නත්තල් සමයේ දී පංච ග්‍රහයෝගයක් සමඟින් වළයාකාර සූර්ය ග්‍රහණයක්

දෙසැම්බර් 20, 2019

තාරකා විද්‍යාවට අනුව දෙසැම්බර් 26 වෙනි දින සිදුවන වළයාකාර සූර්ය ග්‍රහනයේ දී එයට මූලික වන සූර්යයාත්, එමෙන්ම චන්ද්‍රයාත් පිහිටා තිබෙනුයේ ධනු රාශිය තුළය. සෑම වසරකම දෙසැම්බර් 22 සිට ජනවාරි 19 වෙනි දින දක්වා අපගේ සූර්යයා

“ධනු රාශිය” තුළ

දක්නට ලැබේ.

අදින් වසර නමයකට පෙර එනම් 2010 ජනවාරි 15 වෙනි දින උතුරේ යාපනය හරහා දිස්වූ වළයාකාර සූර්ය ග්‍රහණයක් දැකබලා ගැනීමට ශ්‍රී ලංකාවාසීනට හැකි විය. මෙලෙස වළයාකාර සූර්ය ග්‍රහණයක් සිදුවු විට සඳු වටා ගිනි වළල්ලක් මෙන් සූර්යාගේ රැස් වළල්ල පිහිටා තිබෙනු දැකිය හැකිය.

මෙවැනි තාරකා විද්‍යා සංසිද්ධියක් නැවත දැකබලා ගැනීමේ මහඟු අවස්ථාවක් මේ වසර අවසානයේදී දක්නට ලැබෙන බව කිවයුතුය. මේ අනුව ලබන නත්තලට පසුදින එනම් 2019 දෙසැම්බර් 26 වෙනි දින අපහට වළයාකාර සූර්ය ග්‍රහණයක් දැකබලා ගැනීමට පිළිවන.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.