බුදු දහම අපට පමණක්ද?

ජූලි 9, 2021

සිතයි මූලික වන්නේ

ලෝකයේ කවදාකවත් නොතිබුණ කිසිදාක සිතා නැති දියුණුවක් ලෙස සුන්දර සුව පහසු ලෝකයක් නිර්මාණය උදා කළේ මිනිසාගේ සිතිවිලියි. එනම් සිතන දේ ලැබෙන ලොවක අපි නොලැබෙන දේ නොලැබෙන ලොවක ජීවත්වීම අසහනයකි. හැමදාම දරුවෙක් හිතන්න අවශ්‍යයි. මම මෙවර සාමාන්‍ය පෙළ ඒ - 9 ගන්නවාමයි කියලා. ඒක ඒ ළමයාගේ තීරණය. එය මම වෙනනස් කරන්නේ නෑ කියලා. ඒක මහා චිත්ත බලවේගයක්. මම වෙනස් වෙන්නෙ නෑ. ජය ගැනීම ස්ථිර බව ප්‍රකාශයක්

.

ලෝකයේ ඉන්න විද්‍යාඥයින් විද්‍යාගාරවල කන්නේ, බොන්නෙ නැතුව විවාහයක් නැතුව, ලෝකයේ මිනිසුන් ලෙඩවලින් දුක් විඳිනවා. මේවාට බෙහෙත් සොයා ගන්නවා.

 

ගන්නවායි කියලා අවු දහය, පහළව, විස්ස, විපිපහ ඒ දේම සිතමින් පරීක්ෂණ භාවනා කරනවා. මෙහෙම සිතන කොට ඒ හිතූ දේ ආකර්ශනය කරලා දීමේ මහා බලයක් අපේ මොළයේ තිබෙන බව මහා විද්‍යාඥයින් ද බුදු හිමිද, ජේසුස් වහන්සේද වෙනත් ආගමික උතුමන්ද දේශනා කර ඇති බව බුද්ධියෙන් පරීක්ෂා කරන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇති. මොළය නැත්නම් සිත අපට පුදුම විදියට උදව් කරන අපි උසස් කරන අපට නැති දේවල් මවන අපිව සාර්ථක කරන ලොව මෙතෙක් නැති නිර්මාණ බිහි කරලා තියෙන මහා පුදුම වස්තුවකි. සිත හා බැඳුන මොළය ජීවිතයේ යහපත් පැත්ත හරි මඟ මේ යයි තේරුම් බේරුම් කර දෙන්නා වූ අපේ මොළය අපට විශාල සම්පතකි.

මේ අයුරින් සිතන කොට සීගිරිය වැනි කලා නිකේතනයන්ද, මොනාලිසා වැනි චිත්‍ර ද, ටජ්මහල්, වැනි සුන්දර නිර්මාණයන්ද ලොවේ උතුම්ම පදවිය වන බුද්ධත්වයද ලැබුවේ සිතක පහළ වුන ගුණයටයි. මේ මහා ගුණය සම්මා සම්බුද්ධිය ලෙසද හඳුන්වනවා. මොළයේ නැත්නම් සිතේ සෘණ පැත්ත ක්‍රියාත්මක කළ ලෝකයේ දරුණු අපරාධකරුවකු වන හිට්ලර් කෙනෙක්ද මුළු ලොවම අළු දූවිලි ගොඩක් කළ හැකි මහා පරමාණු බෝම්බයද මුලින්ම පහළ වූණ සිතකයි. නැතිනම් මනසේ බවයි. දියුණු කළ සිතද නොදියුණු කළ සිතද අලයක් සේ විනාශයක්ද වන්නේ ය.

මහ මඟ සිඟමන් යදින යාචකයකු ලෝකයේ මහා ධනවතුන්, කෝටිපතියන් මුලින්ම එවැනි තත්ත්වයට පත් වූයේ මනසේ ඇති සිතිවිලිවලින් බව මනා සේ පැහැදිලිය. වේලාවක් කාලයක් නැති අකාලිත ධර්මයක් නැති යුගයක බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය දර්ශනය, මුළු ලෝකයටම එකක් විය. බුදුන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගත් ධර්මය දේශනා කළේ අබෞද්ධයන්ට ය. අබෞද්ධ යනු බුද්ධිමත් නැති යන්නයි. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආගම් කර්තෘවරු දහම් දේශනා කළේ සියලු සත්වයින්ටය. මනුෂ්‍යයෙක් උපදින්නේ මනුෂ්‍ය ලෝකයටයි. බුදුන් වහන්සේගේ දර්ශනය, ඥානය පතළ කළේ මුළු මහත් මිනිසා ඇතුළු සත්ව ලෝකයටයි.

සියලු සත්වයන් දුකින් මුදවාගෙන දුක නැති කිරීමේ මාර්ගය ලොවට හඳුන්වාදුන් අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ මිනිසාට විමුක්ති මාර්ගය පෙන්වා දුන් ඒ උතුමාණෝ වදාළහ ධර්මය ලංකාවාසී අපට පමණක් නොව ජපානය, සියම, බුරුමය, තායිලන්තය වැනි රටවල පවා ඒ ඒ මිනිස් කොට්ඨාස අදත් ඉන්දියාවේ බුද්ධගයා අභියස පැදකුණු කරන ආකාරයක් ඒ රටවල ප්‍රචලිත බොදු පොත් පත් ළඟ තබාගෙන දේශනා කරන ආකාරය ඉතාම ශෝභනීයයි.

ලංකාවේ සිංහල බෞද්ධයෝ පුරුදු වෙලා ඉන්නේ අපේ බුදුහාමුදුරුවෝ අපට පමණයි අයිති උන්වහන්සේ දහම හෙවත් දැනුම දුන්නේ අපට පමණයි කියලා මතයක් ගොඩ නඟාගෙන ඉන්නවා. පොඩ්ඩක් හිතන්න. බුදු හිමියන් දහම හෙවත් දැනුම දුන්නේ ලෝක සත්වයින්ට ම බව ‘ලෝක විදූ’ යන ගාථා පාඨයෙන් ප්‍රකාශ වෙනවා.

සාරා සංඛ්‍ය කල්පයක් පෙරුම් දම් පුරා ලෝක සත්වයා දුකින් මිඳීමේ මාර්ගය අදහසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ලෝක වාසී සියල්ලටම බව කියමින් ලබන්නා වූ වෛශාක්‍ය මංගල්‍ය දයාව, කරුණාව, මෛත්‍රීය දනවන බෞද්ධ පිරිසක් වෙත යොමු වේවායි පතමි.

 

වෛද්‍ය

එන්.කේ.එස්. කුලසූරිය

සමන් බෙහෙත් ශාලාව,

අරන්දර, අටාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.