පක්ෂාඝාතය හෙවත් අංශභාගය

ඔක්තෝබර් 16, 2020

සිංහල වෛද්‍ය කර්මයේ උපයෝගී කර ගන්නා ඔළිඳ කොළවලට ලේ ඝණකම අඩු කිරීමටත් , ලේ කැටි දියකර හැරීමටත් මහඟු බලයක් පවතී. රෝගියාගේ බලදුබල තාවය පරික්ෂා කර බලා ඉහත කෂායට සුදුසු ඖෂධ එකතු කිරීම හෝ ඉවත් කිරීම මඟින් කෂාය නැවත සකසා රෝගීන්ට ලබාදීමෙන් රෝගියාගේ එම අපහසුතාවය අපට මඟහැරිය හැකිවේ.

නිරෝගීබව උතුම්ම ධනයයි යන කියමන නිසාම පක්ෂාඝාත රෝගය එසේ නොමැති නම් අංශභාගය ලෙස කොයි කවුරුත් අතර ජනපි‍්‍රයව ඇති රෝගීතාවය ඇතිවීමට පෙර වළක්වා ගන්නා අයුරු හා මෙම රෝගී තත්ත්වයට හේතු පාදක වන කරුණු පිළිබඳ දැනුවත් වී සිටීම ලොකු, කුඩා වයස් භේදයකින් තොරව ඉතා වැදගත් මාතෘකාවක් ලෙස දැක්විය හැක.

පක්ෂාඝාතය ,අංශභාගය, ආඝාතය, පක්ෂාවදය, ඒකාංශඝාතය ආදී මේ කොයි නමිනුත් හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය නූතන සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් වී හමාර වී ඇත.

මූලිකවම පක්ෂාඝාතය ඇතිවීමට හේතු පාදක වන කරුණු කිහිපයක් තිබෙන අතර ඒ,

1.මස්තිෂ්කයේ රුධිර නාලයක ලේ කැටියක් සිරවීම

2.මස්තිෂ්කයේ රුධිර නාලයක ලේ කැටියක් සිරවීම හේතුවෙන් එම නාලය පුපුරා යාම

3.ගෙඩියක් හෝ අර්බුදයක් වැනි තත්වයක් ඇතිවීම

යන ආකාරයන් ත්‍රිත්වය නිසා මස්තිෂ්කයේ ඊට අදාළ ප්‍රදේශයන්ට සිදුවන රුධිර සැපයුමේ අඩාලවීම නිසා ඇතිවන ක්‍රියා හානියෙන් එම මස්තිෂ්ක ගෝලාර්ධයට ප්‍රතිවිරුද්ධ පස ශරීරයේ සිතා මතා කරන ක්‍රියාවෙන් තවදුරටත් කිරීමට නොහැකිවීම සිදු වී මෙම රෝගාබාධය ඇතිවේ.

මොළයේ ලේ කැටි ඇතිවීමට බලපාන කරුණු

අධික රුධිර පීඩනය, අල්ප රුධිර පීඩනය, ධමණිඝාත කඨිනතාව (ධමනිවල රුධිරය ඝනකම් වීම) රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම, අධික දුම්පානය, මත්පැන් භාවිතය, බුලත් සැපීම ,දියවැඩියාව , පුරාණ වෘක්ක ප්‍රදාහය ආදි කරුණු නිසා ඇතිවේ.

මොළයේ ගෙඩියක් හෝ අර්බුදයක් ඇතිවීමට බලපාන කරුණු

වැටීම්, හිස වැදීම්, හිසට පහර වැදීම්, හිසට සිදුවන හදිසි අනතුරක්, විවිධ විකිරණශීලි අවස්ථාවන්ට නිතර නිතර එක එල්ලේ නිරාවරණය වීම් ආදි හේතු වේ.

අධික රුධිර පීඩනය පවතින රෝගියෙකුගේ රුධිර නාලිකා තුළින් නිතර වැඩි පීඩනයකින් රුධිරය පරිවහනය වන බැවින් හෘදය තුළ ලේ කැටියක් සෑදී එය රුධිර නාල තුළ අවරෝධ වීමෙන් රුධිර නාලය පුපුරා යෑමෙන් ද, අඩු රුධිර පීඩනයෙන් පෙළෙන අයෙකුගේ රුධිර නාලිකා නිතරම හැකිළුණු ස්වරූපයෙන් පවතින නිසා එවැනි ලේ කැටියක් ඇතිවීම පහසු බවත්, එම ලේ කැටිය ගොස් නාලිකා තුළ සිරවීමෙන් ද මෙම රෝගී තත්වය ඇතිවෙන බැවින් පක්ෂාඝාත රෝගයට රුධිර පීඩනයේ වෙනස කෙසේ හෝ හේතුවන බව දැන් ඔබට පැහැදිලි වී ඇත.

