මන්දිරයේ සැරිසරන කන්‍යා සොයුරියගේ අවතාරය

මාර්තු 22, 2024

 

මෙතෙක් කතාව...

දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ කොල්වින් මා වෙත පැමිණ රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. මම සැකමුසු භීතියකින් ඔහු දෙස බලා සිටියෙමි. එහෙත් ඔහුගේ ආයාචනාත්මක බැල්ම ඔහු පිළිබඳ මා වෙත ඇති කළේ අනුකම්පාවකි.

අද එතැන් සිට....

ඔහුගේ ආයාචනාත්මක ඉල්ලීමට එකඟතාවය පළ කළ ඉරියව්වකින් යුතුව මා ඔහුට පැවසුවේ නෞකාවට ගොඩවීමෙන් අනතුරුව මා හමුවන ලෙසය. යාත්‍රාව ගමන් ඇරඹීමත් සමඟ මා සමඟ වඩාත් සුහද වූ කොල්වින් තනිවම කැබින් කාමරයේ නිදා ගැනීමට බිය වූයේ ඇයිද යන අත්දැකීම මා හා විස්තර කරන්නට පටන් ගත්තේය. අරාබි නිසොල්ලාසයේ කතාන්තරවලට සවන් දෙන්නාක් මෙන් දැන් එම කතාව ඔහුගේ ම වචනවලින් ඔබට අසන්නට ලැබෙන්නේ මෙසේය.

“ සංචාරය ප්‍රිය කරන්නෙකු වූ මා වසර කීපයකට කළින් ඉන්දියාවේ වනාන්තරවල ඇවිදින්නට ගියා. ජෝන් බ්‍රෝට්න් නමැති ඉතා ප්‍රිය මනාප තරුණයා මට මුණගැසුණේ ඵ් ගමනේදී. ඵංගලන්ත ජාතිකයෙකු වූ ඔහු ඉන්දියාවේ ලොකු තනතුරක නිරතව සිටියා. හොඳ වැටුපක් ලැබූ හෙතෙම ප්‍රමාණවත් වත්කමක් ද ගොඩනගාගෙන තිබුණා. ඉතා කරුණාවන්ත හදවතක් හිමිව තිබූ, ඔහු තුළ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට අවශ්‍ය නිර්භීත කමත් , ධෛර්යත් නොඅඩුව පිහිටා තිබුණා. විදේශකයකු වුවත් ඔහුගේ යහපත් ගතිගුණ නිසා ස්වදේශික ජනතාව අතර ද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබුණා. සතියක් මුළුල්ලේ අප ඵකදිගට කඳවුරු ලා ගෙන සිටි බැවින් ඵ් කාලය තුළ නොබිඳීය හැකි මිත්‍රත්වයක් අප අතර ගොඩ නැඟුණා. සංචාරයෙන් අනතුරුව මා ඵංගලන්තයට ගිය පසුවද වසරකට දෙතුන් වතාවක් ඵහිදී මා ඔහුව මුණ ගැසුණා. ඵයට අවස්ථාව ලැබුණේ විවිධ රාජකාරී කටයුතු සඳහා ඔහුට තම ආයතනය වෙනුවෙන් කීප විටක් ඵංගලන්තයට පැමිණීමට සිදු වී තිබුණ නිසයි.

