උවදුරු පීඩා දුරු කර ශාන්තිය ළඟා කරන රන්දෙනේ ගාථාවල හාස්කම්

රන්දෙනේ ගාථාවලින් කළ හැකි හාස්කම්
මාර්තු 1, 2024

 

උතුම් රන්දෙනේ ගාථාවන්ගෙන් කළ හැකි යහපත් සහ අයහපත් කටයුතු පිළිබඳ සමාජයේ විවිධ කතිකා ඇත.

බුදු, පසේබුදු, මහ රහත් උතුමන්ගේ ගුණ ඇතුළත් ගථාවන් හෝ සූත්‍රවලින් යමෙකුට අවැඩක් හෝ අයහපතක් කිරීමට සිතන්නේ නම් එය සසර කල්ප ගණන් දුක් විපාක පිණිසම හේතු වේ.

මේ උතුම් රන්දෙනේ ගාථා ඉපැරණි පොත පතෙහි සඳහන්ව ඇත්තේ කෙනෙකුගේ යහපත උදෙසාම පමණි.

සීලාධි ගුණ ධර්මවල පිහිටා පිළිවෙත් ගරුක ධාර්මික ජීවිතයක් ගත කරන අයකුට මේ මඟින් බොහෝ ප්‍රයෝජන ගත හැකිය.

බුදුරජාණන්වහන්සේ පිරීනිවන් පෑ දි‍ෙනක තමන්වහන්සේ පැමිණ සිරිපා වන්දනා කරනා තෙක් සුගත ශරීරය සහිත දෙනට ගිනි නොඇවිලේවායි සැරියුත් මහ රහතන්වහන්සේ කළ අධිෂ්ඨානය හා සම්බන්ධ වූ මේ උතුම් රන්දෙනේ ගාථා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් නිතර භාවිත කරන්නන් හට මෙ‍ලොවදී ඇති වන බොහෝ උවදුරු සහ පීඩා දුරු කරගෙන අපමණ ශාන්තියක් ළඟා කරගත හැකි වනු ඇත.

(ගාථා නිවැරැදිව උච්චාරණය කිරීමේ පහසුව පිණිස පුරාතන සම්ප්‍රදායයෙන් තොරව හල් කිරීම් යොදා ඇති බව සලකන්න)

01. සබ්බ සංඛත ධම්මේසු

ඔත්තප්පාකාර සණ්ඨිතං

ඤාණමෝහිත භාරානං

ධම්ම සංවේග සඤ්ඤතා

ඕං තස්ස විරෙණ භගෝ

දේවස්සිය දේව මහා චතුර්වේද

මූලස්ස භවිසා ඕං නමෝ තමඃ

 

(රන්දෙන විවෘත වූ ගාථාවත් සමඟයි.)

1. මෙයින් ගර්භිනීන්ට දෙහි කපනු.

තෙල් මතුරනු.

2. මෙයින් පොල් ගෙඩියක් ගෙන

පේ කොට මතුරා

එළිපත්තට තබා බිඳිනු ප්‍රසුත කරත්

3. සර්ප විෂට ද කටු උගුරේ

ඇනුණාට ද වතුර මතුරා පොවනු.

 

2. යස්සරික තරෝ නාථෝ

කේතුමාලාය ලංකතෝ

දක්ඛිණාවත්ත කෙසෝසි

නිලා මල සිරෝරු හෝ

නමෝ ශ්‍රී ගති ශ්‍රී වාං ශ්‍රී බුද්ධරාජේ ස්වාහඃ

 

(රන්දෙන වැහුණු ගාථාවත් සමඟයි.)

1. මෙයින් ත්‍රිවිධ වශියට නෑඹුල් බුලත් මතුරා දෙනු.

2. සර්ප විෂට මතුරනු.

3. කකුල් දෙකට මතුරනු. සර්පයෝ නොකත්.

