ක්ෂණික නූඩ්ල්ස් මිථ්‍යාවෙන් මිදෙන්න

අප්‍රේල් 19, 2019

කාන්තාවන් සහ දරුවන් නිසැකවම පරිවෘත්තීය සහලක්ෂණය නම් අවදානම් රෝගී තත්ත්වයන්ට ගොදුරු කරන ක්ෂණික නූඩ්ල්ස් ඇතුළු ක්ෂණික ආහාරවලින් සිදුවන අගතිය පිළිබඳ සරල විමසුමකි.

මිථ්‍යාව තේරුම් ගන්න

ක්ෂණික නූඩ්ල්ස් ඇසුරුම ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුතු ය. බොහෝ වර්ණවත් ය. ප්‍රමාණ කීපයකින්ම තිබේ. කුඩාම පැකට්ටුව හෝ මිලදී ගැනීමට සිත පොළඹවන තරම් ගමක් ගමක් ගානේ කඩ පිල්වල සිත් ගන්නා සුළු පෝස්ටර් අලවා තිබේ. රූපවාහිනි නාලිකාවල වැඩි වාර ගණනක් ප්‍රචාරය වන්නේ ද ළමා වැඩසටහන් විකාශනය අතරතුර වන අතර මෙම දැන්වීම් සඳහා යොදා ගන්නේ ද කුඩා දරුවන් සමඟ මව්වරුන් සේ ඇන්දවූ සුරූපී ළඳුන් ය. කිසිම ආකාරයකින් රජයේ හෝ පිළිගත් වෛද්‍ය සභාවක සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මේවා පිළිබඳව වර්ණනා නොකරයි. ඉතාම ආකර්ෂණීය දෙබස්, අමුතුම තිර රචනා සහ රංගන විලාශයන්, සුඛෝපභෝගී ජීවන පරිසර මේ සඳහා පසුබිම් ලෙස යොදා ගනී. ක්ෂණික නූඩ්ල්ස් ඇසුරූ ස්ටයිරොෆෝම් ඇසුරුම තුළ බිස්ෆැනෝල් නම් විෂ රසායනිකය ඇත. මෙම රසායනිකය සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වය විශාල වශයෙන් අවදානමට ලක් කරයි. ලෝක ක්ෂණික නූඩ්ල්ස් සංගමය ( එධපතඤ ධ්දඵබචදබ ව්ධධඤතඥඵ ඒඵඵධජඪචබඪධද) තම සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රකාශ කරන්නේ ලොව බහුලවම ක්ෂණික නූඩ්ල්ස් භාවිතා කරන රට චීනය බවයි. එහි ඊළඟ සාමාජිකයන් වන්නේ පිළිවෙළින් කොරියාව, තායිලන්තය හා ඉන්දියාවයි.

ක්ෂණික නූඩ්ල්ස් අහිතකර ඇයි?

තිරිඟු ඇට පිටි බවට පත් කිරීමේ දී ගුණාත්මකව එම ක්‍රියාවලිය සිදු කරන්නේ නම් තිරිඟු ඇට වල රොඩ්ඩ එහි අවසාන ප්‍රතිඵලයට එකතු කර නොගනී. එහෙත් ක්ෂණික නූඩ්ල්ස් නිෂ්පාදනයේ දී බහුලව යොදා ගන්නේ මෙම ‘මයිඩා පිටි’ නම් වූ අමුද්‍රව්‍යයයි.

ක්ෂණික නූඩ්ල්ස් රසවත් කිරීමට යොදන ලුණු අධි මාත්‍රාවන් ශරීරයට ඉතාම හානිදායකය.

ඉතාම අහිතකර රසකාරක, කල් තබා ගැනීමේ රසායන ද්‍රව්‍ය (සංරක්ෂිත කාරක) නිසැකව යොදා ගනී.

ලොව ප්‍රබලම අහිතකරම රසකාරකය වන ර්ඉට් (ර්ධදධ ඉධඤඪභථ ට්තබචථචබඥ) ක්ෂණික නූඩ්ල්ස් වල අහිතකර බව ප්‍රබලවම උග්‍ර කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

තොරතුරු වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ වෛද්‍යාචාරිනී ධම්මිකා අමරසේකර

සටහන,රඹුක්කන කීර්ති එස් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.