2024.04.03 බදාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 3, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.08
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - දවල් 12.14 - 01.46
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

පවුලේ වගකීම් වැඩි කරයි. එමෙන්ම වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් ද පෙන්නුම් කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි.

වෘෂභ

විශ්වාසවන්ත කෙනකුගේ අසුරට කටයුතු උදා කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙන්නුම් කරයි.

මිථුන

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. වියදම් බහුල දිනයකි.

කටක

පැවැති වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

සිංහ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වියදම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. වගකීම් වැඩිකරන දිනයකි.

කන්‍යා

අලුත් බැඳීමකට කටයුතු උදා කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙන්නුම් කරයි. දුරගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගනී. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

වෘශ්චික

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

මකර

නොසිතූ සිත් කලකිරීමක් ඇති කරයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදුකරන බවක් පෙනේ. වියදම් අධික වන දිනයකි.

 

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. උදරගත ආබාධයකින් සුවය හිමි වේ.

මීන

ලැබීම් අතින් යහපත් දිනයකි. නොගැලපෙන ඇසුරකට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත. ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.