2024.04.04 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - දවල් 01.45 - 03.17
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

වෘෂභ

අමතර ලැබීම් සහිත දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. නිතර සහෝදර පක්ෂය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ.

කටක

නැති වූ දෙයක් නැවත හිමි කරයි. වෙනදාට වඩා පොත්පත් ලිපි ලේඛන කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන දිනයකි.

සිංහ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. තැන තැන ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. සිත් රිදවීම් ඇතිවීමට ඉඩ ඇති දිනයකි.

කන්‍යා

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර අතමිට මුදල් සරු කරන මාර්ග කිපයක් යෙදෙන දිනයකි.

තුලා

අමතර දේ හිමිකරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ වෙහෙසෙන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන දිනයකි.

වෘශ්චික

බැඳීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන බවක් පෙනේ.

ධනු

පැවැති බාධා කීපයක් මඟහැරී යයි. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. සුළු සුළු කැපීම් සීරීම් ආදී තුවාල සිදුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා කල්පනාකාරී විය යුතු දිනයකි.

කුම්භ

රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. නිතර සමාජ සේවා කටයුතු පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. වැඩිහිටි උපකාර හිමිකරන දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. එහෙත් වියදම් පක්ෂය අධික කරන දිනයකි. පොත්පත් ලියකියවිලි ගැටලුවකට මුහුණපායි. හදිසි ලැබීම්වලට හිමිකම් ඇති බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.