සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 29, 2023

 

ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 13 භාග බිනර පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 19 භාග බිනර අව සතවක තිථිය ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා

කුජ - කන්‍යා ( 03 සවස 05.59 තුලා)

බුධ - සිංහ ( 01 දා රාත්‍රී 08.38 කන්‍යා)

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - හත

කුජ - සිත

බුධ - පුවපල් ( 29 දා රාත්‍රී 07.51 උත්‍රපල්)

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස ( 02 දා අලුයම 01.05 මා)

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

මෙම සතිය තුළ පෝය යෙදී නැත

 

චන්ද්‍ර චාරය

30 දා රාත්‍රී 09.13 මේෂ

ඔක්. 03 දා අලුයම 12.20 වෘෂභ

05 දා උදේ 07.01 මිථුන

 

දිනූ තත්ත්වය

සැප්තැම්බර් 29 සිකුරාදා

කන්‍යා රවි 13 භාග බිනර පුර පසළොස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.04. පුවපුටුප නැකත අලුයම 01.50න් ගෙවී උත්‍රපුටුප නැකත ලබා එය රාත්‍රී 11.21න් ගෙවී රේවතී නැකත උදාව පවතී. බිනර පුර පසළොස්වක තිථිය සවස 03.31න් ගෙවී බිනර අව පෑලවිය තිථිය ලබා පවතී. වෘධි යෝගය රාත්‍රී 08.06න් ගෙවී ධෘම යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.08න් ගෙවී බවකරණය ලබා එය සවස 03.31න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව -

අමෘත කලාව -

මරු - ගිනිකොන

යෝගිනී - වයඹ

සුබ දිශාව - උතුර

 

සැප්තැම්බර් 30 සෙනසුරාදා

කන්‍යා රවි 14 භාග බිනර අව පෑලවිය ලත් ශනිදින. ඉර උදාව 05.59. ඉර බැසීම. 06.03. රේවතී නැකත රාත්‍රී 09.13න් ගෙවී අස්විද නැකත ලබයි. බිනර අව පෑළවිය තිථිය දහවල් 12.27න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. ධෘම යෝගය සවස 04.32න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබා පවතී. බාලවකරණය අලුයම 01.55න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 12.27න් ගෙවී තෛතිලකරණය උදාවී එදින රාත්‍රී 11.03න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - නැඟෙනහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - උතුර

 

ඔක්තෝබර් 01 ඉරිදා

කන්‍යා රවි 15 භාග බිනර අව දියවක තිථිය ලත් රවිදින, ඉර උදාව 05.59 ඉර බැසීම 06.02 අස්විද නැකත රාත්‍රී 07.34න් ගෙවී බෙරණ නැකත ලබයි. බිනර අව දියවක තිථිය උදේ 09.47න් ගෙවී අව තියවක තිථිය ලබා පවති. ව්‍යාඝාත යෝගය දහවල් 01.19න් ගෙවී හර්ෂණ යෝගය ලබයි. ගරජකරණය උදේ 09.47න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 08.41න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව -නළල

මරු - උතුර යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 02 සඳුදා

කන්‍යා රවි 16 භාග බිනර අව තියවල හා ජලවක තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.58 ඉර බැසීම 06.02 බෙරණ නැකත සවස 06.31න් ගෙවී කැති නැකත ලබයි. බිනර අව තියවක උදේ 07.40න් ගෙවී අව ජලවක තිථිය ලබයි. හර්ෂණ යෝගය උදේ 10.33න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 07.40න් ගෙවී බවකරණය ලබා එය සවස 06.56න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකනිය, බැම

අමෘත කලාව - කන, බැම

මරු - වයඹ

යෝගිනී - ගිනිකොන, නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 03 අඟහරුවාදා

කන්‍යා රවි 17 භාග බිනර අව විසේනිය ලත් කුජදින. ඉර උදාව 05.58. ඉර බැසීම 06.01. කැති නැකත සවස 06.11න් ගෙවී රෙහෙන නැකත ලබයි. බිනර අව ජලවක තිථිය උදේ 06.14න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. වජ්‍ර යෝගය උදේ 08.21න් ගෙවී සිද්ධි යෝගය ලබයි. බාලව කරණය උදේ 06.14න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.54න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - බටහිර යෝගිනී - නිරිත

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 04 බදාදා

කන්‍යා රවි 18 භාග බිනර අව සැටවක ලත් බුධදින. ඉර උදාව 05.58 ඉර බැසීම 06.01 රෙහෙන නැකත සවස 06.36න් ගෙවී මුවසිරස නැකත ලබා පවතී. බිනර අව විසේනිය තිථිය අලුයම 05.35න් ගෙවී අව සැටවක තිථිය ලබා පවතී. සිද්ධි යෝගය උදේ 06.45න් ගෙවී ව්‍යාතිපාත යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 05.35න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.39න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව -නාසය

මරු - නිරිත

යෝගිනී - බටහිර

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 05 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 19 භාග බිනර අව සතවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.58. ඉර බැසීම 06.00 මුවසිරස නැකත රාත්‍රී 07.45න් ගෙවී අද නැකත ලබයි. බිනර අව සැටවක තිථිය අලුයම 05.43න් ගෙවී අව සතවක තිථිය ලබයි. ව්‍යාතිපාත යෝගය අලුයම 05.46න් ගෙවී පරිඝ යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.43න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 06.09න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු - දකුණ

යෝගිනී - වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.