වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
ගෙඩි, වණ, තුවාල සුව කරන අගනා ඔසුව
මැයි 3, 2019
“පුපුල”
බොහෝවිට අනවශ්‍ය පැළෑටියක් වශයෙන් උදුරා දැමීමෙන් වඳවීමේ තර්ජනයට ලක්විය හැකි පැළෑටියක් නිසා තවදුරටත් ආරක්ෂා කර ගැනීමට සැලකිලිමත් විය යුතු ඖෂධීය ශාකයකි.
දේශීය වෙදකමේ දී ගෙඩි, වණ, පිළිකා, සර්පවිෂ, කැඩුම් බිඳුම් ආදී රෝගාබාධයන් රාශියකට බහුල වශයෙන් යොදාගනු ලබන ඖෂධ පැළෑටියක් වන පුපුල පොළොං විෂ සඳහා විශිෂ්ට ගුණදෙයි.
පුපුල ශාකය වැවෙන ප්‍රදේශ
ලංකාවට ආවේණික ශාකයක් ලෙස මෙය හැඳින්විය හැකිය. වියළි තෙත් හා අතර මැදි කලාපයේ ලඳුබිම්වල දක්නට ලැබේ. වියළි කලාපයේ හේන් සහ ගෙවතුවල වැටවල් වල සුලබව දක්නට ලැබේ.
ශාකයේ ස්වරූපය
මීටර් 1/2 සිට මීටර් 2 1/2 දක්වා උසට වැඩෙන සාමාන්‍යයෙන් සෘජු පැතිරී වැඩෙන හෝ කලාතුරකින් පැතිරී වැඩෙන පඳුරක් ලෙස දක්නට ලැබේ. මෙහි කඳ බූව සහිතව තිබී හෝ මද බූව සහිතව තිබී පසුව සිනිඳු වේ.
මෙම ශාකයේ පත්‍ර රවිකිඤ්ඤාකාර හෝ අණ්ඩාකාරය. පත්‍ර වටා දාර සහිතයි. පත්‍රවල දෙපැත්තේම බූව සහිතයි. අලංකාරවත් සුදු මල් පිපෙයි. මෙහි හටගන්නා ඵලය චර්මලයි. මෙම ශාකය මොණර කුඩුම්බිය ශාකයෙන් සහ සත්තිකායන් ශාකයෙන් වෙන්කර හඳුනා ගැනීම වැදගත් වේ.
පුපුල ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හැඳින්වෙන නාමයන්.
මෙය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් සහ දේශීය වෛද්‍ය ක්රමයේ පමණක් යෙදෙන ශාකයක් නිසා විවිධ භාෂාවලින් යෙදෙන පර්යාය නාමයන් අප්‍රකටය.
පොදු සිංහල නාමය
පුපුල වන අතර
දෙමළ බසින්
කුප්පිලායි යනුවෙන් යෙදේ.
පුපුල වල උද්භිද විද්‍යාත්මක නාමය
ඍඥපදධදඪච ඥරතචදඪජච (ඹ්) ඹ්ඥඥඵ වන අතර කුලය ඒඵබඥපචජඥචඥ (ඛ්ධථනධඵඪබඥච) හෙවත් නෘංගර්ජ කුලය වෙයි.
පුපුල ශාකයේ ඖෂධ සඳහා ගනු ලබන අංග
මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනු ලබයි.
ත ඖෂධීය ගුණ කර්ම
රසයෙන් - තිත්ත සහ කටුක වන අතර
ත වීර්යය - උෂ්ණ වෙයි
මේ නිසා වාත සහ සෙම් දෝෂ සමනය කිරීමේ ගුණය පුපුල වල ඇත.
පුපුල වල ප්‍රධාන ක්‍රියා සැලකීමේදී,
අස්ථි සංධාන, ඉදිමුම් නසන, වේදනා සමන, ලේ පිරිසුදු කරන, තුවාල පිරිසුදු කරන සහ තුවාල සුව කරන ගුණ පුපුලවල ඇත. මේ නිසා අස්ථි බිඳීම්, වාත රක්ත, ඇදුම, ගෙඩි වණ, අර්ශස්, මුඛ තුවාල, සර්ප විෂ, ගඩු පිළිකා, තුවාල, අර්ශස් සහ භඟන්දරා ආදී රෝග රාශියකට ඖෂධ ප්‍රයෝග ලෙස යොදනු ලැබේ.
පුපුල අඩංගු ඖෂධ යෝග රාශියක් අතුරින් කිහිපයක් නම්
ත පොළොං විෂ බැස්සීම සඳහා
1. පුපුල කොළ, වැල් රුක්අත්තන කොළ, යක්වනස්ස කොළ, කළුවා අල, එක පමණ ගෙන එයට කහ ලුණු දමා කොටා මලවා බඳිනු ලබයි.
2. පුපුල කොළ කොටා මිරිකා ගත් යුෂ උක් පැණි දමා බීමට දෙයි.
3. පුපුල දළු කොටා පෙරා දෙහි ඇඹුල් දමා නස්න කරයි.
4. පුපුල දළු මුත්‍රයෙන් නස්න කරයි.