4. බල්ලා කෑවාට තෙල් මතුරනු

5. උණට ද, බඩේ රුජාවටද මතුරනු.

6. එළ කටරොළු ඉස්ම අතේ ගා 108 වරක්

අතට මතුරා දොරට අත ගසනු.

දොර ඇරේ.

(සීලයෙහි පිහිටා මේවා කරනු.)

 

 

3. උණ්හීස සීසෝ රුචිරෝ

පරිපූණ්ණ සිරෝ වරෝ

අනෝ ලෝකීය මුද්ධාසි

සුගන්ධවර මුද්ධනෝ

 

1. මෙයින් විෂ කැවුණාට ද,

තුන්දොස් බැඳුම්වලට ද,

මස්වැලකුම් හිර කෙරුම් යනාදිය

කැපීමට ද හොඳයි.

2. යකුන් ආරූඪ වූ අයට

මතුරා පිඹිනු වැටේ.

4. උණ්හීස රුචිරෝදාර

ලලාට තල සෝභිතෝ

මුදුතුලාති හෝදාත

උණ්ණ මණ්ඩල මණ්ඩිතෝ

නමෝ රාජගුරු,

සුරගුරුබෝධි මණ්ඩලෙස්වාහඃ

 

(ධාතු මංගල්‍යය පැවැත්වූ ගාථාවත් සමඟයි.)

 

1. මෙයින් නැට්ටුවාට ප්‍රලය නොවන්නට

වීදියේ ගොක්කොළයට මතුරා ගැට ගසනු.

 

2. වස්තු පෙට්ටිවල දමීමට ද, වී අටුවල දමීමට ද

දරුවන් දොරට වැඩීමට ද

දරුවන්ට ඉඳුල්කට ගෑමට ද යහපති.

5. ඉන්දචාපනී හෝනීල

භූතටාක සුසජ්ජිතෝ

කඤ්චනං කුසංගංකාස

තංග නාසෝ විරෝවති

 

1. වස විස කැවුණාට බත්පිඬු මතුරා ගිලිනු

2. යක්ෂ දෝෂ මුර්ජාවට පැන් මතුරා ඉසිනු

3. අංගම් පිල්ලි යක්ෂ දිෂ්ට් හොල්මන්වලට

පැත් මතුරා ඉසිනු

4. උළුක්කුවට තෙල් කිරි මතුරනු

5. සර්ප විෂට මතුරනු

6. අජීර්ණයට ඇඹුල් මතුරනු

 

6. ලොචනද්වය මාහාති

පඤ්චවණ්ණ සමුජ්ජලං

දේහදේව විමානම්හි - මණීජාලූප මුත්තමං

(ඕං කුරු කුරු ඒස්වාහඃ ගාථාවත් සමඟයි.)

මෙයින් වස් දොස් දුරු කිරීමට ද

සියලු භය, උන්මාද, අපස්මාර,

අතීසාර, බඩේ රුජාදියට ද

බෙහෙත් පැන් මතුරා පොවනු.

7. රංසිමාල නමෝ තුය්හං

බුද්ධ සේනාධිපඤ්ජරං

ඒවං තං බුද්ධ ජානාථ බුද්ධංදස විලෝචනං

තවසාරි ච සෝගතං - උණ්හයරිව නිබ්බුතිං

සුවණ්ණතෝ පනිනං නාග

කෝ හිංසි යාය නායකා

ඕං කුරු කුරු ඒස්වාහඃ

ඕං නමෝ ශ්‍රී ඒස්වාහඃ

(රංසිමාල යන ගාථා සියල්ලට ම

ඇතුළත් ගාථාවයි.)

1. මෙයින් ගල් මතුරා කෙතට දමනු. ආරක්ෂාවයි.

2. එසේම පට්ටියේ වළලනු.

ගවයෝ බෝවෙත්. දිවියා නාල්ලයි.

3. ගැට හිර කපනු.

මෙයින් තීන්දු ක්‍රියා කරනු

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.