2024.04.01 සඳුදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 1, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.09
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - උදේ 07.40 - 09.12
සුබ දිශාව - නැගෙනහිර

 

මේෂ

විවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා සිතේ අවුලෙන් කටයුතු සිදුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

වෘෂභ

වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට කරුණු ඇති කරයි. සෙම් රෝග බහුල දිනයකි.

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ලැබීම් අතින් යහපත් වුවත් වැය පස අධික කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතාබලන්න.

කටක

ශාරීරික වෙහෙස ගෙන දෙන දිනයකි. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. තැන තැන ඇවිදිලි වැඩිකරන දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණපෑමට ඉඩ ඇති බැවින් පෙනේ.

කන්‍යා

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා සිතේ පී‍්‍රතියෙන් කටයුතු කරන දිනයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

තුලා

ශාරීරික සුවය ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘශ්චික

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙන්නුම් කරයි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි.

ධනු

පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

මකර

අතමිට මුදල් ගැවසුණත් වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. හදිසි තීරණයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ලාභ ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ.

මීන

වගකීම් බහුල දිනයකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.