දරුඵල ලැබෙන නොලැබෙන ග්‍රහ යෝග

විවාහයෙන් පසු යුවළකගේ ඊළඟ පැතුම
ජූලි 17, 2020

ඡ්‍යොතිෂය අනුව දරු සම්පත් පෙන්වන ස්ථානය පස්වැන්නයි. පස්වැන්නාධිපති පස්වැන්න දකින ග්‍රහයන් පස්වැන්නේ සිටින ග්‍රහයන් ආදීන්ද ඔවුන්ගේ බල දුබලතා ආදියද අනුව දරුවන් සම්බන්ධයෙන් නිගමනයකට බැසීමට පුළුවන. 

තවද ගුරු ග්‍රහයාගේ බලයද මේ සඳහා උපකාරි වේ. අඹු සැමි දෙපළගේම කේන්ද්‍රවල දරුඵල සම්බන්ධ සුබ පිහිටීම තිබිය යුතුය. එසේ නොමැතිව එක් අයකුගේ පමණක් දරුඵල තිබීමෙන් දරුවන් නොලැබේ. 

කාන්තාවකගේ මාස් ශුද්ධියෙන් මුල් දින 4 අඹු සැමි සම්භෝගයට සුදුසු නොවේ. වාසනාවන්ත දරු උපතක් සඳහා 4 වැනි දිනයේ සිට සුබ බව දැක්වේ. මෙහිදී ඉරට්ටේ දින වැදගත් වේ. 

දරු උපතට අඹු සැමි එක්වීමට නුසුදුසු දින වශයෙන් හඳුන්වන්නේ 8-14 තිථිය.   පුර අටවක සූර්ය මාසයේ පළමු සහ අවසන් දිනය අස්ලිස, කැති, අස්විද, මා, දෙට, මුල, උත්‍රපල්, උත්‍රපුටුප යන නැකැත්ද පවතින දිනයන්ය. 

මුවසිරස, පුෂ, හත, පුනාවස, සුවණ යන නැකත් පවතින දිනක ස්ත්‍රී මාස් ශුද්ධියෙන් පසු ඉරට්ටේ දිනක එක්වීමෙන් පිරිමි දරුවන් ලබන බවද ස්ත්‍රී මාස් ශුද්ධියෙන් පසු ඔත්තේ දිනක එක්වීමෙන් ගැහැනු දරුවන් පිළිසිඳ ගන්නා බවද ඡ්‍යොතිෂයේ සඳහන් වේ. 

දරුවන් පිළිසිඳ ගැනීම ඇතිවනුයේ දෙදෙනාගේම කේන්ද්‍රවල උත්පාදන ශක්තිය තිබේ නම් පමණි. 

දෙදෙනාගෙන් එක් අයකුගේ කේන්ද්‍රයේ දරුඵල රහිත නම් සුබ මොහොතක දෙදෙනා සම්බන්ධ වුවත් දරුඵල ඇති නොවේ. 

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කායික ගැලපීම කේන්ද්‍ර සංසන්දනය කර බැලීමෙන් දැනගත හැක. විවාහය සම්බන්ධව පොරොන්දම බැලීමේදී මෙය දැන ගත හැකිය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.