ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක්

ඔක්තෝබර් 6, 2023

2023 ලෝක සංචාරක දින තේමාව වන හරිත ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය සමරමින් ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ගේ සහභාගීත්වයෙන් ගම්පහ යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට අයත් විකුම් උයන පරිශ්‍රයේ දී පසුගිය 27 වැනි දා සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව, ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සංචාරක සංගමය වන බ්චනභපච ඊධභපඪඵථ මඟින් ගම්පහ, යක්කල වික්‍රමාරච්චි දේහීය වෛද්‍ය විශ්ව විද්‍යාලය,දේශීය රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මේ ඔසු පැළ රෝපණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබුණි.

ඔසු පැළ රෝපණය කිරීම තුළින් මෙරට සංචාරක ආකර්ෂණය නංවාලීමත් එමඟින් දේශීය ආර්ථිකය සවිමත් කරලීමත් දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටින් සපුරා ගැනීමත්, ඖෂධ ආනයනය සඳහා වැය වන මුදල් දේශීයව ඉතිරි කරලමින් දේශීය ආර්ථිකය නංවාලීමත් යන උදාර අරමුණ පෙරදැරිව මෛ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ලබයි.

මේ අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය දුනේෂ් ගුණතිලක, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බෞද්ධ උරුමය හා සංචාරක ව්‍යාපාරය පිළිබඳ විශේෂ ගෞරව උපාධිය හදාරන ශිෂ‍්‍ය ශිෂාවන් ඇතුළු පිරිසක් සහභාගි විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.