කාලය ගෙවී යමින් පැවැතුණත් අපගේ මිත්‍රත්වය තව තවත් වැඩි දියුණු වූවා මිස අඩු වූයේ නම් නැහැ. ඵ් අතර මා ඵක් දෙයක් දුටුවා. ඵනම් රාජකාරියේ බර දරා ගනිමින් නිතර නිතර ඵංගලන්තය හා ගමනේ යෙදීමට සිදුවීම නිසා මගේ හිතමිත්‍ර ජෝන් බ්‍රෝට්න් යම් පමණකට හෙම්බත් වී සිටින බවයි. ලන්ඩනයට පැමිණි අන්තිම රාජකාරී ගමනේදී මා හමුවූ ඔහු පැවසුවේ ඵංගලන්තයේම නතර වී තැන්පත් විවාහ ජීවිතයක් ගත කිරීමට තමා තීරණය කර ඇති බවයි. නගරයෙන් ඔබ්බෙහි යම් පළාතක පිහිටි තර්න්ලේ නමින් සුප්‍රසිද්ධව ඇති සුවිසාල මන්දිරය ඵ් වන විටත් තිබුණේ යම් තරමකට පාළුවට යමින්. මොන හේතුවක් නිසා හෝ ඵය කිසිවෙකු විසින් මිලට ගන්නට උත්සාහයක්වත් ගෙන තිබුණේ නැහැ. ජෝන් ඵය මිලට ගෙන ප්‍රතිසංස්කරණය කරන්නට ඉටා ගත්තා. ජෝන් බ්‍රෝට්න්ගේ ප්‍රේමවන්තිය වූ විවියන් වයිල්ඩ් රූමත් මෙන්ම ගුණ යහපත් කමින්ද පිරිපුන් චරිතයක්. කරුණාවන්ත ප්‍රසන්න ගතිගුණවලින් යුතු ඇය ආගම දහමටද ලැදි තැනැත්තියක් බව මට පෙනී ගියා. තමන්ගේ අනාගතය ගැන දැඩි ආත්ම විශ්වාසයක් ජෝන් තුළද ඇති වී තිබුණා. මේ කරුණු ගැන සිතා බලද්දී මටද හැඟී ගියේ ඔහු ඉතා වාසනාවන්ත තරුණයෙකු බවයි.

ඉතින් තමන්ගේ ප්‍රියමනාප රූමත් පෙම්වතිය විවාහ කරගෙන මේ පෞරාණික සුවිසාල මන්දිරයේ පදිංචියට යාමේ සිහිනය සාක්ෂාත් කරගැනීමට ඔහු අත ගැසුවා. ස්වාභාවයෙන් පෞරාණික දේ කෙරෙහි සහ ස්වාභාව ධර්මයට ඇලුම් කළ පුද්ගලයකු වූ ජෝන් මෙම මන්දිරය ප්‍රතිසංස්කරණය කළත් ඵහි පැරණි ගෘහ භාණ්ඩ සියල්ලම හොඳීන් ඔප දමා මන්දිරයේම තිබෙන්නට ඉඩ හැරියා. වහලයේ කැඩී බි¼දී ගිය තැන්වලට අලුත් උළු දමා පිළිසකර කළ අතර සිවිලිමද සම්පූර්ණයෙන්ම වාගේ අලුත්වැඩියා කළා. මීට අමතරව සිය මන්දිරය සඳහා නවීන දෙයක් වශයෙන් ඔහු කරනු ලැබුවේ ඵයට විදුලිය ලබා ගැනීම පමණයි.

