සුබසෙත ස්වර්ණ ජයන්තියට පැසසුම්

නොවැම්බර් 8, 2019

සුබසෙත ගෞරව ශ්‍රී නාම සම්මාන ලැබූ වගයි

අපේ පත්තර මහගෙදරින් දොරට වඩින සුබසෙත ඡ්‍යොතිෂ සති සංග්‍රහයට 50 වසරක් පිරීමේ සැමරුම් ස්වර්ණ මහා උපහාර උළෙල 2019 ඔක්තෝබර් මස 21 වැනි දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ.

ලේක්හවුස් ආයතනයේ ගරු සභාපති තුමාගේ උපදෙස් මත සුබසෙත ජ්‍යෙෂ්ඨ කර්තෘ අජිත් ධර්මසිරි මහත්මා සහ ප්‍රධාන කර්තෘ චම්පිකා අඹුවන්ගල මහත්මිය ඇතුළු සමස්ත කතු මඩුල්ලේම අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කළ වැඩමුලුවේ සංවිධාන නියමුවා වූයේ ඡ්‍යොතිෂවේදී මාකෙහෙල්වල කරුණාපාල මහත්මාය.

උත්සව සභාවේ මුලසුන හෙබවූයේ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මා හිමිපාණන් වහන්සේය. තවද ලේක්හවුස් ගරු සභාපතිතුමා ගරු සාමාන්‍යාධිකාරි තුමා, පියසේන රතුවිතාන මහත්මා, නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු සම්භාවනීය පිරිසක් වූහ. උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශක මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මැතිතුමාගේ හරවත් ගැඹුරු .....දේශනය ශ්‍රාවක පිරිසගේ මනසට පෝෂ්‍ය පදාර්ථ එන්නතක් විය. එතුමාගේ දේශනයෙන් උළෙල මැනවින් වර්ණවත් විය.

සුබසෙත ඡ්‍යොතිෂ සති සංග්‍රහයේ ආරම්භක කර්තෘ මහා පත්‍රකලාවේදී ගරු පියසේන නිශ්ශංක ශූරීන් වපුරන ලද කෙත් වපසරියේ කැපු සරුසාර අස්වැන්න බෙදීමක් වැනිය. මෙම සම්මාන උළෙල එතුමාට සුබසෙත නව කතුමඩුල්ලේ මෙන්ම සුවහසක් දෙස් විදෙස් පාඨක පිරිස එතුමාට පින් අනුමෝදනා කරමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.