මෙලෙස ලේ කැටියක් හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වන රෝගියා බොහෝවිට දින කිහිපයක පටන් තීව්‍ර හිසරදයෙන් පෙළීම දැකිය හැකිවීම සුලබවීම ද, මෙලෙස අංශභාග තත්වයට පත්වන රෝගීන්ගෙන් බහුතරයක් රාත්‍රියේ නින්දට ගොස් පසුදා උදෑසන ඇඳෙන් නැඟිට ගැනීමට නොහැකි සේ එක්තැන්වීමද ප්‍රචලිත වී ඇත.

පක්ෂාඝාත රෝග ලක්ෂණ

ශරීරයේ අක්‍රාන්ත වු පසේ ක්‍රියාවන් නොමැතිවීම,අක්‍රාන්ත පසේ හිරිය මුඛය පැත්තට යාම, නොදැනී මළ මුත්‍ර පිටවීම, ඇතැමුන්ට මුත්‍රා අවරෝධය ද, රුධිර පීඩනය වැඩිවීම, කථාව අපහසුවීම හෝ කථා කිරීම නොහැකිවීම, රෝගියාගෙන් වක් වූ බවක් දර්ශනය වීම, කථා කරන විට නෙත් පියවීම , එසවූ දිව මඳක් අප්‍රාණික වීම ආදී රෝග ලක්ෂණ දැකිය හැකි අතර, මෙවැනි රෝගීන් සිය ඇඳේ දීම ආහාරපාන ලබා ගැනීමද සිදු කිරීමට පෙලඹේ.

පක්ෂාඝාත රෝගය පාලනය කර ගන්නා අයුරු

රෝගය ඇතිවීමට බලපාන කරුණු ඔබ හැකිතාක් පාලනය කිරීම හෝ ඉන් මිදීට හැකියාවක් පවත්වා ගතහොත් එය මෙම රෝගය පාලනයට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වනවා ඇත.

ඔබ අධික කොලෙස්ටරෝල්, අධික දියවැඩියාව, අධික රුධිර පීඩනය, අල්ප රුධිර පීඩනය ආදි රෝගයන්ගෙන් මිදීමට ගත හැකි ක්‍රියා මාර්ග ගැනීම හෝ යහපත් පාලන මට්ටමකට තබා ගැනීම.

දුම්පානය, මත්පැන් භාවිතය, බුලත් සැපීම ආදි ක්‍රියාවන්හි යෙදේනම් ඉන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත නැවුම් ස්වාභාවික එළවළු, පලතුරු ආහාර වේල්වලට එකතු කර ගැනීමට හුරුවීම.

ශරීරයට සුදුසු පරිදි ක්‍රියාවන් හෝ ව්‍යායාම රටාවකට හුරුවීම

රෝග ලක්ෂණ පෙන්නුම් කළ පසු

රෝග ලක්ෂණ මතුවූ වහාම රෝගියාව කල් නොයවා ඉක්මනින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගෙන යා යුතුය. ඉන් පසු ඔබේ වෛද්‍යවරයා පරික්ෂා කර බලා අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීමකට පෙලඹෙනු ඇත. මෙහිදී මොළයේ ලේ කැටියක් සිරවී ඇත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයේ දී එය දියකර හැරීමට යොදාගන්නා ඉතා මිල අධික අඥබඥනතචඵඥ නොහොත් (අඊර්‍ථඒ) නම් ඖෂධය එන්නත් කර දිය කර හරිනවා සේම අපේ සිංහල වෙදකමෙන් ඒ ක්‍රියාවම මීට වසර 2500 කට පෙර සිට අද දක්වාම කෂායද අඩංගු ප්‍රතිකාර පද්ධතියක් මඟින් සිදු කරනු ලබනවා. ඊට අප බෙහෙවින් ඔලිඳ කොළ කලං 06 කෂාය, එනම් ඔලිද කොළ කලං 06, දශමුල් , සුදුළූනු කසාය ද ඔළිඳකොළ කලං 06, ලුණුවිල කලං 03, විෂ්ණුක්‍රාන්ති කලං 02, සිරිවැඩි බැවිල කලං 01 කෂාය ආදි කෂායන් අබිනව බෙහෙතම හා සමගාමීව ක්‍රියා කර විශේෂ දස්කම් පෙන්වීමට සමත් වේ. (රෝගයට යොදන ප්‍රධාන කෂාය මෙය නොවේ)

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.