වලව්වේ සියලුම කාමරවලට මෙන්ම කොරිඩෝර , දොරටු , මැද මිදුල් ආදී සෑම තැනකටම විදුලි බුබුළු සවිකරනු ලැබුවත් , කම්කරුවන් හිරු බැස යාමෙන් අනතුරුව විදුලි ආලෝකය යටතේවත් වැඩ කරන්නට හෝ රැ¼දී සිටින්නට කැමති වූයේ නැහැ. ඔවුන්ගේ අදහස වූයේ යමෙකුට අනතුරක් කරන්නට භූත බලවේගයකට අවශ්‍ය නම් විදුලි පහන් පවා නිවා දැමීමට පවා ඔවුනට හැකියාව ඇති බවයි. මේ නිසා රෑ බෝවූ විගස වැඩට පැමිණි කම්කරුවන් සියලු දෙනා කණ්ඩායම් වශයෙන් ඵ්කරාශී වී මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඵපමණක්ද නොවෙයි දවල් කාලයේ පවා මන්දිරයේ වැඩ කටයුතුවල යෙදෙද්දී ඔවුන් හුදෙකලා නොවී සිටීමට වගබලාගෙන තිබෙනවා. නමුත් පුදුමයට කාරණය ලෙස ජෝන් මට පෙන්වා දුන්නේ මේ කම්කරුවන් කිසිවිටක අවතාරයක් දැක නොතිබීමත් , ඔවුනට අවතාරයකින් කිසිම හිරිහැරයක් සිදු නොවීමත් ගැනයි. ඵයට හේතුව ලෙස මොවුන් පෙන්වා දී තිබෙන්නේ මේ මන්දිරය තුළ සැරිසරන බව කියන ගැහැණු අවතාරයට පිරිමින් පිරිසකට ඵරෙහිව නැඟී සිටින්නට ශක්තියක් නැති බවයි. ඵම මතයට පදනම වැටී ඇත්තේ මෙම අවතාරය කන්‍යා සොහොයුරියකගේ බවට ජනප්‍රවාදයක් ප්‍රදේශය පුරා පැතිර තිබීමෙන්.

මෙවැනි තොරතුරු ප්‍රදේශවාසීන් අතර පැතිරවීමට මුල්වී තිබුණේ කලකට ඉහත මෙහි ජීවත් වූ ක්ලාර්ක් නැමැති පුද්ගලයා බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ. පසුව දැනගන්නට ලැබුණ ආකාරයට දැඩි මසුරු මිනිසෙක් වූ හෙතෙම තවුස් වෘතයක් පුරන්නෙකු ලෙස මෙහි කොටසක ජීවත් වී තිබෙනවා. නමුත් ඔහුව අසල්වාසීන්ට දැක ගන්නට ලැබුණේම නැති තරම් බවයි දැන ගන්නට තව දුරටත් අසන්නට ලැබී තිබෙන්නේ. ඔහුව තබා රාත්‍රී කාලයට මෙම මන්දිරයේ ආලෝකයක් පවා දක්නට නොලැබුණ බවද අසල්වාසීන් බ්‍රොට්න්ට පවසා තිබුණා. ඔහු තමාට අත්‍යාවශ්‍යම කෑම බීම

මන්දිරයේ පිටුපස දොරකින් ලබාගෙන තිබෙනවා. වැඩ කටයුතුවලට සහාය ලබා ගන්නට මිනිසෙකු රැගෙන විත් තිබුණ නමුත් ඔහු ඵහි රැ¼දී සිට ඇත්තේ හරියටම මාසයක් පමණයි. ඉන්පසු හොර රහසේම මන්දිරයෙන් පලාගොස් තිබෙනවා. කලකට ඉහත අසල වූ මඩමකට අයත් ගිලන් නිවාසය පිහිටා තිබී ඇත්තේ මෙම මන්දිරයේ බවත් , ඵ් නිසා මෙය තර්න්ලේ මඩම ලෙස හැඳීන්වුණු බවත් පසුව ආරංචී වී තිබුණා.

