2023.09.20 බදාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 20, 2023

ඉර උදාව – පෙ.ව. 6.00
ඉර බැසීම – ප.ව. 06.08
රාහු කාලය – දවල් 12.04 - 01.35
සුබ දිශාව – නැඟෙනහිර

මේෂ

නිෂ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ පැවැති ධෛර්යයවත් බව අඩු වී යන බවක් පෙනේ. නිතර සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි. ජලයෙන් පීඩාවිය හැකි කාලයක් බැවින් කල්පනාවෙන් පසුවන්න.

වෘෂභ

ඇසුරු කරන අය නිසා සිතට පී‍්‍රතිය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. සුළු සුළු වස්තුලාභ හිමි කරන දිනයකි. අන් අයගේ ගරු සැලකිල්ලට පාත්‍රවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

මිථුන

ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන දිනයකි. මුදල් අතින් අඩුපාඩුකම් යෙදුණත් එදිනෙදා කටයුතු නිසියාකාරව කරගෙන යන බවක් පෙනේ.

කටක

නිතර ජලයෙන් පීඩාගෙන දෙන දිනයකි. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතුවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට ඉඩකඩ ඇති කරයි.

සිංහ

වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකුගේ ඈත්වීමක් සිදුවීමට ඉඩ ඇත. සහෝදර පක්ෂය සමඟ එකමුතු වී කරන කටයුතු කීපයක් සාර්ථක කරයි.

කන්‍යා

උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් අමතර වෙහෙසීම් ඇති කරයි. දරුවකු සම්බන්ධව සතුටට පත්විය හැකි දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ.වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු කරන බවක් පෙනේ. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. යටපත් වූ ඇගේ පතේ වේදනාවක් නැවත මතු කරයි. කලකින් නොදුටු හිතවතකු හමුවීමට මඟ සැලසේ.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. වාහන ගමන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න.

ධනු

මෙතෙක් පැවැති උදාසීන ගති පැවැතුම් මඟහැරී යයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවන කාලයකි. වෙනදාට වඩා ආගමික නායකයන්ගේ ඇසුර පතන බවක් පෙනේ. අලුත් කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි.

 

මකර

නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට පැටලීමට ඉඩ ඇත. දරුවකු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. තමා හමුවට එන කෙනකු නිසා කල්පනාවෙන් පසු වන්න.

කුම්භ

පවුලේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වෙහෙස මහන්සිවීමට සිදුවන බවක් පෙනේ. අන්සතු වස්තු ලාබයකට හිමිකම් ඇති කරයි. රාත්‍රි ගමන් බහුලවන බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කරන්න.

මීන

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයකු එක්වන බවක් පෙනේ. අලුත් ව්‍යාපෘති කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු සිදු කරයි.

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.