ඇදුම සඳහා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කථිකාචාර්ය වෛද්‍ය
මධුර පරණවිතාන
෴ සබැඳි ලිපි ෴
ප්‍රවීණ වෛද්‍යවරයකු වූ පීරිස් මහතා තම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේමය. වාත රෝග සඳහා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට දුර...
2023-10-26 18:30:00
ප්‍රදේශයේ ප්‍රවීණ වෛද්‍යවරියක වූ සුමනා මහත්මිය බෙහෙත් ශාලාව පවත්වාගෙන ගියේ තම නිවෙසේ ඉදිරිපස වූ කාමරයේ ය.ළමයින්ගේ රෝග සදහා ප්‍රසිද්ධ වෛද්‍යවරියක් වූ...
2023-10-19 18:30:00
නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා එදිනෙදා ගත යුතු ආහාර ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. විශේෂයෙන් ආහාරයට පළා වර්ගයක් එක්කර ගැනීමෙන් සමේ පැහැපත් බව...
2023-10-19 18:30:00
ආයූර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීවරයෙකු වූ මනෝජ් මහතා දිවා ආහාරයෙන් පසු කාර්යාලයේ සිටින විට ඔහු හමුවීමට පැමිණියේ පාසල් සිසුවෙකි.“සර්. මට ටිකක් සර්...
2023-10-12 18:30:00
නගරයට ආසන්නව බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන විමලා මහත්මිය දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය කර්මයේ නිරත වන්නියකි.තම පියා පවත්වාගෙන ආ බෙහෙත් ශාලාව ඔහුගේ...
2023-09-28 18:30:00
ආයුර්වේද වෛද්‍ය සිසුවකු වන සහන් හට තම නිබන්ධනයක් සඳහා නෙල්ලි ශාකය පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය විය.ඒ සඳහා ඔහු තම ද්‍රව්‍ය ගුණ ගුරුතුමා වන...
2023-09-21 18:30:00
අදින් වසර 2500කට පෙර භාරතය තුළ අධි වන්දනාමනයෙන් යුක්ත එක් දෙවියකු විය.”ඒ මහා බ්‍රහ්මයාය”.භාරතීය ජනයා මහා බ්‍රහ්මයා හැදින්වූයේ සියල්ලේම මැවුම් කාරයා...
2023-09-21 18:30:00
දිවා ආහාරය සදහා දේශන නතර කිරීමෙන් පසු ආහාර ගනිමින් සිටි ආයුර්වේද වෛද්‍ය සිසුන් දෙදෙනකු වූ අසේල සහ සාලිය කතා කරමින් “අදත් පොල් සම්බෝල තියෙනවා. හැමදාම...
2023-09-14 18:30:00
ප්‍රදේශයේ සිටින දක්ෂ කැඩුම් බිදුම් වෙද මහතකු වන සිරිසේන මහතා තම බෙහෙත් ශාලාවේ සිටින විට එම ප්‍රදේශයේම සිටින ගුරුමහතකු වන පියල් තම පුතා සමඟ එහි...
2023-09-07 18:30:00
ඇල්පිටිය ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකු වන සමන්ත වෙත උදෑසනම රෝගියකු පැමිණ “මහත්තයෝ මම බේත් ටිකක් ගන්න ආවේ .” යැයි...
2023-08-31 18:30:00
පිටිසර ගම් පළාතක සිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට පැමිණ ආයුර්වේදය හදාරන අවසන් වසරේ සිසුවියක වන තමාලි, මෙවර නිවාඩුවට ගමේ ගියේ තම හොඳම යෙහෙළිය වන අනුරාධා...
2023-08-24 18:30:00
ෂානි - අපි තුන්දෙනා යමුද වෙද මහත්තය හම්බවෙන්න. කියා ඇසුවේ මල්ලිකාය. ශ්‍රීමා එයට පිළිතුරු දෙමින් කීවේ අන්න හරි යමු ගිහිල්ල අහමු කුළු බඩුවල ඖෂධීය ගුණය...
2023-08-17 18:30:00
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරී රේනුක තම කාර්යාලයේ සිටින විට එහි කාර්යාල කාර්ය සහායකයෙකු වන ලාල් කුඩා ජෑම් බෝතලයක් ගෙන රේනුක ඉදිරියට පැමිණ සිට...
2023-08-17 18:30:00
සහන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා වසරක් වත් නැත.රජයේ රැකියා ලැබෙන තෙක් ඔහු උපන් ගමෙන් ඈත ප්‍රදේශයක පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කර ටික දිනකි. දිනක්...
2023-08-10 18:30:00
තරුණ ආයුර්වේද වෛද්‍යවරයකු වූ අනිල් තම යහළුවෙකු වන නලින් සමඟ සංචාරයක් සඳහා දුම්රියෙන් යාපනය බලා ගියේ නිවාඩු දින තුනක් එකට යෙදී තිබීම හේතුවෙනි. සවස් වන...
2023-08-03 18:30:00
අම්මා - දුවේ සුමනා, තාත්තා පොළට යනව නම් කියන්න වැටකොළු, පතෝල, අළුපුහුල්, පිපිඤ්ඤා, රාබු, අළුකෙසෙල් වගේ එළවළුත්, මුරුංගා කොළ, කතුරුමුරුංගා, නිවිති...
2023-08-03 18:30:00