බ්‍රෝට්න්ගේ අදහස වී තිබෙන්නේ හොල්මන් කතාව අසල්වාසීන් මන්දිරය සහිත ඉඩමට හොරෙන් ඇතුළු වීම වළක්වා ලීමට ක්ලාර්ක් විසින් කරනු ලැබු අසත්‍ය ප්‍රචාරයක් ලෙසයි. නමුත් මන්දිරය මිළට ගන්නට පෙර මගේ මිත්‍ර ජෝන් බ්‍රෝට්න් මේ පිළිබඳව කිසි දෙයක් දැනගෙන ඉඳලා නැහැ. ඵසේ දැන ගත්තත් නිර්භීත පුද්ගලයෙකු වූ ඔහු ඵය නොගෙන සිටින්නේ නැහැ. බ්‍රෝට්න් තමන්ගේ විවාහය සිදුවන කාලය වන විට මේ කතා සියල්ල දැන සිටියත් ඵ් කිසිවකින් ඔහු සැලුනේ නෑ. ඇත්තෙන්ම ඔහු සිය තරුණ බිරියත් සමඟ ඵහි ජීවිතය පටන් ගන්නට තීරණය කළේ මේ විවිධ මති මතාන්තරවලටත් අභියෝග කරන අදහසින්. ඕනෑම වේලාවක තර්න්ලේ මන්දිරයට පැමිණෙන්නට කියා ඔහු මගෙන් ඉල්ලා සිටියා. ඵ් අනුව මමද ඇරයුමක් ලැබුණු සැණින් ඵහි යන්නට බලවත් කැමැත්තකින් සිටියා. මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙමින් පැවති කාලය අතරතුර කීපවිටක් මට ඔහුට ලන්ඩනයේදී මුණගැසුණා.

“ ඔබ හොල්මන් සහ අවතාර තිබෙන බව විශ්වාසය කරන්නෙක් ද? ”මා ඵවැනි අවස්ථාවක ඔහුගෙන් විමසුවා. මා කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයකට ඔහු පැවසුවේ යම් තරමකට

ඵ්වා ගැන තමා තුළ විශ්වාසයක් ඇති බවයි. මේ විශ්වාසයට හේතු වී තිබෙන්නේ තමන් ඉන්දියාවේ ගත කරද්දී ලැබූ අත්දැකීමක් බව යයි කියූ හෙතෙම ඵ් ගැනද මට විස්තර කළා. ඵ් කතා පුවතට අනුව ඉන්දියාවේ තමා සමඟ ජීවත්වූ තවත් ඵංගලන්ත ජාතිකයෙකු දිනක් ඔහුට පවසා ඇත්තේ ලන්ඩනයේ සිටින තම මෑණියන් මියගොස් ඇති බවයි. ඵය දැන ගත්තේ කෙසේ දැයි විමසූ විට ඔහු කියා ඇත්තේ පෙර දින රාත්‍රීයේ මව තමාගේ කූඩාරම අසලට පැමිණෙනු දුටු බවත් , ඇයට කතා කිරීමට සූදානම් වන විටම අතුරුදහන් වූ බවත්ය. සිය මිත්‍රයා මේ බව පවසා වරුවක් ගත වන්නටත් පෙර , පෙරදින රාත්‍රීයේ ඔහුගේ මව මිය ගිය බව සඳහන් විදුලි පණිවිඩයක් මිතුරාට ලැබී තිබුණ බව බ්‍රෝට්න් පැවසුවා. මේ කතාව මා සමඟ පැවසු බ්‍රෝට්න් කියා සිටියේ “ මගේ ඇස්පනාපිට සිදුවුණ මේ දේම ඇති නේද ඵවැනි දේවල් සිදුවන බව පිළිගන්නට? ” යනුවෙන්.

ඵ් සමඟම ඔහු විසින් අවතාර සම්බන්ධව අළුත් සොයා ගැනීමකුත් කර තිබුණා. ඵය තමයි ඇත්තටම මන්දිරයේ අවතාරයක් සිටිනවා නම් ඵය පළවා හැරිය හැක්කේ කෙසේද කියන ඵක. “ ඵ් තමයි මේ අවතාර ඵක්ක කතා කරන්නට කෙනෙකු ඉදිරිපත්වීම. මන්දිරයේ අවතාරයක් සිටිනවා නම් , ඵත් කළ යුතුව ඇත්තේ ඵයයි. අවතාරයට දුක් ගැනවිල්ලක් තිබෙනවා. ඵ් දුක් ගැනවිල්ල අසන්නට තරම් කෙනෙකු නිර්භීත වෙනවා නම් ඵය සඳහටම ඉවත්ව යනවා. ”

 

තිස්ස ප්‍රේමසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.