචි ස්ථාන, පදිංචි භූමිය, යුගදිවිය, රැකියා ආදායම් මාර්ග ක්‍රමවේද ආශි‍්‍රතව බුද්ධිමත්ව දූරදර්ශීව ක්‍රියා කළ යුතුය. එසේ එම කටයුතුවලදී වගකීම් සහගතව ක්‍රියාත්මකවීම යහපත පිණිස හේතු වෙයි.

වෘෂභ රාශිය

බුධ, ශුක්‍ර යෝගය කන්‍යා තුලා භාවාධිපති දෙදෙනාගෙන් සංයෝගව ඇත. දූදරුවන් පිළිබඳව මෙන්ම නිර්ණාමික, නාමික සොර සතුරු බලවේග, රෝගාබාධ වැනි ප්‍රශ්න ගැටලු මතුවිය හැකිය. සිකුරුගෙන් ලග්නගත මාලවී යෝගබලයද සෙනසුරුගෙන් 10 වැන්නෙහි සස යෝග බලයද උදාව ඇත. එනිසා යම් සහනයක් ද ලැබෙනු ඇත.

මිථුන රාශිය

මිථුන රාශි හිමියනට 12,01 භාවගත බුධ ශුක්‍ර යෝගයක් උදාව ඇත. මේ අනුව 09 වැන්නෙහි බලයද සුබවාදිවෙයි. වාසනාව භාග්‍ය මෙන්ම යුගදිවියෙහි රසාස්වාදාත්මක බව ප්‍රගමනය වෙයි. රැකියා ආදායම් මාර්ග දියුණුව ගෙන දෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සමෘද්ධිමත් වෙයි. උසස් ජීවිතයකට භාග්‍යය ඇත.

කටක රාශිය

අයස්ථානය වූ 11 වැන්නෙහි බුධ ශුක්‍ර යෝගය සහ රවි, ගුරු සතුරුව යෙදී රැකියා ආදායම් මාර්ග සහ සබඳතා විවාහ මංගල කටයුතු සාර්ථක වෙයි. සිතැඟියාවන්, සමාරම්භක ක්‍රියාකාරකම් බොහෝ දුරටම සාර්ථක කරගත හැකිය. 08 වැන්නෙහි සෙනසුරු චන්ද්‍ර ජන්ම ඒරාෂ්ටක දෙක පිළිබඳ සැලකිලිමත් වීම සුබයි.

සිංහ රාශිය

දසවැන්න වූ කර්මස්ථානගතව බුධ ශුක්‍ර යෝගය රැකියා ආදායම් මාර්ග සිතැඟියාවන් සාර්ථක වෙනු ඇත.

පවුල් ජීවිතය විවාහ මංගල කටයුතු අවුල් සහගතවීම් ද සිදුවිය හැකිය. හදිසි තීරණ තීන්දු අවුල්වී යාමෙන් බාධක අවහිර දුෂ්කරතා රැසකට හේතු යෙදෙයි. කන්‍යා රාශිය

බුධ ශුක්‍ර යෝගබලය ධර්මකර්මාධිපති යෝගබලය අතිශය ප්‍රශස්ත බවකින් අනූන වූවෙකි. මේ අනුව රැකියා ආදායම් මාර්ග උසස්වීම්, පෞද්ගලික ව්‍යාපාරික සේවා වැඩි දියුණුවීම, සමඟ නව ජීවන ගමන්මඟක විජයග්‍රහණය වැදගත් වෙයි. ආගම ධර්මයට මෙන්ම පොදු සමාජ සහගත කාර්යභාරයන් උසස් අයුරින්ම දියුණුව කරා ළඟා වෙයි.

තුලා රාශිය

බුධ ශුක්‍ර යෝගය ආශි‍්‍රත දෙස්විදෙස් සේවා දියුණුවට හේතු වෙයි. සාධාරණය, නීතිය, ගරුකොට සලකයි. පදිංචි ස්ථානයෙහි මෙන්ම භූමියෙහි ආකර්ෂණීය ආස්වාදනීය බලපෑම් අතරින් සෞභාග්‍යමත් ජීවන ගමනකට විචිත්‍ර ලෙස ඉදිරිකාලීන දියුණුව ගෙන දෙයි. හිතමිත්‍රදීන් බහුල කෙරෙයි. උසස් ප්‍රභූ ජනයා ඇසුර ලබයි.

වෘශ්චික රාශිය

04 වැනි භාවයෙහිදී පංචපුරුෂ යෝග බලැති සස යෝගබලය යෙදී ඇත. එපමණක් නොව 07 වැන්නේදී මාලවි යෝගබලය යෙදී ඇත. මේ අනුව කාර්මික කෘෂිකාර්මික උසස් දියුණුවක් ගෙන දෙයි. නිෂ්පාදන ධාරිතාවද උසස් වෙයි. නව නිර්මාණශීලි පුද්ගලයෙකු වන අතර ප්‍රායෝගික පුහුණුවක් ද ලැබෙයි.

ධනු රාශිය

ජීවන ගමනෙහි ස්වර්ණමය අවස්ථා උදාවෙයි. බුධ ශුක්‍ර යෝගය 06 වැන්නේය. කාර්යශීලිබවක් නියෝජනය වෙයි. විවිධ පැතිකඩ ඔස්සෙහි ලේඛනය සාහිත්‍යය සංස්කෘතිය මුවහත්වීමක්ද සුවිශේෂීව සිදු වෙයි. පදිංචියෙහි නවතාවයක් සිදුවෙනු ලබයි. ජීවිතයේ නව නිර්මාණ රැසක් විවිධත්වයක් 04 -05 භාව ඔස්සෙහි සිදුවෙනු ඇත.

මකර රාශිය

අධ්‍යාපනය, දූදරු කටයුතු හවුල් කටයුතු යුගදිවි විවාහ කටයුතු ආශි‍්‍රතව නවතාවයක් නිර්මාණය විය හැකිය. එහෙත් නිර්ණාමික නාමික සොර සතුරු බලවේග රෝගාබාධක උත්සාහය, උනන්දුව දෙගුණ තෙගුණ වී යාම ක්‍රියාකාරිත්වයන් අතර වෙන්නෙකි. තැන්පත් ධනය දේපළ වස්තුව ආශි‍්‍රත තරමක ගැටුම්කාරිබවක් නිර්මාණය ද විය හැක.

කුම්භ රාශිය

ලග්නගතව සෙනසුරු සහ චන්ද්‍රයා තැන්පත් වීමෙන් සෙනසුරු ලග්න ජන්ම ඒරාෂ්ටක දෙකක විෂමාචාර බවක් ඇති වුවද සෙනසුරු මුල්කොට සස මහා යෝගබලයද විද්‍යමාන වෙයි.

මාලවි යෝගබලය 04 වැන්නේද උදාව පවතිනු ලබයි. මේ අනුව පදිංචියෙහිද ජීවිතයෙහිද නවතාවයක් මතු කෙරෙයි. උසස් දියුණුවක් ගෙන දෙයි.

මීන රාශිය

සෙනසුරු 12 වැන්නෙහි ගමන් ගැනීමද චන්ද්‍රයාගේ සුසංයෝගය මත ඒරාෂ්ටක බලපෑමද සිදුවෙයි. එහෙත් කාර්යශූරී ප්‍රසිද්ධ කීර්තිමත් ජීවන ගමන්මඟක සමාරම්භය පෙනී යන්නේය. ජීවිතයෙහි ලෝකෝත්තර පැතිකඩ ආලෝකමත් වී යාමෙහි ප්‍රවණතාවයක්ද පවතිනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.