රහස් පරීක්ෂකයන්ට උදවු කළ අධිමානසික පර්යේෂකයෝ

පෙබරවාරි 16, 2024

දාම ඝාතකයකු වන ඩේවිඩ් බාර්කොවිඩ්ස් නැමැත්තා තමා “සෑම්ගේ පුත්‍රයා“ බවට හඳුන්වා ගනු ලැබුවේද පුවත්පත් කලාවේදීන් වෙත යැවූ ලිපි මඟිනි. 1976 ජූලි 29 වැනිදා දහඅට හැවිරිදි තරුණියක වන ලෝරියා සිය මෝටර් රථය තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව වසරක කාලයක් මුළුල්ලේ තරුණියන් හතර දෙනෙක් ද, තරුණයින් සිව් දෙනෙක් ද, වෙඩි තබා මරා දමනු ලැබිණි. තවත් හත් දෙනකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කරනු ලැබුවේ ඔහු විසිනි. 1977 අගෝස්තු 10 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනුණුු අතර, ඒ පිළිබඳව පොලිස් වාර්තාවල නොලියවුණ කතාවක් ද ඇත්තේය. එය වූ කලී ඔහුව අල්ලා ගැනීම සඳහා යම් යම් පුද්ගලයන්ගේ අධි මානසික ශක්තිය භාවිත කරමින් ක්‍රියාත්මක කරනු ලැබූ දෙවැනි මෙහෙයුම ගැනය.

මේ මෙහෙයුමට සම්බන්ධ වූ රහස් පරීක්ෂකවරයා ඒ සඳහා යොමු වී ඇත්තේ සිය පුහුණුවට අදාළ ව්‍යාපෘතියක් ලෙසය. අධිමානසික විද්‍යාව පිළිබඳව පර්යේෂණයන්හි නියැළුණු විද්‍යාඥයකු වූ ආචාර්ය කාලිස් ඔයිස්ව මුණ ගැසීමට රහස් පරීක්ෂක රොඩ්නි රොන්කොග්ලියෝ යොමු වූයේ මේ අනුවය. ඔවුන් ඒ සඳහා වඩාත් සුදුසුම පුද්ගලයා ලෙස තෝරා ගන්නා ලද්දේ ටෙරි මාර්ටොරියෝ නැමැති කැනේඩියානු ජාතික කාන්තාවකි.

මේ මිනීමරුවා සුදු පැහැ සිරුරකින් යුත්, වයස අවුරුදු 30ක පමණ තැපැල් සේවකයකු බවත්, ඔහු සේවය කරන ස්ථානය පිළිබඳ යම් යම් සලකුණුත් ඇය පර්යේෂකයන් දෙදෙනාට පැවසුවාය. මිනීමරු පුද්ගලයා සේවය කළ ගොඩනැඟිල්ලෙහි බාහිර පෙනුම ද ඇය බොහෝ දුරට නිවැරදිව සඳහන් කළ අතර, එම ස්ථානයේ ඉහළට වන්නට විශාල කුරුල්ලකු සිටින බවද පෙන්වා දුන්නාය.

