ජීවිතය එපා කරවන විෂාදය

ජූලි 19, 2019

භ්‍රාන්තිය රෝග ලකුණු ද රෝගය බරපතළ වීමත් සමඟ ඇති වේ. වෙනත් අය බණින හඬ හෝ විවිධ ශබ්ද ඇසෙයි. රෝගියාගෙන් රෝගියාට අඩු වැඩි වශයෙන් මෙම රෝග ලකුණු හට ගනී.

චතුරංගි පාසල් අධ්‍යාපනයේ අවසාන කඩුල්ලත් පනින්න දැන් සූදානමින්ය. හේමලතාට දෝණි දකින විට ඇති වන්නේ අහිංසක අභිමානයකි.

සැමියා ඇයත් දියණියත් අත්හැර තවත් කැදැල්ලක් තනා ගන්නා විට දෝණිට වයස අවුරුදු පහ සම්පූර්ණ වූවා පමණි. වාසනාවකට හේමලතා රජයේ රැකියාවක නියුතු වූ නිසා දියණිය උස් මහත් කරගැනීම අසීරු වූයේ නැත. හේමලතාගේ පවුලේ අය ද වරින් වර දෝණිට උපකාර කිරීම ඇයට මහත් අස්වැසිල්ලක් විය.

දෝණිත් තැන්පත් තරුණියක වූ නිසා සැමගේම සිත් ගත්තාය. හේමලතා දැන් සිහින මවන්නේ චතුරංගි සරසවියට යැවීමටයි. එහෙත් මෑතක සිට දියණිය ඉගෙනුමට දක්වන උනන්දුව අඩු වෙමින් පවතිනවාදෝයි යන සැකය හේමලතාගේ සිතෙහි මෝදු වෙමින් පවතී.

ඇය බලන වාරයක් වාරයක් පාසා දෝණි පෙරළා ගෙන සිටියේ පොතේ එකම පිටුවකි. වෙනදා තරම් උනන්දුවෙන් ඇය පාසල් යන බවක් ද පෙනුණේ නැත. හේතුවක් නැතිවම සමහර දිනවල පාසල් නොගිය ඇය හේතුව විමසද්දී කෝපයට පත් වූවාය.

දියණිය පාසල් යන දින ගණනට වඩා පාසල් නොයන දින ගණන වැඩි වන්නට විය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති


සටහන
චම්පිකා දීපානි රණසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.