කතරගම දෙවියන්ගේ පිහිට ගෙන දෙන කන්ද කුමාර ජීවම

මාර්තු 29, 2024

 

අද අප මේ ලබා දෙන්නේ යන්ත්‍ර මන්ත්‍ර ආදි ගුරුකම්වල යෙදෙන පුරාණ ඇදුරන් ඉතාම සුරක්ෂිතව තබාගෙන පරපුරේ ඇදුරන්ට පමණක් ලබා දෙන ඉතා බලවත් ජීවමක් වූ උතුම් කන්ද කුමාර ජීවමයි. ශ්‍රී ලංකාවේ සැදැහැවතුන් සහ බැතිමතුන් ඉතාම ගෞරවයෙන් වන්දනා කරන පුදපූජා කරන දිව්‍ය රාජයකු වන කතරගම දිව්‍ය රාජයාණන් මුල් කරගෙන පැවැත්වෙන මේ උතුම් කතරගම ජීවම ඉතා බලවත් ආරක්‍ෂාවක් වගේම සෞභාග්‍ය හා දියුණුවට අදාළ ප්‍රබලම ජීවම ලෙස සැලකෙනවා.

වැඩිහිටි කන්ද මහ දෙවොලේ තැන්පත් කොට ඇත්තේ කන්ද කුමාර ජීවමෙන් ජීවම් කළ යන්ත්‍ර රාජයෙක් බව ප්‍රකට කාරණයක්. අදටත් පුද සිරිත් වතාවත් පවත්වන එම උතුම් කන්ද කුමාර ජීවම සහිත යන්ත්‍රය බැතිමතුන්ට ලබා දෙන්නේ අපමණ ශාන්තියක්. මෙය ඒ උතුම් කන්ද කුමාර ජීවමයි. තෙරුවන් සරණ යන පස් පවින් වැළකී ප්‍රතිපත්තිගරුක චර්යාවන්ගෙන් යුතු ජීවිතයක් ගෙවන කෙනෙකුට මෙයින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකියි. කතරගම දෙවියන් තමන් ඉදිරියේ දෘශ්‍යමාන වන තරමට මේ බලවත් බව පුරාණ ඇදුරන්ගේ මතයයි. ඊටවඩා මේ උතුම් කාරණය වන්නේ මේ ජීවම තුළ කන්දකුමාර දැහැන කන්ද කුමාර දිෂ්ටිය වගේම කන්ද කුමාර ප්‍රබලම දැහැනද ඇතුළත් වන විදිහට මෙය සකස් කර තිබීමයි. බැතිමත් ඔබ මේ උතුම් කන්දකුමාර ජීවමින් ප්‍රයෝජනයක් ගනු කැමතිනම් ඉතා පිළිවෙත් ගරුකව පහත සඳහන් පූජාවන් මෙයට යොදා ගන්නට වනවා. රතුමල්, ගිතෙල් පහනක්, මොනරපිලක්, පලතුරු, බෙලිකොළ යන මේ දේවල් පූජාවක් ලෙස සකස් කරගෙන දහවල් කාලය පුරා දින හතක් එකසිය අටවර බැගින් කඩ නොකර මෙය ජීවම් කරගත හැකි නම් තමාට ඕනෑම වරයක් කතරගම දෙව් රදුන්ගෙන් ලැබෙන බව පුරාණ ඇදුරන්ගේ මතයයි. මේ ජීවම කරන කෙනෙක් පංචශීලයෙන් යුක්ත විය යුතුයි කිලිකිණුවලින් සහ මස් මාංශ ආදියෙන් වැළකී මේ ජීවම සිදු කළ යුතු බව මන්ත්‍ර නියමයයි. ඉතා පිරිසිදුව සිඳගත් තැඹිලි තෙල්වලට මෙම කන්ද කුමාර ජීවමින් 108 වරක් ජීවම් කර කතරගම දෙව්රදුන් වෙනුවෙන් අඟහරුවාදා සහ සිකුරාදා දින සන්ධ්‍යාවේ සවස 6.30 පසුවූ පසු පහනක් දල්වා මේ දැහැනේ සත්‍ය බලයෙන් විපත් දුරු වී සෞභාග්‍ය උදාවේවා යන ප්‍රාර්ථනාව සිදුකිරීමම කදසුරිදුන්ගේ දිව්‍ය බලය ලබා ගැනීමට මහත් සේ උපකාර වන බැවින් බැතිමත් ඔබ කතරගම දිව්‍ය රාජයාණන් කෙරෙහි අපමණ ගෞරවයෙන් මේ ආනුභාව සම්පන්න කන්ද කුමාර ජීවම සිදුකරගන්න.

ඕං කුමාර ගුරු වාරුම් අසුර ශක්‍ර දේව දේවා මයුර වල්ලී වේලාම පර්වත කන්දස්වාමි එන්නේන් - ගණපති එන්නේන් සරසවතී එන්නේන් - ශ්‍රියා කානතාවී අම්මා එන්නේන් ඉරන්ත්‍යා නාම ත්‍රි ලෝක වෙසමුණි එන්නේන් ඉරගුභූම පේසු කයියේන් රුසිවර නාගර කන්‍දසස්වාමියේ එර්දිවා එර්දිවා ඉරත්ති කොණ්ඩු වාරුම් ශකිල කොණ්ඩු වාරුම් රාමගුරු දේවා ශීග්‍ර ශීග්‍ර සීමාවට එන්නේන් සවාහා

 

ඕං ශ්‍රී නාරායණ දේවගුරු ශ්‍රී කෛලාසනී සලිත සලිත දේවගුරු නමඞ

ඕං පුර කදිර දිල්ලි දේස් සිව නාගර කෛලෝඩි දේහෝ නමඞ

ඕං සාබාස් කීසුං කෞමාරී ලංකා කදිර දේහෝ ප්‍රවර නමඞ

ඕං සාතාභාස් භූම ගරුඬ රාම දිෂ්ටි සිවගුරු සලිත එන්නේන් ආරූඪ නමඞ

ඕං ශ්‍රී සන්තා භූමි දේහෝ ක්‍ෂීර සාගර මථන දේව ස්වාමිනේ නමඞ

ඕං හර හරා මනත්‍රස්වාමී ත්‍රිපුර කදිරානේ සුරවර දේව දිෂ්ටි ආරූඪ ශීග්‍ර නමඞ

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.