ව්‍යායාමයක් බඳු විස්මිත ජල චිකිත්සාව

සැප්තැම්බර් 15, 2023

ඕනෑම වෛද්‍ය ශාස්ත්‍රයක ජලය පරිහරණයේ වටිනාකම විවිධ ආකාරවලින් පැහැදිලි කරන මුත් ආයුර්වේදයේ හා දේශීය චිකිත්සාවන්ගේ මේ තත්ත්වය වඩාත් අවධාරණය කර ඇති බව අප විසින් වටහා ගත යුතුව තිබේ. එසේම ජලය භාවිත කරන විධීන් පිළිබද ආයුර්වේදීය චිකිත්සාවක් ලෙස ඌෂඞ පාන චිකිත්සාව නමින් උදෑසන ජලය පානය කිරීම පිළිබද ක්‍රමවේදයක්ද දක්වා තිබේ. ඉතා සරලව මේ ක්‍රමය අපේ පැරැන්නන් අතර පුරුද්දක් බවට පත්ව තිබිණි. බටහිර අනුකාරක ලක්ෂණ අනුව සකස් වන්නට පටන්ගත් අපේ සිංහල සමාජයට “බෙඩ් ටී ඕඥඤ ඊඥච ව්‍යාධිය” බෝ වන තුරුම ඒ උදා නැවුම් ඉඩකඩ සපුරාලනු ලැබුයේ “දෙපත් සප්තක” හෙවත් දෑතින් ගත් ජලය හත් වරක් බීමට ගැනීම වැනි සරල පුරුද්දකිනි.

අප විසින් සම්ප්‍රදායයක් ලෙස පවත්වා ගෙන ආ ඌෂඞ පාන චිකිත්සාව හෙවත් උදා දිය බීමේ පිළිවෙත වෙනුවට වඩ වඩාත් පෝෂණීය යැයි සිතා හා නරක පුරුද්දක් බවට පත්ව ඇති කිරි බීමේ ක්‍රමය නිසා සිදු වන අහිතකරම තත්ත්වය වන්නේ උදෑසන ආහාරය ප්‍රමාද වීමයි. මේ ප්‍රමාදය නිසා සිදු වන ඊළඟ බරපතළ ව්‍යසනය සිදු වන්නේ කාර්යාලයීය හා වෙනත් අවශ්‍යතා අනුව නිර්දේශ වී ඇති දිවා ආහාරයක් මෙකී උදෑසන ආහාරයත් ඉතා සමීප වීමයි. මේ නිසා උදා ආහාර වේලෙහි ආහාර දිරවීමට පෙර දිවා ආහාරය ගැනීම සිදු වන බැවින් බරපතළ සෞඛ්‍ය ගැටලු රැසක් ඇති කරන “ආම තත්ත්වයක් හට ගැනීම සිදු වේ. මෙකී ආමය නිසා විවිධ රෝගාබාධයනට ශරීරය ලක්වීම වැළැක්විය නොහැකියි.

මෙවැනි තත්ත්ව යටතේ අප විසින් ජලය භාවිතයට සමගාමීව අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ උපවාසයයි. එනම් දීර්ඝ කාලයක් කුස හිස්ව පවත්වා ගෙන යෑම සඳහා වූ පුරුද්දක් සකස් කර ගැනීමයි. මේ සඳහා ජලය හැර අන් කිසිදු ආහාරමය ස්වභාවය ඇති දෙයක් එකී කාලය ඇතුළත භාවිතයට නොගත යුතු වේ. අප දිවා කාලයේ විවිධ කටයුතුවල නිරත වන බැවින් හා විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමට සිදු වන බැවින් ආහාර ගැනීමේ අවස්ථාවන් මඟ හැරීම පහසු නොවේ. එහෙත් එසේ ආහාර ගැනීමේ අවස්ථා අතර පරතරය උපරිම කර ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම නිරෝගිවත් ජීවිතයකට ප්‍රධානතම ප්‍රතිපදාවක් වන බව සැලකිය යුතු වේ. අවම වශයෙන් පැය 05ක වත් පරතරයක් නොමැතිව ආහාර ගැනීම නොකළ යුතු බව පුරුද්දක් ලෙස එදිනෙදා දිවියට එක් කර ගැනීම සිදු කළ යුතුම වේ. විටින් විට කෑමට ගන්නා “කඩ කෑම” හෙවත් “පොඩි පොඩි බඩගිනි අවස්ථාවල “කෑම වසක් විසක් ගැනීමක් සේ සැලකීමට හුරු විය යුතු වේ. නිවසට පැමිණෙන්නකුට ආහාරයක් නොදී පානයකට පමණක් සීමා වීමට හිත හදා ගැනීම අත්‍යවශ්‍ය යහපත් ආගන්තුක සත්කාරයක් බව සිතීමට වෑයම් කළ යුතු වේ.

නැවතත් ජලය පානය කිරීම පිළිබඳ පිළිවෙත කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. යම් ඝන ආහාරයක් ගැනීමකට අවම වශයෙන් පැයකට වත් පෙර ජල පානය නැවැත්වීමත් ආහාර ගැනීමෙන් පැය 3 -5 පසුව වත් ජලපානය ඇරඹීමත් එය වරකට උපරිම ප්‍රමාණයක් හා ඉතිරි අවස්ථාවලදී හැකි පමණිනුත් සිදු කිරීම උචිත වේ. මේ ජලය බටහිර ජීව විද්‍යාත්මක ඇසින් බැලීමේදී ආමාශයෙන් ආහර ජීර්ණයට අවශ්‍ය විවිධ ස්‍රාවයන් නිකුත් වන විට එහි ජලය පැවතියහොත් ඒ ස්‍රාවයන්හි පවත්නා ජීර්ණය කිරීමේ හැකියාව දුර්වල වේ. එනම් ආම්ලික සාන්ද්‍රණය අඩුවේ. ආහාර ගැනීමේදී පැය තුනක් පමණ කාලයක් ආහාර ස්ථිර වශයෙන් ආමාශයේ රැඳී පැවතීම සිදු වේ. ඒ කාලය ඇතුළත ජලය පානය කිරීම අහිතකර වන්නේද ඉහත හේතුව නිසාමය.