තවදුරටත් ඔහු පිළිබඳව අවධානය යොමු කළ ඇය මේ තැනැත්තා ෆෝඩ් රථයක් භාවිත කරන බව පවසා එහි අංකය පවසන්නට ද උත්සාහයක් දරුවාය. ඒ අවස්ථාවේදී ඇයට හරියටම නිවැරැදිව එම අංකය පැවසීමට නුපුළුවන් වුවද, එහි අංකය ඇය පැවසූ අංකයට බොහෝ දුරට ආසන්න වූවක් බව පසුව සොයා ගැනිණ. මේ මිනීමරුවා පිළිබඳව ටෙරි මාරිමෝරියෝ මහත්මිය පවසා තිබූ කරුණු බොහෝ දුරට සමාන බව අවසානයේදී පෙනී ගියේය. ඇත්තෙන්ම ඔහු තැපැල් සේවකයකු වූ අතර, සුදු පැහැති සිරුරක සහිත පුද්ගලයෙක් වූයේය. වයස අවුරුදු තිහකට ආසන්න වී තිබුණේය. එමෙන්ම ඇය විසින් සඳහන් කර තිබූ කුරුල්ලා වූයේ එම තැපැල් කාර්යාලයේ ඉහළින් සවිකර තිබූ ඇමෙරිකා එක්සත් ජනපද තැපැල් සංකේතය විය. එය රාජාලි පක්ෂියකුගේ රූපයකි. මිනීමරු පුද්ගලයා තැපැල් සේවකයකු යයි සිතන්නට ඇය පෙළඹෙන්නට එක් හේතුවක් ලෙස ඇය පෙන්වා දුන්නේ පෙරකී සලකුණු පිළිබඳව දැනුමක් මෙන් යතුරු කැරලිවල හඬ සමඟ කුඩා කරත්ත තල්ලු කරන හඬ ඇයට ඇසුණු බවය. ඒ සමඟම මේ මිනිසාගේ ඇඳුමෙහි යම් ලාංඡනයක් ඇති බවද ඇය කියා තිබුණාය.

ආචාර්ය ඔසිස් විසින් ඇය අතට නගරයේ සිතියමක් දෙන ලදුව වෘත්තයක් ඇ¼දීමෙන් ඔහු සිටින ස්ථානය ලකුණු කරන්නට පටන් ගත්තාය. පළමුවෙන් විශාල ප්‍රදේශයක් හසුවන සේ අඳීන ලද වෘත්තය පසුව ටිකින් ටික කුඩා කරන ලදුව අන්තිමේදී ඇය විසින් නිශ්චිත ලක්ෂ්‍යයක් පැන්සලෙන් ලකුණු කරනු ලැබුවාය. එය පිහිටා තිබුණේ නිව්යෝක් නගරයට අයත් ප්‍රදේශ පහෙන් එකක් වන බ්‍රොන්ක්ස්වලය. සෑම්ගේ පුත්‍රයාගේ ඝාතන වැඩි ප්‍රමාණයක් සිදුවී තිබුණේ මෙහිය. වර්ග සැතපුම් හතළිහක බිම් ප්‍රමාණයකට අයත් මේ ස්ථානයේ ඔහු සේවය කරන ස්ථානය පිහිටා ඇති බව ඇය ස්ථීරවම පැවසුවාය. පසුව කරන ලද සොයා බැලීම්වලින් පෙනී ගියේ ඇය පැවසූ පරිදි පිටතින් ලිපි එකතු කරගෙන පැමිණි සේවකයන්ගේ ඉණෙහි යතුරු කැරැළි ඇති බවත්, සේවකයින්ගේ කමිස අත්වල නිල ලාංඡනයක් ඇති බවත්ය.

මේ පිළිබඳව ආචාර්ය ඔසිස් හා රහස් පරීක්ෂකවරයා ලබා දුන් තොරතුරු පොලීසිය තම පරීක්ෂණ කටයුතු සඳහා මූලික කර ගත්තේ නැත. පොලීසියට “මිනී මරු සෑම්ගේ පුත්‍රයා“ නොහොත් ඩේවිඩ් බර්කොවිට්ස් අත් අඩංගුවට ගැනීමට සිදුවී තිබුණේ අහම්බෙනි. ඒ 1977 අගෝස්තු 11 වෙනිදා යොන්කර්ස් හි පියින් වීදියේ අංක 35 ස්ථානයේ දිය.

