වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු
ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි.
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ.
වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ.
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්‍ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය.
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්‍ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය.
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි.
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි.
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය.
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය.
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය.
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න.
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය.
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය.
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්‍රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
පුරාතන වාස්තු ශාස්ත්‍රය පැවතියේ ඡ්‍යොතිෂය ආශ්රයෙන් බව අපගේ සිහියේ තිබිය යුතුයි. මෙය අවධාරණය කිරීමට සිදුවී ඇත්තේ නූතන බටහිර විද්‍යාවේ දියුණුවත්...
2023-10-26 18:30:00
නිවාස ඉදිකිරීම සඳහා ඇති ඉඩකඩම් සීමාසහිත වීමත් සමඟ වැඩියෙන් මහල් නිවාස ඉදිකිරීමට සිදුවීම වර්තමාන අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. එසේම ආධ්‍යාත්මික හා...
2023-10-19 18:30:00
රටක උද්ධමනය වැඩිවනකොට සාධාරනව හරිහම්බ කරගත්දේත් විකුණන්ට සිදුවනවා. ඒ විකුනන්නෙ රටේ සම්මත මිලටත් වඩා අඩුවෙන්. ඒ ආර්ථික ප්‍රශ්න නිසා. ලාබෙට ලැබුන නිසා...
2023-10-19 18:30:00
ඉඩමක් මිලදී ගැනීම, නිවෙසක් ඉදිකර ගැනීම සහ අදියර අවසන් කිරීමත් සමඟ නිවෙසේ විවිධ ගෘහ භාණ්ඩ පිහිටුවීමේ අදියරේදී ඒවා මනා ලෙස පිහිටුවමින් සිදු කරන අභ්...
2023-10-12 18:30:00
වාස්තු ශාස්ත්රයේදී නිරන්තරයෙන් ගෘහ අංග දිශානත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් ශිල්පීන් සතුව පවතී. එසේ වුවත් ගෘහ අංගයන්හි පවත්නා අභ්‍යන්තර මෙවලම් විසින්...
2023-09-28 18:30:00
අප වෙත සාපේක්ෂව ගලා එන අන්තරීක්ෂ ශක්තිය පොළොවේ ගබඩා වීමත්, පොළොවට දරා ගත හැකි ශක්ති ධාරිතාව වසර ලක්ෂ ගණනකට පෙර ඉක්මවා තිබීමත් ඒ හේතු කොට එදිනෙදා භූගත...
2023-09-21 18:30:00
සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේදී ඉඩම්වල හැඩ හා මතුපිට ස්වභාවය පිළිබඳව දීර්ඝ විස්තර ඇතුළත් වේ. එහෙත් ඒ ආකාරයේ සංකීර්ණ භාවිතයක් වර්තමානයේ ඉඩම් බෙදා...
2023-09-14 18:30:00
පඩිපෙළක අවශ්‍යතාව වන්නේ එක් මට්ටමක සිට තවත් මට්ටමක් දක්වා පිවිසීමයි. එවිට එකී මට්ටම් දෙක අතර අවකාශයට යම් බාධාවක් ඇති කරයි. එකී බාධාව ඒ හරහා ගමන් කරන...
2023-09-07 18:30:00
නිවසක් ඉදිකිරීමේදී එයට අදාළ බොහෝ අවශ්‍යතාවන් ඉටු කිරීමෙහිලා දොරවල් හා ජනේල එනම් විවිධ ස්වරූප ගත් කවුළු සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ලබයි. ඒවා...
2023-08-31 18:30:00
වාස්තු විද්‍යාව විශ්වාසයක්, හිතලුවක් ලෙස දකින්නන් ඒ දුර්මතයෙන් මුදා ගනිමින් එයින් පිහිට ලබා ගැනීමට අවකාශ සළසාදීමට ඇති උපාය මාර්ගය වන්නේ බටහිර විද්...
2023-08-24 18:30:00
පුරාතන වාස්තු ශාස්ත්රයේදී අට දිශාව හා පංච මහා ධාතූන් පිළිබඳ දිගු විවරණයක් සිදු කෙරේ. එසේම ආයුර්වේදයේත් ත්රිදෝෂය හා පංච මහා ධාතූන් ගැන පැහැදිලි...
2023-08-17 18:30:00
තමන් සිටින නිවෙසේ සතර දිසාවම නිවැරැදිව තිබීම සුබයි. විශේෂයෙන්ම ජලබස්නාව උතුරට තිබීම ධනාත්මක වේ.නිවෙසේ අත්තිවාරමේ සිට වහලය දක්වාම නිවැරැදිම සුබ වාස්තු...
2023-08-17 18:30:00
වාස්තු ශාස්ත්රයේ විවිධ සංඛ්‍යාවන්හි පවත්නා ශුභා ශුභ තත්ත්ව පිළිබඳව සම්මුතීන් පවත්නා බව විස්තර කරන අවස්ථා බොහෝ ඇතත් ඒවා පිළිබඳ ශාස්ත්‍රීය විවරණයක්...
2023-08-10 18:30:00
අප අවට ඇති පරිසරයේ පවත්නා විවිධ ශක්ති ක්‍රියාවලීන් විසින් මනුෂ්‍ය ජීවිතය වෙත ඇති කරනු ලබන විවිධ බලපෑම් නූතන වාස්තු විද්‍යාව යටතේ පුළුල්ව විග්රහ කෙරේ...
2023-08-03 18:30:00
සම්ප්‍රදායික වාස්තු ශාස්ත්රයේ මූල ග්රන්ථයක් වූ “විශ්ව කර්ම ප්‍රකාශයට” අනුව බැලුවද වාසය වඩා යෝග්‍ය ස්ථානයක් කරනු සඳහා වන ශිල්ප හඳුන්වා දෙනුයේ වාස්තු...
2023-07-27 18:30:00
පුරාතන ශාස්ත්‍රයන් පිළිබඳ අවඥාවෙන් ආශ්රයෙන් අදහස් පළ කරන්නන් විටින් විට මතුවන බව පෙනේ. ඔවුන් බොහෝ දෙනා එකී ශාස්ත්‍රයන් වත් නූතන බටහිර විද්...
2023-07-20 18:30:00