සඳකත් මිණ නම් විස්මිත පාෂාණය

මාර්තු 8, 2024

 

මනු කාන්ති තෛලය අඤ්ජන අක්ෂි ප්‍රතිකාරයක්. විස්මිත ඔසු තෙලක්. මේ තෙල හිස ගල්වන්නකුට කිසිම කාලයක ඇස් ලෙඩක් ඇති නොවන බව කියැවෙනවා. පොදුවේ තෙල් ගැල්වීම ඇස්වල දීප්තිය ආකර්ශනීය පෙනුම වගේම නිරෝගිමත් බව ඇති කරන්නියක් බවට සැක නැත. අපේ රටවල මේ ආකාරයට ඖෂධයක් විදිහට යොදා ගන්නා මනුකාන්ති පාෂාණය හදනකොට මනුකාන්ති නම් පාෂාණයක් කුඩාවට කඩා ඔසු තෙලට මුසු කරනවා. මේ නිසා සිදුවන ගුණාත්මක තත්ත්වය කිසිවකුට එදා විග්‍රහ කිරීමක් අපේක්ෂා නොකළත් අද වන විට මෙවැනි භෞතික වස්තූන්ගෙන් ශක්තිමත් බලපෑමක් ඇති වන බව තහවුරු වී තිබෙනවා.

මේ පාෂණය බටහිර ලෝකයේ චන්ද්‍ර (Moon Stone) පාෂාණය ලෙස නම් කර තිබෙනවා. මේවා පූර්ණ මැණික් තරම් මිල අධික නොවූවත් ශරීරයට ඇති කරන ගුණාත්මක ශුභවාදී බලපෑම නිසා සුවවේදීන් (Healers) අතර විශේෂ සැලකිල්ලක් ඇති කරවා ඇති බව පෙනෙනවා.

මනුෂ්‍ය ශක්ති ශරීරයේ ඉහළ චක්‍රවලට විශේෂයෙන් මෙන්ම පොදුවේ සමස්ත ශක්ති ශරීරයටම සුබ බලපෑමක් ඇති කරන චන්ද්‍ර පාෂාණය විටෙක තවත් පාෂාණ සමඟ එකතු කර ගනිමින් විශේෂ පහළ චක්‍රයන් ඉලක්ක කොට ගෙනද සුව කිරීමේ ක්‍රමවේදයක් ලෙස යොදා ගන්නට පුළුවන්.

කාන්තාවන් සඳහාම වෙන් කර දැක්විය හැකි කාන්තාවන්ගේ ලාස්‍ය (කෝමළ) ගුණය වඩාත් සුන්දර කරවන මේ පාෂාණය නිසා ස්ත්‍රී හෝර්මෝන ශ්‍රාවය විධිමත් කරවනවා. කාන්තා ජීවිතයේ විශේෂ අවස්ථාවන් වන මාසික ශුද්ධිය, ගර්භිණී තත්ත්වය, ප්‍රසූත සමයන්, කිරිදෙන අවස්ථාවල මෙන්ම වඩා වියවුල් ඇති කරන ආර්ථවහරණ කාලවලදී ශරීරයේ ඇතිවන විවිධ අපහසුතාවන් සමනය කරන්නට මේ පාෂාණයෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

මේ වළල්ලක් ඔබ පැලැඳ සිටින්නේ නම් පොදුවේ ස්නායු ක්‍රියාකාරීත්වය විධිමත් වීමත්, විවේකී සිතිවිලි ඇතිවීමත් විශේෂ ප්‍රයෝජනයක්. මානසික ආතතිය, නින්ද නොයෑම, අඳුරු සිතුවිලි මඟහරවා ස්වාධීන අදහස් වැඩිදියුණු කළ හැකි සුවපත් හැඟීම් මතු කරනවා. ආධ්‍යාත්මිකව ලබන විස්මිත දියුණුව අනාගත විනිශ්චයට සහායක් ලබා දෙනවා.

(චන්ද්‍ර කාන්ති පාෂාණයෙන් තැනූ අබරණ ගලායන ඇල් දියෙන් සෝදා සඳ එළියේ හෝ හිරු එළියේ තැබීමෙන් ප්‍රතිරෝපණය සෑදේ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.