නමුදු මෙහි ඇති විශේෂ වැදගත්කම පෙර සඳහන් කළ අතීන්ද්‍රිය ඥානය සහිත කාන්තාව විසින් මහාචාර්ය ඔසිස්ට සහ රහස් පරීක්ෂකවරයාට පවසා තිබූ මිනීමරුවා පිළිබඳ කරුණු සියයට අනූ පහක් පමණ සත්‍ය වීමය. ඇය මිනීමරුවා ගැන මුළින්ම පවසා තිබුණේ ගඩොලින් නිමවූ ස්ථානයක උප පොලිස් නිලධාරියකුගේ ලිපි ගොනුවක් තමා දකින බවය. ඔහු උප පොලිස් නිලධාරියකු ලෙසද මුලදී සේවය කර ඇත. පොලිස් ස්ථානයේ බිත්ති අඩක් නිම කර තිබුණේ ගඩොලිනි. ඔහු නිරන්තරයෙන් මහා මාර්ගය දිගේ නිතර ඇවිද යනු ඇය දැක ඇති අතර, එයද නිවැරැදිය. ඔහු පදිංචිව සිටියේ මහා මාර්ගයක් අසලය. අංක 89 මේපල් මාවතේ මහල් නිවෙසක ඔහු පදිංචි බව ටෙරි මොරියෝ පැවසුවාය. ඔහුගේ එම ලිපිනය වැරදිමුත් මිනීමරුවා මහල් නිවෙසක පදිංචිකරුවෙකි. ඔහු කුඩා ළමුන් දෙදෙනකුට දැඩි ලෙස ආදරය කරන අතර, ඔහුට සහෝදරියක් සිටි බව ඇය කීවාය. ඒ කරුණු ඇත්තය. ඔහු සිය සහෝදරියගේ දරුවන් දෙදෙනාට දැඩි ලෙස ආදරය කරන්නෙකි. බල්ලන්ට බියක් දක්වන හෙතෙම යක්ෂයින් හා සබඳතාවක් දක්වයි. ඒ ඇගේ තවත් අනාවැකියකි. එයද සත්‍යයකි. සිය නිවෙස අසලද අසල්වාසීන්ගේ බල්ලන් දෙදෙනකුට ඔහු වෙඩි තබා ඇත. ඉන් එකෙකු මිය ගියේය. තම අසල්වැසියකු වූ සෑම් කාර් නැමැත්තාගේ විශාල බල්ලා හරහා ඔහු යක්ෂයා සමඟ ගනුදෙනු කළ බව පොලිසියට පවසා තිබිණි.

එමෙන්ම ඇය ඔහු ජීවත් වූ පරිසරය ගැනද තරමක් විස්තර කර තිබේ. ඒ අනුව ඔහුගේ නිවෙස මධ්‍යම පාන්තික නිවාස පන්තියකට අයත්ය. ටැක්සි රථ ගාලක් ඒ අසල තිබේ. ඈතින් මුඩුක්කු පරිසරයක් ද වෙයි. ළඟපාත පාසැලක් ද, ප්‍රදේශයේ බැප්ටිස්ට් දෙව් මැදුරක් ද වෙයි. උයනට ආසන්නව පුළුල් ගඟක් ඇත. ඔහු ජීවත් වන්නේ උයන ඉදිරිපස වන්නට ඇති නිවෙසකය.

මේ තොරතුරු බොහෝ දුරට නිවැරැදි බව රහස් පොලිස් නිලධාරී රොන්කොග්ලිගේ සටහන්වල තිබිණි. ඒ අනුව බර්කොවිට්ස් කලෙක සමූපකාර කුලී රථ සමාගමක කුලී රියදුරකු ලෙස සේවය කර ඇත. මේ කාලයේ ඔහු සමුපකාර නාගරික නිවෙසක ජීවත් වූයේය. නිවෙස අසල මුඩුක්කු පරිසරයක් වූ අතර, ආසන්නයේ වූ බැප්ටිස්ට් පල්ලිය හා සබඳතාවක්ද ගොඩ නගා ගෙන ඇත. ටෙරි මාර්මොරියෝගේ අතීන්ද්‍රීය ප්‍රකාශයට අනුව බර්කොවිට්ස් කුඩා කල ළමා නිවාසයක ජීවත් වී ඇති බවත්, දැන් තම නිවසෙහි ස්වස්තික හා කාසි ලාංඡන ඇති බවත් සත්‍ය කරුණුය. මේ පරීක්ෂණය සඳහා අතීන්ද්‍රීය හැකියාවක් යොදා ගැනීමේ කටයුත්ත සඳහා ඉදිරිපත් වූ අයිරින් බෙක්මන් නැමැති කාන්තාවද ඝාතකයා තැපැල් සේවකයකු බව පැවසුවාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.