අද වන විට ශාරීරික ක්‍රියාකාරිත්වය අවම තත්ත්වයට සමාජය පත්ව තිබේ. ශ්‍රමිකයන් පවා විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීම නිසා ශරීරය ඍජු වෙහෙසකට පත් කර ගැනීමක් සිදු කරන බවක් නොපෙනේ. මෙසේ ව්‍යායාමයක් නැති සමාජයක් සඳහා තුන්වේලක් ආහාර ගැනීමේ ශාරීරික අවශ්‍යතාවක් කිසිසේත් නැත. වැඩිහිටියන් සඳහා තුන්වේල පිළිබඳව මානසික අවශ්‍යතාවක් ඇතත් එය පාලනය කිරීම අත්‍යාවශ්‍ය කරුණක්ව තිබේ. ඒ අනුව සමම්ත සමාජයට දෙවේලක් ආහාර ගැනීම කෙරෙහි යොමු කිරීම කාලීන අවශ්‍යතාවක්ව පවතී.

භික්ෂූ සමාජයේ පැවැති දෙවේලක් වැළඳීමේ ශික්ෂාව අද වන විට වේගයෙන් වියැකී ගොස් තිබේ. එසේම පෙර මෙන් දෙපයින් කෙරෙන ගමනාගමනයද අද සංඝයා වහන්සේ අතර සුලභ නොවේ. ප්‍රදර්ශනාත්මකව කෙරෙන පිණ්ඩපාත ව්‍යාපෘතිවල හැර ලාංකේය භික්ෂූන් වහන්සේගේ පා ගමනක් දක්නට නොලැබෙන තත්ත්ව යටතේ අධි පෝෂණීය දෙවේලක් ඇතැමුන් රහසින් කරන අමතර වේලත් නිසා පෙර ඉතා නිරෝගිවත්ව දිගු කාලයක් ජීවත්වූ සංඝයා වහන්සේලා අද එකී දීර්ඝායු වළඳන්නේ කලාතුරකිනි. සියලුම රෝගාබාධයනට මෙකී සංඝ ශාසනයම මුහුණ දී තිබීම යන්තමින් හෝ වළක්වා ගැනීමට නම් විහරණ ඉක්මවා ගිය ඖෂධමය පිළියමක් අවශ්‍ය වන තත්ත්වයට පත්ව තිබීම අතිශයින්ම කණගාටුදායක තත්ත්වයන් බව නොකියා සිටිය නොහැකිය.

අපි කුඩා කාලයේදී ජලය විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීම පිළිබඳව පාසල් පරීක්ෂණ සිදු කර ඇත්තෙමු. එහිදී ආම්ලික (ධන අයන බහුල) ජලය හා භාෂ්මික (ඍණ අයන බහුල) ජලය වශයෙන් එකම ජලය කොටස් දෙකකට වෙන්කර ගත හැකි බව බොහෝ භවතුනට සමහර විට මතකයේ තිබෙන්නට පුළුවන. මෙසේ වෙන් කර ගත් පසු ආම්ලික (ඒජඪඤඪජ) නොවන ජලය පානය කිරීමෙන් බොහෝ රෝග සුව වන බවත් පිළිකා ආදී භයානක රෝග වර්ධනය නොවන බවත් කරුණු සහිතව 1930 දශකයේදී ජපානයේ බටහිර වෛද්‍යවරයකු වන වෛද්‍ය ඔටෝ විසින් කරන ලද පර්යේෂණයකින් පෙන්වා දී තිබේ. ඒ සඳහා එතුමනට නොබෙල් ත්‍යාගය පවා ලැබී තිබේ. එසේ වුවත් මෙකී විස්මිත ඵලදායී නිර්මාණාත්මක කාර්යය තවමත් ජපානයේ හැරෙන්නට අනෙක් බටහිර ගැති අනුකාරක රටවල ප්‍රචලිත නොවීමට වගබලා ගැනීමට ලොව පුරා පවත්නා ඖෂධ මාෆියාවට හැකි විය.

එසේ වුවත් අද වන විට මෙකී ආම්ලික නොවන ජලය නිපදවන යන්ත්‍ර ජපානයේ බහුලව තිබේ. ඒවා මගින් ආම්ලික ජලය, සාමාන්‍ය නිෂ්ක්‍රිය ජලය හා ආම්ලික නොවන ජලය වශයෙන් වර්ග ගණනාවකින් යුතු ජලය නිපදවනු ලැබේ. සේදුම් කටයුතු හා වෙනත් දේ සඳහා තද ආම්ලික ජලය යොදා ගනු ලබන අතර රෝගාබධ වළකා ගැනීමට හා රෝග සුවයට ආම්ලික නොවන (භාෂ්මික) ජලය භාවිතයට ගනු කෙමෙන් අපේ රටේද ජනපි‍්‍රය වෙමින් තිබේ.

මේ අනුව අපට පසක් වන්නේ විධිමත් උපවාසයකින් හා විධිමත් ජල චිකිත්සාවකින් නිරෝගිවත් ජාතියක් ගොඩනැඟිය හැකි බවයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.