අද දවස

මාර්තු 31, 2024
2024.03.31 ඉරිදා 
 
ඉර උදාව - පෙ.ව. 06.09 
ඉර බැසීම - ප.ව. 06.20 
රාහු කාලය - සවස 04.48 - 06.20 
සුබ දිශාව - දකුණ  
 
මේෂ
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි දුර ගමනකට සහභාගිවීමට කටයුතු සැලසේ. නීති කටයුත්තකට අත ගැසීීමට සිදුවන බවක් පෙනේ. 
 
වෘෂභ 
ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. 
 
මිථුන 
දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. 
 
කටක 
වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. සුළු සුළු වැටීම් තැළීම් වැනි ආබාධ සිදුවිය හැකි බවක් පෙනේ. 
 
සිංහ 
හිතුවතුන් සමඟ දුර ගමනකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. වංචා රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. 
 
කන්‍යා 
අලුත් බලාපොරොත්තු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි. ගතට සිතට සැනසිල්ල උදාකරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. 
 
තුලා 
සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
වෘශ්චික 
සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. නිතර අඅලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. 
 
ධනු 
පැවැති අපහසුතා කීපයක් මඟ හැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සතුට සැනසීමට කරුණු ඇති කරන දිනයකි. රැකියාවේ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ. 
 
මකර 
ශාරීරික වෙහෙසීම් වැඩි කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු සිදු කරයි. 
 
කුම්භ 
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ සැලසුමක් සාර්ථක කරන දිනයකි. 
 
මීන 
යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. අන්සතු වස්තු ලාභයකට වෙහෙසෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු කීපයක් සිදු කරන බවක් පෙනේ.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.