වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
පොසොන් පොහෝ දින ඔසු පැළ දන්සලක්
පොසොන් පුර පසළොස්වක පොහෝ දින දුම්බර මිටියාවතේ ප්රධාන නගරවල මෙන් ගම් නියම් ගම්වල දාන , ශීල,භාවනා වැඩසටහන් හා ඔසු පැළ බෙදාදීම ,ඔසු පැන් දන්සැල් සිසිල් බීම දන්සැල් මෙන්ම තෙල්දෙණිය නගරයේ සිට මහනුවර නගරයට මෙන්ම යළි මගීන් තෙල්දෙනිය නගරයට ගාස්තුවක් අය නොකර නොමිලයේ ප්රවාහනය කිරීමේ වැඩසටහනක් ද මෙදින ක්රියාත්මක කෙරිණි.
දිගන නගරයේ පෞද්ගලික ආයතනයක මෙහෙයවීමෙන් කොහොඹ හා බුලු පැළ හා වෙනත් ඔසු පැළ වර්ග හය දහසක් බෙදා දීමේ දන්සලක් පැවැත්විණි. මෙම අවස්ථාවට පැමිණි ජනතාවට ඔසු පැළ වර්ග දෙකක් හා සෙසු පැළ වර්ග මෙදින ලබා දීම සිදුවිය.
ඡායාරූපය කරල්ලියද්ද සමූහ කේ.විජේසිරි නිශ්ශංක