රාශි දොළහට හිමි අවයව හා රෝග

ජුනි 26, 2020

ඡ්‍යොතිෂ වේදයට අනුව මනුෂ්‍යයා පිළිබඳ සෑම දෙයක්ම ප්‍රකාශ කළ හැකිසේම රෝගාබාධ පිළිබඳවද විස්තර කළ හැකිවන්නේය. මේෂාදී රාශිද ලග්න භාවයන්ද රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු ශුක්‍ර , ශනි, රාහු, කේතු ආදී ග්‍රහයෝද ශරීරයේ ඒ ඒ ස්ථානවලට හා අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හිමිකම් දක්වන අතර එකී ස්ථානවලට වැළඳිය හැකි රෝග පීඩාද හඳුනා ගැනීමට පුළුවන.

මේ නිසා ආයුර්වේදය හා ඡ්‍යොතිෂවේදියා යන විද්‍යාවන්ගේ මහඟු ප්‍රතිඵල ලබාගැනීමට නම් වෛද්‍යවරයාට ඡ්‍යොතිෂ දැනීමක් ඡ්‍යොතිෂවේදියාට ආයුර්වේද පිළිබඳ දැනීමක්ද තිබිය යුතුමය. 

ඡ්‍යොතිෂවේදීන් කේන්ද්‍ර පලාපල කථනයේදී මේ විෂයන් දෙකම හදාරා තිබීමෙන් කේන්ද්‍ර හිමියන්ට වැළඳෙන හෝ වැළදි තිබෙන රෝගයන්ද ඒ නිසා ශරීරාවයන් ඇති විය හැකි බලපෑම්ද ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කළ හැකිය. 

රාශි දොළහට හිමි ශරීරයේ ස්ථාන හා අධිපතිත්වයන් මෙසේය. 

මේෂ රාශිය – හිසට 

වෘෂභ රාශිය – මුහුණ 

මිථුන රාශිය – පපුව 

කටක රාශිය – හෘදය 

සිංහ රාශිය – තුනටිය 

තුලා රාශිය – යටිබඩ  

වෘශ්චික රාශිය – ලිංග, යෝනි 

ධනු රාශිය – කලව යුග්මය 

මකර රාශිය – දෙදණ 

කුම්භ රාශිය – කෙණ්ඩා වලට 

මීන රාශිය – දෙපාවලට 

මේෂ ආදී කිසියම් රාශියක පාප ග්‍රහයන් අශුභ දෘෂ්ටි ලබා සිටීනම් එකී රාශියට හිමි ශරීර කොටස්වල සමතුලිත භාවය නැතිව විකෘති තත්වයන් හෝ වැඩීමේ දුර්වලකම් ඇති කරයි. එම ශුභ දෘෂ්ටිවලට ලක්වීමෙන් එම ස්ථාන වර්ධනය වීම නිරෝගි වීම ඇතිකරයි. වාතය, පිත, සෙම යන තුන්දෝෂයන්ද ඒවා කෝපවීමෙන් හට ගන්නා රෝග ස්ථානයන්ද රවි චන්ද්‍ර ආදී ග්‍රහන්ට හිමිව පවතී. ඒ ඒ රෝග හටගන්නා වර්ෂ කාල වකවානු මහදසා, අතුරුදසා, සූක්ෂම දසා අනුව හඳුනාගත හැකි වන්නේය. රාශි අනුව මේෂාදී වශයෙන් ශරීරයට බලපාන ස්ථාන ඉහත රූප සටහනේ දක්වා ඇත. 

රාශීහූ සවිස්තරාත්මකව තවත් අවයවවලට ඇතුළත් වන්නේ මෙසේය. 

මේෂ – හිස මුහුණ 

වෘෂභ – ගෙල, උගුර 

මිථුන – උරහිස් හා බාහු 

කටක – පයෝදර, ආමාශය, වැලමිට 

සිංහ – පිට හා අත් 

කන්‍යා – උදරය 

තුලා – තට්ටම හා තුනටිය 

වෘශ්චික – ලිංග – යෝනි, මුත්‍රාශය, ගුදය 

ධනු – උකුල 

මකර – චර්මය 

කුම්භ – කකුල් වළලුකර 

මීන – ඇඟිලි 

භාව 12 තුළින්ද ශරීරයේ ඒ ඒ තැන්වලට හිමිකම් පානු ලබයි. රාශි හා භාව සිරුර ඇතුළේ පවත්නා ඉන්ද්‍රියන් අයත් වනුයේ මෙසේය. 

1 භාවය – මොළය හා නාඩි මධ්‍යස්ථානය 

2 භාවය – ගලනාලය කුඩා මොළය 

3 භාවය – පෙනහළු ස්වාස නාලය නහර 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.